(මොහොමඩ් ආසික්)
ගම්මිරිස් වගාවට විශාල තර්ජනයක්ව පවතින ඉක්මන් මැලවීමේ රෝගය සහ කඳන් විඳින කුරුමිණියාගේ හානිය නැවතත් දිවයින පුරා ගම්මිරිස් වගාවට ව්‍යාප්ත වෙමින් පවතින බව අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පර්යේෂණ මධ්‍යස්ථානය පවසයි.
එම දෙපාර්තමේන්තුවේ මධ්‍යම පර්යේෂණ මධ්‍යස්ථානයේ ශාක ව්‍යාධි විද්‍යා අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ (පර්යේෂණ) රෝහණ විජේකෝන් මහතා පවසන්නේ මේ වන විටත් බදුල්ල, රත්නපුර හා මහනුවර දිස්ත්‍රික්කවල ගම්මිරිස් වගාවන් තුළ මෙම රෝග වාර්තා වන බවයි.

එසේම ඉදිරියේදී මෙම රෝගයන් හා පලිබෝධ හානි පාලනය නොකලොත් ගම්මිරිස් වගාවට විශාල තර්ජනයක් වෙමින් දිවයින පුරා පැතිරයාමට ඉඩකඩ පවතින බවද ඒ මහතා ප්‍රකාශ කළේය.
තදවැසි කාලවලට පසුව එන වියළි කාලයේදී ගම්මිරිස් වැල්වල පත්‍ර හා පුරුක් හැලීයාම, පත්‍ර කහපැහැවීම, කහ පැහැ වූ පත්‍රමත තද කළු පැහැති පැල්ලම් දක්නට ලැබීම, රෝගය වැළඳී සති 2ක් 3ක් අතර ගම්මිරිස් වැල් මියයාම ඉක්මන් මැලවීමේ රෝගයේදී දක්නට ලැබෙන ලක්ෂණ අතර වේ.
එසේම ගම්මිරිස් වැල් වනසන කඳන් විඳින කුරුමිණියාගේ හානියද මේ වනවිට දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් වාර්තා වී තිබෙන බව විජේකෝන් මහතා සඳහන් කළේය.

මෙහිදී ගම්මිරිස් පත්‍ර වියළීමට ලක් වුව ද එම පත්‍ර ගම්මිරිස් වැළෙන් වෙන් නොවන අතර දුරසිට බලන විට ගම්මිරිස් වැල් පිළිස්සී ඇති ආකාරයක් දක්නට ලැබේ. ගම්මිරිස් වැලේ කඳ පලා බැලුවිට කඳේ ඇතුළත සුදු පැහැති පනුවන් අභ්‍යන්තර කොටස් කා දමා ඇති ආකාරයද දක්නට ලැබෙන බව නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා සඳහන් කළේය.
මෙම රෝග පාලනය සඳහා හානියට පත් වු ගම්මිරිස් වැල්වල කොටස් කපා පුළුස්සා දැමිය යුතු බවත් ඒ සඳහා නිර්දේශිත කෘමිනාශකයක් යෙදිය යුතු බවත් රෝහණ විජේකෝන් මහතා තව දුරටත් කීය. රෝගය පාලනයට අවශ්‍ය උපදෙස් අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ දිස්ත්‍රික් කාර්යාලවලින් සහ සෑම බදාදා දිනකම ගොවිජන සේවා මධ්‍යස්ථානවල සිටින අපනයන කෘෂිකර්ම ව්‍යාප්ති නිලධාරී මහත්වරුන්ගෙන් නොමිලේ ලබා ගත හැකි බවත් මේ පිළිබඳ වැඩි විස්තර 066- 2222822 හෝ 0812 388651 දුරකථන අංකය අමතා ලබා ගත හැකිබවත් නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා කීය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර ග්‍රාම නිලධාරි කාර්යාලවල ඉඳන් නිදියගන්න කෘෂි සංවර්ධන නිලධාරීන් කියන අයට බැරිද ගමේ ගම්මිරිස්, පොල්, කෙසෙල් වගේ වගාවලට ගිහින් බලලා උදව් කරන්න. මේ අය ඉන්නේ නිකම් පඩි අරන් නිදියන්නද?
මේ ගම්මිරිස් රෝගය ආනයනය කල එක්කද? කෑගලු දිස්ත්‍රික්කයේ සෑම ඉඩමකම ගම්මිරිස් වවල තිබෙනවා. ඒවාට රෝගය සැදුනොත් ගම්මිරිස් ආනයනය කරන්න වෙනවා.
පානදුර මගේ නිවසේද මෙම රෝගය තිබෙනවා
රස්සාවට එන්න ඉස්සෙලා පුළුවන් තරම් යහපලානේ ගේන්න කැන්වසින් ගියා. දැන් ඒවාට හරියන්න තමයි නිකන් ඉන්නේ විවේක ගන්න.
ගම්මිරිස් තිබිලා වැඩකුත් නෑ. මීට අවුරුදු පහකට කලින් රුපියල් 1300 ට තිබුණු මිළ අද රුපියල් 500 යි. වගාව නඩත්තුවටයි අස්වැන්න නෙළන්නයි යන වියදමවත් නෑ.
යුද්දෙන් පසුව ලංකාවේ බෝග වගාවට, මිනිසුන්ට පැතිරුණු රෝග ප්‍රමාණයේ වැඩිවීමක් තියෙනවා. මේවා බලෙන් කරන දේවල් වෙන්න බැරිද ?