IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


එක්සත් ජාතීන්ගේ ළමා ප්‍රඥප්තියට වසර 30 ක්

(හර්ෂණ තුෂාර සිල්වා)
ළමා අයිතිවාසිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ ළමා ප්‍රඥප්තියට වසර 30ක් පිරීම සහ විශ්ව ළමා දිනයට සමගාමීව කොළඹ කොටස් වෙළෙඳපොළ කටයුතු ආරම්භ කරමින් සීනුව නාද කිරීමේ විශේෂ උත්සවයක් අද (20) පෙරවරුවේ පැවැත්විණි.

 ඒ අනුව කොළඹ කොටස් වෙළෙඳපොළ කටයුතු ආරම්භ කරමින් එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ ශ්‍රී ලංකා නියෝජිත ටිම් සට්න් මහතා සීනුවා නාද කළේය.

ළමා අයිතිවාසිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය යනු ළමයින් පිළිබඳව තිබෙන ජාත්‍යන්තර නීතිය වන අතර 1989 වසරේ නොවැම්බර් 20 වැනිදා එම ප්‍රඥප්තියට අත්සන් තැබිණි.

ලොව වේගයෙන්ම හා පුළුල්ව අනුමත කළ ප්‍රඥප්තිය වන ළමා අයිතිවාසිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ ළමා ප්‍රඥප්තියට ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 194ක් අත්සන් තබා ඇත. ඊට අමතරව පසුගිය සැප්තැම්බර් මාසයේදී සිය දරුවන් වෙනුවෙන් ළමා අයිතිවාසිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ ළමා ප්‍රඥප්තිය නැවත වරක් අනුමත කළ හා පිළිගත් පළමු දකුණු ආසියානු රට බවට ශ්‍රී ලංකාව පත්විය.

 කොළඹ කොටස් වෙළෙඳපොළේ ප්‍රධාන විධායක නිලධාරී රජීව බණ්ඩාරනායක, එක්සත් ජාතීන්ගේ ළමා අරමුලේ නියෝජ්‍ය නියෝජිත එමා බිංහැම්, එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ සන්නිවේදන විශේෂඥ ජෙරමි ස්ප්‍රිජ්, එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා කාර්යාලයේ වැඩබලන නේවාසික සම්බන්ධීකාරක ආචාර්ය රසියා පෙන්සේ, එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ ළමා ආරක්ෂණ නිලධාරි මිහිලාර් මොහොමඞ්, එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ මූල්‍ය නිලධාරී රූතී පැල්පොල සහ එක්සත් ජාතීන්ගේ සෞඛ්‍ය හා පෝෂණ නිලධාරී වෛද්‍ය ධම්මකා රොවෙල් යන මහත්ම මහත්මීහු ද මෙම අවස්ථාවට එක්වූහ. 

 
 
 
 
 



අදහස් (0)

එක්සත් ජාතීන්ගේ ළමා ප්‍රඥප්තියට වසර 30 ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 610 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 295 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site