IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


කොටස් වෙළෙඳපොළේ සභාපති ධුරයට දුමිත් ප්‍රනාන්දු

කොළඹ කොටස් වෙළෙඳපොළේ සභාපති ධුරයට දුමිත් ප්‍රානන්දු මහතා පත් කර ඇත.

රේ අබේවර්ධන මහතාගේ තුන් අවුරුදු ධුර කාලය අවසන් වීමත් සමඟ පුරප්පාඩු වන සභාපති ධුරය සඳහා දුමිත් ප්‍රනාන්දු මහතා පත් කර ඇති අතර ලබන මස 1 වැනිදා සිට බල පැවැත්වෙන පරිදි එම පත් කිරීම සිදු කර ඇත.

දුමිත් ප්‍රනාන්දු මහතා 2017 වසරේ සිට කොළඹ කොටස් හුවමාරුවේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයෙක් ලෙස ද කටයුතු කරයි.
ආයෝජන බැංකු සමාගමක් වන ඒෂියා සෙකි්‍යුරිටීස් හෝල්ඩින්ග්හි සභාපතිවරයා වන දුමිත් ප්‍රනාන්දු මහතා යුනියන් ඇෂුවරන්ස්, සිංගර් ශ්‍රී ලංකා යන සමාගම්වල ස්වාධීන අධ්‍යක්ෂවරයකු ලෙසත් ලංකා වාණිජ මණ්ඩලයේ ආර්ථික ප්‍රතිපත්ති හැසිරවීමේ කමිටුවේ සාමාජිකයෙක් ලෙසත් කටයුතු කරයි.

වසර 25කට අධික කාලයක් ජාතික හා ජාත්‍යන්තර ප්‍රාග්ධන වෙළෙඳපොළ අත්දැකීම් ඇති ප්‍රනාන්දු මහතා සිය වෘත්තීය ජීවිතය තුළදී  නිව්යෝර්ක් හා හොංකොං හි ජේ.පී. මෝගන් චේස් සහ ක්‍රෙඩිට් සුයිස් යන ගෝලීය මූල්‍ය ආයතනවල විවිධ තනතුරු හොබවා ඇත.

හෙතෙම ක්‍රෙඩිට් සුයිස් මූල්‍ය සමාගමේ ආසියා ශාන්තිකර ශාඛාවේ කළමනාකාර අධ්‍යක්ෂ හා ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ලෙසත් එම සමාගමේ ගෝලීය නායකත්ව කවුන්සිලයේ සාමාජිකයකු ලෙසත් කටයුතු කර ඇත.

ඇමෙරිකා එක්සත් ජනපදයේ මිඩ්ල්බරී කොලේජියෙන් සිය ප්‍රථම උපාධිය ලෙස ගෞරව සහිත ශාස්ත්‍රවේදී උපාධියක් ලබාගත් ප්‍රනාන්දු මහතා ‘හාවඩ් බිස්නට් ස්කූල්’ විශ්ව විද්‍යාලයෙන් ව්‍යාපාර පරිපාලනවේදී (එම්.බී.ඒ) උපාධිය හිමි කරගෙන ඇත.

055



අදහස් (0)

කොටස් වෙළෙඳපොළේ සභාපති ධුරයට දුමිත් ප්‍රනාන්දු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 183 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 159 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 961 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site