- රුපියල් බිලියන 125 ක් වටිනා ඉඩම් සහ සංවර්ධන පිරිවැය අපේක්ෂාවක්
- ද්විතියික උපායමාර්ගික වැදගත්කමක් ඇති ව්‍යාපාර හරහා ඩොලර් මිලියන 364ක විදේශ ආයෝජන
- නව රැකියා 10,000කට වැඩි ගණනක් බිහි කරනු ඇතැයි ඇස්තමේන්තුවක්
- නිමා කිරීමෙන් පසු කොළඹ වරාය නගරයට ඩො.බි. 15 ක ඇස්තමේන්තුගත වටිනාකමක්
කොළඹ වරාය නගරයට ඉදිරි වසර පහ තුළ සාමූහිකව රුපියල් බිලියන 125 ක් පමණ වටිනා ඉඩම් සහ සංවර්ධන පිරිවැය ඇතුළුව ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් මිලියන 262 ක් පමණ වටිනා විදේශීය ආයෝජන ගලා ඒමක් දැකගත හැකි වනු ඇතැයි කොළඹ වරාය නගරය අපේක්ෂා කර සිටියි.
විශේෂයෙන්ම කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනතේ රෙගුලාසි යටතේ අනුමත කර ඇති ප්‍රාථමික උපායමාර්ගික වැදගත්කමක් ඇති ව්‍යාපාර (BSI) තුන වන ප්‍රයිම් මෙල්වා පෝර්ට් සිටි (පුද්) සමාගම සහ බ්‍රවුන්ස් සමූහයේ මරීනා හෝටල් හෝල්ඩින්ග්ස් (පුද්) සමාගම මගින් සිදු කරන මරීනා-ඉදිරිපස නේවාසික සහ මරීනා සංවර්ධන ව්‍යාපෘතිය මෙන්ම හෝම් ලෑන්ඩ්ස් පෝර්ට් සිටි (පුද්) සමාගම, කොළඹ වරාය නගර විශේෂ ආර්ථික කලාපයේ (SEZ) සෙන්ට්‍රල් පාර්ක් යාබදව සිදු කරන මිශ්‍ර - සංවර්ධන ව්‍යාපෘතිය හරහා මෙම පිරිවැය සහ විදේශීය ආයෝජන ගලා එනු ඇතැයි අදහස වී තිබේ.
“මෙම සංවර්ධකයන්ගෙන් ලැබුණු අදහස්වලින් පෙන්නුම් කරන්නේ සැලසුම් කළ නේවාසික සහ මිශ්‍ර - සංවර්ධනය සඳහා අනාගත අවසාන පාරිභෝගිකයන්ගේ සහ ආයෝජකයන්ගෙන් ශක්තිමත් වෙළෙඳපොළ උනන්දුවක් ඇති බවයි.
මෙම ධනාත්මක ඉල්ලුමේ දැක්ම කොළඹ වරාය නගරයේ නැගී එන දේපළ වෙළෙඳාම් වෙත පවතින ආකර්ෂණීය බව ශක්තිමත් කරන අතර, තරගකාරී කලාපීය ආයෝජන ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාවේ අනාගතය පිළිබඳ වර්ධනය වන විශ්වාසය පිළිබිඹු කරනවා.“ යනුවෙන් කොළඹ වරාය නගරය පවසයි.
2026 අප්‍රේල් මාසයේදී කොළඹ වරාය නගරය තුළ සිදු කරන උපායමාර්ගික වැදගත්කමක් ඇති ව්‍යාපාර (BSI) 77කට මෙලෙස කැබිනට් අනුමැතිය හිමි විය. මෙය කොළඹ වරාය නගර විශේෂ ආර්ථික කලාපයේ වර්ධනයේ ප්‍රධාන ඉදිරි පියවරක් ලෙස සැලකෙයි.
මීට සමගාමීව, අනුමත ද්විතීයික උපායමාර්ගික වැදගත්කමක් ඇති ව්‍යාපාර මගින් ඉදිරි කාළය තුළ ආසන්න වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 364 ක විදේශ විනිමය ගලා ඒමක් සිදු කරනු ඇතැයි පුරෝකථනය කර ඇත. එසේම සෘජු රැකියා අවස්ථා 10,000 ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් බිහි කරනු ඇතැයිද ඇස්තමේන්තු කර තිබේ.
විශේෂයෙන්ම මෙම ජයග්‍රහණ 2026 අංක 1 දරන කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා (සංශෝධන) පනත බලාත්මක කිරීමෙන් පසුව සිදු වූ අතර එමඟින් පාලන ව්‍යුහයන් ශක්තිමත් කිරීම, නියාමන අධීක්ෂණය විධිමත් කිරීම සහ විශේෂිත ආර්ථික කලාපය තුළ ව්‍යාපාර කිරීමේ පහසුව තවදුරටත් වැඩි දියුණු කරන ලදී.
