(මනෝජ් හර්ෂික)
ඉස්සන් ආනයනය කිරීමේදී මෙරට ඉස්සන් අස්වැන්න පිළිබඳව ද සොයා බලා ආනයනය කටයුතු කළ යුතු බව කෘෂිකර්ම, වාරිමාර්ග, ග්‍රාමීය ආර්ථික කටයුතු සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී. හැරිසන් මහතා අද (01) පැවැසීය.
ඇතැම් ව්‍යාපාරිකයන් දේශීය ඉස්සන් අස්වැන්න නොතකමින් ඉස්සන් ආනයනය කිරීමෙන් දේශීය ඉස්සන් වගාකරුවන් අපහසුතාවයට පත්ව ඇති බවත් මේ පිළිබඳව සොයා බැලීම සඳහා අමාත්‍යාංශ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කළ බවත් එහිදී කීය.
ඒ අනුව ඉස්සගේ මව් සතුන් ආනයනයේදී පවතින බද්ද අවම කිරීමට සහන සළසා දෙන බවත් ඉස්සන් වගාවේදී පවතින වෛරස් රෝගී තතත්වයන් නිවාරණය උදෙසා විද්‍යාගාර පහසුකම්ද ලබා දීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
ඉස්සන් වගා කිරීමේ සංගමය සමඟ අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී අද (01) පැවති සාකච්ඡාවේදී අමාත්‍යවරයා මේ පිළිබඳව සඳහන් කළේය.
COMMENTS
දැන් ඉස්සනුත් ආනයනය කරනවද?
ඉස්සන් මගුරන් ලොකු වැලි ගොව්වන් මේ දැන් ගෙනාපු මාළු ලාබයි ගන්නකො යාලු මේ රටේ මිනිස්සුන්ට කන්න මාළු පිටරටින් ගෙන්න ඕනද ? ඉතින් රටක් දියුණු වෙයිද?
ලින්නන් විතරයි කියලා අපි හිතුවේ... ඉස්සොත් ගෙන්නනවද? බැරිද මාළු අල්ලන්න පුළුවන් මාලුකාරයින් ටිකක් ගෙන්නන්න. එතකොටවත් අපිට සාධාරණ මිලකට මාළු ටිකක් ගන්න පුළුවන් වේවි... අපේ මාළු අල්ලන අය කරන්නේ උද්ඝෝෂණ විතරක්නේ...
ලංකාවේ ඉස්සෝ ගිනි ගණන්, සමහර දිනවල ලංකාවේ ඉස්සෝ මිල යුරෝපෙටත් වැඩිය වැඩි වේ. තායිලන්තෙන්, ඉන්දුනීසියාවෙන් යන ඉස්සෝ යුරෝපේ අඩු මිලට තිබෙනවා, කරුණාකර ඉස්සන් පිටින් ගෙන්වීම නතර කරන්න ඉස්සරවෙලා ලංකාවෙන් ඉස්සෝ පිටරට යවන එක නතර කරන්න. එතකොට අපට අවශ්‍ය ඉස්සන් වැනි මාලු වර්ග වලින් අපට ස්වයංපෝෂිත වෙන්න පුළුවන්. එතකොට දේශීය විදේශීය සංචාරක කර්මාන්තයට සහ පරිභෝජනයට අවශ්‍ය හොඳ ඉස්සන් පහසු මිලට ලබාගන්න පුළුවන්. දැන් වෙලා තිබෙන්නේ අපේ රටේ තිබෙන හොඳ තත්වයේ අලුත් මාළු අපි රට යවලා, පිට රටින් කුණු මාළු ගෙන්වන එක අතරමැදිය පොහොසත් වෙනවා .
තොප්පිගල යනු කැලයකි. අලිමංකඩ කියලා පාමංකඩ යවනවා. මේ මහබැංකු හොරු පස්සේ යන්න එපා.