ශ්රී ලංකාවේ කෙසෙල් වගාව හා ධීවර කර්මාන්තය දියුණු කිරීමේ අරමුණින් එම ක්ෂේත්‍ර වල ඇති ආයෝජන අවස්ථාවන් පිළිඹද සොයා බැලීමට ජපාන සමාගමක් සැරසේ.
ජපානයේ ඉටොචු (අයි.ටී.ඕ.සී.එච්.යූ.) සමාගම මේ සදහා ඉදිරිපත්ව ඇතැයි ආර්ථීක සංවර්ධන අමාත්‍යංශය නිවේදනය කර සිටී.
සමාගමේ නියෝජිතයින් හා ආර්ථීක සංවර්ධන අමාත්‍යංශයේදී පැවැති හමුවකදී මේ කරුණු සදහන් කෙරුණි.
සමාගම් නියෝජිතයින් හමුවේ කරුණු පැහැදිලි කළ ආර්ථීක සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවේ පළතුරු හා ධීවර කර්මාන්ත වලට හොද වෙළදපොලක් ඇතිවෙමින් පවතින බව පෙන්වා දෙයි. දශක 3 ක යුද්ධයකින් පසු පිබිදෙන ශ්‍රී ලංකාවේ දැන් පවතින දේශපාලන ස්ථාවරත්වය,සාමකාමී වාතාවරණය වැනි කරුණුත් දක්ෂ ශ්‍රමිකයන් සපයා ගැනීමට හැකි වීමත් නිසා ශ්‍රී ලංකාව ආයෝජනයන්ට සුදුසුම රටක් යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එක පාරක් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ හිටපු දමිල මහාචාර්යවරයෙක් ලංකාවේ කොතල හිබුටු වලින් පරීක්ෂණයක් කරලා ඒකේ පේටන් බලපත්‍රය ජපානෙට දුන්නා. දැන් අපේ රටේ වැවෙන කොතල හිබුටු වලින් කරන සියලුම නිෂ්පාදනවල අයිතිය තියෙනේ ජපානෙට. එක නිසා පරිස්සමෙන් කරන වැඩක්. (නි)
ගොඩක් අය දන්නේ නැතුවට දැනටමත් ඩොලේ කියන වෙළද නාමෙන් ලෝකේ වටේ විකුණන කෙසෙල් වවන්නේ ලංකාවේ තමයි. (නි)
අපිට ජපනගේ උදවු නැතුව කෙසෙල් ගහක්වත් වවාගන්න බැරිද ? (නි)
කෙසෙල් වවන්නද අයි ජපානෙන් උදව් ගන්නේ? (නි)
කොහොමත් ජපානේ අය ලංකාවේ කෙසෙල් වලට කැමතියිලු. හැබෑද ඒ කතාව? (දී)
සාමානයයෙන් මම නීල් රානාගේ අදහස් වලට විරුද්ධයි. නමුත් මේ අදහසට මම එකගයි. හේතුව , මතකද අපේ දොඩන් වගාවට ඔය වගේ උදව් කරන්න ඇවිල්ලා උනදේ. අනික ජපානය අපිට ආදරයට කිසිම දෙයක් දීල නැහැ. ඒ අයගේ දිරපු යකඩ පටිවල අපගේ ඉදිරියට ආපු මෝටර් රථ කර්මාන්තය විනාස කරලා අද ලක්ක්ෂ ගණන් වලට එයාලගේ මෝටර් රථ විකුනනවා. මේවා එයාලගේ දිගුකාලීන සැලැස්මවල්. කිසිම කෙනෙක් යමක් බන්දේසියේ දාල නිකම් දෙන්නේ නැහැ.(නදී)
ජපානයට කෙසෙල් ගෙඩි ආනයනය කරන්නේ වැඩිපුරම මැලේය්සියාවෙන් .(අ)
අනේ එහෙනම් ඇමෙරිකාවටත් කෙසෙල් ,යාපනේ අඹ එවන්න පුලුවන්ද.අපිට කන්න තිබෙන්නේ මෙලෝ රහක් නැති කොළපාටට හුරු කෙසෙල් වර්ගයක් හා අපි ලංකාවේ කඩලා බෝල ගහන අර ගෙවල් ඉස්සරහ මිනිසුන් ලස්සනට වවන රතු පාටට හුරු බෝල අඹ තමයි (අ)
සිංගප්පූරුවේ ඊස්ට් කෝස්ට් වෙරල ඇතුළු වෙරළේ බොහෝ තැන් දුෂිතයි. බැක්ටීරියාවක් මුහුදු වතුරේ තිබෙන නිසා නාන්න එපා කියලා බෝඩ් ගහල තියනවා. දියුණු වන රටවලට ජපනා අනුගමනය කරන්න එපා කියල ජපනම කියනවා. වායුගෝලය උණුසුම් වීම සාගර ගොඩ ගැලීම (හරිත නිවසාචාරණය )ඔය දියුණුවන ලෝකෙ තව අවුරුදු 100 වත් තියේවිද කියනෙක තමයි සැක.(නදී)
වවන්නෝ දිනන්නෝ කියා කියා කෝටි ගණන් වියදම් කර කර රට වටේ දුවන අපේ දේශපාලකයෝ ලැජ්ජා විය යුතුයි. කෙසෙල් කොරටුවක් වවාගන්න ජපනගේ උදවු නැතුව බැහැ. (නි)
යුරෝපයේ සමහර රටවල කෙසෙල් කිලෝ එක විකුණන මුදලට ජපානයේ එක කෙසෙල් ගෙඩිය විකිනෙනවා. අපේ ගොයියන්ට කෙසෙල් වගා කරගන්නත් ජපන් ආධාර නැතුව බැරිනම් එහෙව් ගොවියෝ සියදිවි නසාගන්න එකමයි හොඳ උපන් දේශයට ලජ්ජා නොකොට. අච්චර විශාල පැසිෆික් සාගරයේ ඉන්න නීතියෙන් ආරක්‍ෂිත තල්මසුන්ටවත් යහතින් ජීවත් වෙන්න නොදෙන අමු මාළුත් කන පිළිහුඩු ජාතියක් වන ජපනාට ලංකාවේ මුහුදු තීරයේ මාළු ටිකත් ඩහැගෙන යන්න දුන්නොත් ලෝකයේ බුද්ධිමත්ම රට බවට ලංකාව ගීනස් පොතට යයි. යන යකා කොරහත් බිඳගෙන යනවා වගේ වැඩ නොකොට ජනතාව එලවපු ධීවර ඇමති කලයුත්තේ ලංකාවේ ධීවර කර්මාන්තය නගාසිටුවිය හැකි වැඩක් කල හැකි දක්ෂයන්ට ඉඩදී ඉක්මනින්ම වැඩබැරි නිලධාරීන්ද සමග ඉවත්ව යාමයි. (නදී)
පහන් ....මේ පරිසර විනාසයට ඇමෙරිකාව හා චීනයත් මුලටම ඉන්නවා ..ඒ නිසා මෙම රටවල් දෙකම ක්යෝතෝ ගිවිසුම අත්සන් කිරීම ප්‍රතික්ෂේප කළා.(අ)
ජපානය කාර්මික වගේම කෘෂිකාර්මික රටක්. යන්ත්‍ර උපකරණ වගේම සෑම එලවලුවක්ම ප්‍රමිතියකට නිපදවනවා. ඔවුන්ගෙන් උපකාර ගන්න එක වරදක් නැහැ.(නදී)
ජපානයට කෙසෙල් ගෙඩි වැඩි වශයෙන් ආනයනය කරන්නේ මැලේසියාවෙන්. ලස්සනට ලේබල් ඇලවූ ,කහ පහැති,නොතැලිච්ච ඇම්බුම් ඇවරියක්ම ගන්න පුළුවන් රු:150/=ක වටිනාකමකට. නමුත් අපේ තරම් රස නැ. ටෝකියෝ උඑනෝ මාර්කට් එකේ ගන්න පුළුවන් කිලෝ 5,6 ක පමණ කෙලවල්ලෙක් රු: 400/=, 500/= වටිනාකමකට. පොඩි මාළු නම් තවත් අඩුයි. වසබි ජලයේ හැදෙන පැලෑටියක්. (මිංචි සුවඳ)එයින් සාදා ගත් පෙස්ටි,(ටිකක් සැරයි) මාළු කෑල්ලේ තවරා ගෙනයි අනුභව කරන්නේ අමුවෙන් කන ජාතියක් නම් නොවෙයි. වටේම සාගරය. ජපනුන්ට අපෙන් උවමනා කෙසෙල් ගෙඩියකුත් නැහැ. මාලුවෙකුත් නැහැ. ධීවර කර්මාන්තය අපේ අය සමග කරන වා නම් කාලගුණයත් හරියටම කියයි. අනතුරුත් සිදු නොවෙයි. කෙසෙල් ගෙඩි ,කෙඳි වලින් අතුරු නිශ්පාදන රැකියා කොපමණද ? ජපන් මිත්‍රත්ව පාලම ,රුපවාහිනිය,ජයවර්දනපුර රෝහල වසරක් පාසා දෙන ශිස්ෂ්‍යත්ව, ගිලන් රථ,රෝද පුටු ,ඇස්කන් නාඩි , නිකන් දෙනකොටත් අපේ අයට අගේ නැතිකමයි කණගාටු. මේ දෙක පමණක් නෙවේ ඉටොචු සමාගමත් රජයත් සම්බන්ධවෙලා රටතුල ජපන් සාරි නිෂ්පාදනය, ඛනිජ සම්පත් වලින් උපාංග, දුම්රිය සේවය, ඖෂද, ඉදිකිරීම් කටයුතු වැඩි දියුණු කිරීමට ජපන් සහයෝගය අනිවාර්යයෙන්ම ලබාගැනීම කඩිනම් සංවර්ධනයට ඉමහත් රුකුලක්. රටත් ,ජාතියත් කඩිනමින් ගොඩ ගැනීමට ගත් උපාය මාර්ගය ගැන බැසිල් රාජපක්ෂ ඇමති තුමාට මාගේ ප්‍රණාමය.(නදී)
පහන් ඔබ ඔය කියන කෙසෙල් ගෙඩි වර්ගය තමා මුළු මැද පෙරදිගමත් තියෙන්නේ. ඒ විතරක් නොවේ චිනෙත් මන් දැක්කා ඔය කෙසෙල් ගෙඩි වර්ගය තියනවා.(නදී)
ගාමිණී සිරි, මම ඔබේ බොහෝ අදහස් හා එකගයි. ජපානයට පිලිපිනයෙනුත් කෙසෙල් හා අන්නාසි එනවා ඩොලේ නමින්. එන්නේ මැලේසියන් එක.සකේ (සලමොන්)මගුරෝ (ටුනා)වසබි ගාලා කෑවත් අමුවෙන් තමයි කන්නේ, හරක් මස් උමා(අශ්ව)මස් පවා අමුවෙන් කනවා .අනික අපේ වෙරල සහ මුහුද තරම් ජපාන වෙරල ලස්සන නැහැ. මම හකොදතේ ,සහ හිතාචි වෙරලවලට ගොස් තිබෙනවා. ඕසෝන් එකේ වැඩිහරියක් හිල් කරන්නේ ජපනුන්. කාබන් මොනොක්සයිඩ් 80% වායුගෝලයට දානකොට අනිත් මුළු ලෝකෙම 20% දාන්නේ (නි)
කෙසෙල් වලට පනුවො ගහන එක නවත්වන්න පුලුවන්නම් ලොකු දෙයක්.(නදී)
හොද වැඩක් ජය වේවා!!!! (නි)