“මෙම වර්ධනයන් එක්ව, විනිවිද පෙනෙන, කාර්යක්ෂම සහ ජාත්‍යන්තරව තරඟකාරී ආයෝජන පරිසරයක් නිර්මාණය කිරීම සඳහා ශ්‍රී ලංකා රජයේ සහ කොළඹ වරාය නගර ආර්ථික කොමිසමේ (CPCEC) අඛණ්ඩ කැපවීම පෙන්නුම් කරයි.“
මෙම අනුමත උපායමාර්ගික වැදගත්කමක් ඇති ව්‍යාපාර අතර සමුද්‍රීය හා සැපයුම්, තොරතුරු තාක්ෂණය, ඩිජිටල් ආර්ථිකය, කලාපීය මූලස්ථාන මෙහෙයුම්, සංචාරක හා විවේකය සහ දේපළ වෙළෙඳාම් සංවර්ධනය ඇතුළු විවිධ ක්ෂේත්‍ර පරාසයක් පුරා විහිදේ.
එසේම යටිතල පහසුකම් සංවර්ධනය සහ ජාත්‍යන්තරව වෙළෙඳාම් කරන ලද සේවා සැපයීම යන දෙකටම සහාය වීම සඳහා නිර්මාණය කර ඇති ඉලක්කගත මූල්‍ය සහ මූල්‍ය නොවන දිරිගැන්වීම් පැකේජයකින් සුදුසුකම් ලත් මෙම ආයතන ප්‍රතිලාභ ලබයි.
මේ අතර කොළඹ වරාය නගර විශේෂිත ආර්ථික කලාපයෙහි නියාමකයා ලෙස, CPCEC ආයතනය, ආයෝජකයන්ට අනුමැතිය සහ ව්‍යාපාර ස්ථාපිත කිරීම සඳහා සම්බන්ධීකරණ හා කාර්යක්ෂම මාර්ගයක් ලබා දෙමින්, විධිමත් තනි කවුළු ආයෝජන පහසුකම් රාමුවක් ක්‍රියාත්මක කරන බවත් අවධාරණය කරයි.
‘විශේෂයෙන්ම ගල්ෆ් කලාපයේ මෑත කාලීන භූ දේශපාලනික වර්ධනයන් ඇතුළුව, පරිණාමය වෙමින් පවතින ගෝලීය ව්‍යාපාර ගතිකතාවන් හඳුනා ගනිමින්, විශේෂිත ආර්ථික කලාපයේ අනුපූරක මෙහෙයුම් ස්ථාපිත කිරීමට අපේක්ෂා කරන ව්‍යාපාරවලට සහාය වීම සඳහා කැපවූ, කාලානුරූපී පහසුකම් සැපයීමේ මුලපිරීමක් CPCEC විසින් හඳුන්වා දෙන ලදී.’
මෙම වැඩසටහන යටතේ, නිසි කඩිනම් අවශ්‍යතා සම්පූර්ණ කිරීමෙන් පසු දින හතක් ඇතුළත බලයලත් පුද්ගලයකු ලෙස ආයෝජක ලියාපදිංචි කිරීම් සම්පූර්ණ කළ හැකි අතර, ගිවිසුම් ඩිජිටල් ආකාරයෙන් ක්‍රියාත්මක වේ.
අනුමත වැඩ වීසා බලපත්‍ර ව්‍යාපාරික දින පහක් ඇතුළත නිකුත් කරනු ලබන අතර, එමඟින් පිරිස් වේගයෙන් යෙදවීමට සහ මෙහෙයුම් සූදානම වේගවත් කිරීමට හැකි වේ.
එසේම මුදල්, සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය සමග එක්ව, ආයෝජන සඳහා පහසුකම් සැලසීම, නියාමන ක්‍රියාවලි විධිමත් කිරීම සහ ශ්‍රී ලංකාවේ දිගුකාලීන සංවර්ධන ප්‍රමුඛතා සමග පෙළගැසී ඇති ඉහළ වටිනාකමක් ඇති, අපනයන කේන්ද්‍රීය සහ සේවා මත පදනම් වූ කර්මාන්තවල වර්ධනයට සහාය වීම සඳහා CPCEC කැපවී සිටින බවත් පවසයි.
නිමා කිරීමෙන් පසු ආසන්න වශයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 15 ක ඇස්තමේන්තුගත සංවර්ධන වටිනාකමක් ඇති කොළඹ වරාය නගරය දකුණු ආසියාවේ වඩාත්ම වැදගත් විදේශ සෘජු ආයෝජන මුලපිරීම් වලින් එකක් ලෙස හඳුනාගෙන තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd