IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


එදා වගේ බිස්නස් දැන් නැහැ

මල්වත්ත පාරේ වෙළෙද ව්‍යාපාරික මහින්ද ගුණසේකර


මනීෂා වීරසිංහ


කොළඹ කොටුවේ මල්වත්ත පාර එදා මෙන්ම අදත් සපත්තු හා බෑග් වෙළෙඳාමට නම් දැරූ වීදියකි. මේ දිනවල මල්වත්ත පාරේ සපත්තු සහ බෑග් වෙළෙඳාමේ තත්වය සම්බන්ධයෙන් සොයා බැලීමට ගිය ගමනේ දී මිස් මොනවද බැලු‍වේ. මේවා ඔරිජිනල් ලෙදර් බඩු, කීයටද කුට්ටමක් බලන්නේ, ආයේ වෙන ගන්න තැනක් නෑ, මෙතන විතරයි. සාප්පුවක් පසුකරන වාරයක් ගානේ මේ වචන පෙළ අපට අසන්නට ලැබිණ. ඒ ගිය ගමනේ දී පාවහන් සහ බෑග් අලෙවිකරුවකුවන මහින්ද ගුණසේකර මහතා දැක්වූයේ මෙවන් අදහසකි.

 

Q: මේ දිනවල බිස්නස් කොහොමද?
මම මේ වීදියේ බිස්නස් කරන්න පටන්ගෙන දැන් වසර 10කට ත් වඩා වැඩී. මේ පාර උත්සව සමය, නව පාසල් වාරය ආරම්භය කියලා සැලකිය යුතු මට්ටමක බිස්නස් එකක් තිබුණේ නැහැ. බඩුවල මිල ගණන් ඉහළ ගියාට පස්සේ දැන් වසර කිහිපයක ඉදන් ලොකු බිස්නස් එකක් තිබුණේ නැහැ. සමහර කාල තිබුණා සතියේ දවස්, සති අග දවස් කියලා වෙනසක් නැතිව බිස්නස් තිබුණු. එහෙම කාලයක් අපි හුඟ කාලෙකින් දැක්කේ නෑ. ගිය වසරට සාපේක්ෂව මෙච්චර ප්‍රමාණයකින් අඩුයි කියන්න බෑ මේ පාර බිස්නස් සාමාන්‍ය මට්ටමක තමයි තියෙන්නේ.


Q: බිස්නස් අඩුවීමට බලපෑ හේතු මොනවාද?
දැන් මිනිස්සුන්ට සපත්තු කියා දවසේ කෑම වේල සරි කරගන්නවත් බැරි කාලයක්. පාරිභෝගිකයන්ගේ ආර්ථිකය කඩා වැටීම බිස්නස් අඩුවෙන්න හේතුවක් කියලා හිතනවා. මේ වෙද්දී වෙළෙඳපොළේ විවිධ මාදිලියේ බෑග්, පාවහන් ආශ්‍රිත නිෂ්පාදන ඇති වෙනකම් තිබුණාට ඒවායේ මිලේ අඩුවීමක් වෙලා නැහැ. එනිසා පාරිභෝගිකයන් ලාබෙට තියෙන තැන්වලින් ඔවුන්ට අවශ්‍ය භාණ්ඩ මිලදී ගන්න යොමුවෙලා ඉන්න නිසා අපේ බිස්නස් මේ වෙද්දී කඩා වැටිලා තියෙන්නේ. වෙනදා ගම්වල ඉඳන් මිනිස්සු මල්වත්තට ඇවිත් භාණ්ඩ අරන් ගියා. දැන් එහෙම නෑ. දැන් මිනිස්සු තමන්ගේ අතේ ඇති මුදලට අඩු මිලකට භාණ්ඩ මිලදීගන්න පුරුදුවෙලා ඉන්නේ. අතේ මිටේ ලොකු මුදලක් නැති නිසා භාණ්ඩයේ කල්පැවැත්මට වඩා මිල අඩුවීම ගැන තමයි බලන්නේ. 

ඡායාරූපය : ඉසුරු පෙරේරා

 



අදහස් (0)

එදා වගේ බිස්නස් දැන් නැහැ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 67 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 725 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 348 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site