නීල් රනා, ඔබතුමා ලේඛකයෙක් නේද ?පටු විදිහට හිතන එක ගැන මට පුදුමත් හිතුනා. ගාමිණී සිරි කියන කතාව මමත් අනුමත කරනවා. හැමදෙයක්ම දේශපාලන කෝණයෙන් බලන එක වැරදියි (නි)
ගාමිණී-සිරිගේ අදහස් හා එකගයි. අසුභවාදී විදිහටම හිතන්න නාකයි.(නදී)
හැමදේකටම ලොකු ලොක්කන්ට ඇගිලි දික්කරන සමාජයක් අද බිහිවෙලා තියෙන්නේ. මෙහෙම වෙලා තියෙන්නේ මිනිස්සුන්ගේ කම්මැලිකම නිසයි (නි)
දැන් ඔක්කොම කරන්නේ බැසිල් මහතා. අනිත් අය එයාට කඩේ යනවා.(නදී)
චඃ නියමයි, කෙසෙල් ගෙඩියටත් තැනක්. මමත් බලාගෙනමයි උන්නේ. මා ලඟ ඇවරිත් නෑ, මලුත් නෑ, කැනුත් නෑ. බලමුකෝ.(නදී)
කෘෂි විද්‍යා ආයතන ලංකාවේ ඕනෑවටත් වැඩියි. ඒ විතරක් නොවේ ජාන තාක්ෂණ ආයතනත් එහෙමමයි. කොම්පඤ්ඤවීදිය හන්දිය මැද්දේමත් ජාන පර්යේෂණ ආයතනයක් දාලා තියෙනවා දැක්කා. මේ ආයතන වල නිකන් මාස් පඩි කන මිනිස්සු දැන්වත් වැඩක් කරන්න පටන්ගන්න ඕනෑ. ලෝකෙ පුරාම කෙසෙල් අපනයනය වෙන්නේ මැලේසියාව, පිලිපීනය හා ලතින් ඇමෙරිකානු රටවලින්. ඒවා මෙලෝ රහක් ගුණක් ඇති කෙසෙල් වර්ගයක් නොවන නිසා අපේ උසස් ගනයේ විවිධ රසැති කෙසෙල් යුරෝපයට, ඇමෙරිකාවට හා උතුරු ආසියාවට හඳුන්වාදීමේ කාර්යක්ෂම වැඩපිළිවෙලක් ආරම්භ කළ යුතුයි. කෙසෙල් යනු කෘමි නාශක හෝ කෘතීම පොහොර අත්‍යවශ්‍ය බෝගයක් නොවේ. මේවා වගාකිරීමේ හැකියාව මේ රටේ ගොවියන් සතුයි. ධීවර කර්මාන්තයට අවශ්‍ය විද්‍යාත්මක හා තාක්ෂණ ක්‍රමවේද පිලිබඳ පර්යේෂණ, වැඩිදියුණු කිරීම හෝ ජාත්‍යන්තරව භාවිතා වන එවැනි ශිල්පක්‍රම මෙරට ධීවරයන්ට හඳුවාදීම නාරා ආයතනයෙන් හෝ සිදුවන්නේ නැහැ. ධීවරයෝ පළපුරුද්දෙන් මාළු අහිං හොයනවා විනා කිසිදු තාක්ෂණික උපක්‍රමයක් ඔවුන්ට ලබාදී නැහැ. විදේශවල සිටින ලාංකිකයන් දන්නවා ඉන්දියන් සාගරයේ මාළු තරම් පැසිෆික් සාගරයේ මාළු රස නැතිබව. එබැවින් අපේ මාළුවලට හොඳ ජාත්‍යන්තර වෙළඳපොළක් තිබෙනවා. ධීවර විශ්ව විද්‍යාලයත් සුදු අලියෙක්. දැන් අවශ්‍යවන්නේ අවංක දක්ෂයන් සමග ක්‍රියාත්මක වීමයි. (දී)
අර කෘෂි විද්‍යා ආයතන,කෘෂි විද්‍යා පීට විසුරුවා හරින්නයි තියෙන්නේ. ජාන වෙනස් කරගන්න, මුහුන් බිජ හදා ගන්න තියා කෙසෙල් කොරටුවක් වවා ගන්නත් ජපානය නැතුව බැරි නම් මොකටද ඔය ආයතන. (නි)