උසස් පෙළට අලූතින් තාක්ෂණික විෂය ධාරාවක් එක් කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය සැරසේ.
උසස් අධ්‍යාපන අමාත්‍යංශය,තරුණ කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍යංශය හා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව මේ සදහා මුලිකත්වය ගෙන සිටී. දිවයින පුරා පිහිටි පාසැල් 200 කට මේ විෂය ධාරාව හදුන්වාදීමට නියමිතය. අඩුම තරමින් ඡුන්ද කොට්ඨාසයක පිහිටුවන පාසල් වලින් එකකටවත් නව විෂය ධාරාව හදුන්වාදීම අධ්‍යාපන අමාත්‍යංශයේ අපේක්ෂාවයි.
මේ සදහා වන කැබිනට් පති‍්‍රකාව පසුගියදා අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන හා තරුණ කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම යන මහත්වරු කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළහ. ඊට අනුමැතිය හිමි විය.
COMMENTS
හොද ආරම්භයක්.ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය හවුල්කරුවෙක්. (නි)
ඉස්සර තිබුණු යාන්ත්‍රික ඇඳීම විෂයත් නැවත පහල පන්තිවලට එක්කළ හැකියි. ඉතිහාස විෂයට අනවශ්‍ය ලෙස එක්කර ඇති සියලු රජවරුන්ගේ හා ඔවුන්ගේ කටයුතු සිදුවූ වර්ෂ වැනි අතිරේක කොටස් ඉවත්කර දරුවන් බොහෝ සේ පීඩාවට පත් නොකොට අවශ්‍ය දේ උගැන්වීමෙන් පමණක් රටට වැඩදායි ප්‍රායෝගික මිනිසුන් බිහිකළ හැකි වේවි.(නි)
මිනිසෙක් පරිණත වීමට අධාපනය මුලික වෙනවා. රැකියාවේ ඉල්ලුමට මේ හැමදේම බලපානවා. අපි තීරණ ගන්න ඕනෑ අනාගතය ගැන හිතලා. ප්‍රධාන දේ දැනුම. ලෝකේ ගැන අවබෝධය. ඒ වගේම දැනුම රටින් රටට හුවමාරු කරගන්න වෙනවා. අපේ අධ්‍යාපනය යල්පැනගිය එකක්. (නි)
විද්‍යාව, ගණිතය, ඉංග්‍රීසි කලාව, පරිගණක තාක්ෂණය සහ ක්‍රීඩා යන මුලික දේවලින් ලොව ජයගත හැකියි. බලදාරින්ගේ අවදානය පිනිසයි !!!! (නි)
තියන විෂයන් වලින් රට ජාතිය ගැන උගන්වන විෂයන් ඉවත් නොකර, ඉංග්‍රීසි ඇතුළුව තාක්ෂණික විෂයන් ඉගැන්වීම ඉතා හොඳයි (නි)
මම කනිෂ්ට විද්‍යාඥයෙක්. ඒත් මම නම් හිතන්නේ ළමයිනට ඉතිහාසය, සාහිත්‍ය, භාෂාව හා සන්නිවේදනය යන ක්ෂේත්‍ර වල දැනුමත් තාක්ෂණයත් සමග ලැබිය යුතුයි කියල. (සන්නිවේදනය යනුවෙන් මම අදහස් කලේ තොරතුරු සහ සන්නිවේදන තාක්ෂනය නොවේ). කෙනෙක් තාර්කික නිර්මාණශීලී වෙන තරමටම ඔහු හෝ ඇය සමාජ හිතවාදී වෙන්නත් ඕනේ. එසේ නොමැති නම් එම තාක්ෂනය සමාජ විරෝධී ක්‍රියාවලට යොදාගන්න ඔවුන් පෙලබෙන්න පුළුවන්. ඇඩොල්ෆ් හිට්ලර් හොද තාක්ෂණ වේදියෙක් වුනාට සමාජයට ආදරය කලේ නැහැ. එවැනි අය බිහිවීම වැලක්වීමට නම් සාහිත්‍ය සෞන්දර්යය වැනි සෞම්‍ය සිතිවිලි ගොරහැඩි තාක්ෂණික දැනුමත් එක්ක හරි හරියට මුසු කල යුතුයි යන අදහස ඉදිරිපත් කරන්න මම කැමතියි. පවතින තාක්ෂනය නඩත්තු කිරීමට පමණක් මිනිසුන් තැනීම නොකළ යුතුයි. නිර්මාණශීලී මිනිසුන් බිහි කිරීමට අවශ්‍ය සියලු දේ දරුවන්ගේ ඇස ගැටෙන මානයේ තැබිය යුතුයි.(නදී)
මුලික දේ ඉංග්‍රීසි භාෂාව පලමු ශ්‍රේණියේ සිටම විෂයට එක්කිරීම. ඉතිහාසය ඕනෑවට වැඩියි උගන්වනවා. ලෝකෙත් එක්ක යන විෂයන් පාසලට එක්කරන්න ඕනෑ. යල්පැනගිය අධ්‍යාපනයෙන් මිදිය යුතුයි. (නි)
මම 2015 උ/පෙ ශිෂ්‍යයෙක් මටත් මේ තාක්ෂනය කරන්න අවස්ථාවක් ලැබුනා මේ විෂය මාලාව අපු එකනම් ගොඩක් හොදි. මම කලින් භාෂා කරන්න හිටියේ නමුත් මෙකේ ගොඩක් අවස්ථා තියෙනවා. අනෙක් ඒවාට වඩා මම හිතන්නේ මේක හොඳ වැඩක් ස්තුතියි. (ස)