මෙරට මුල් පෙළේ ආයෝජකයකු වන වෛද්‍ය ටී. සෙන්තිල්වර්ල් මහතාට අයත් සෙන්තිල්වර්ල් හෝල්ඩිංග්ස් (පෞද්) සමාගම, කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත අමානා ටකාෆුල් ඉන්ෂුවරන්ස් පීඑල්සී සමාගම තුළ ඇති කොටස් ප්‍රතිශතය සියයට 12.05ක් දක්වා ඉහළ නංවා ගැනීමට සමත්ව ඇතැයි පවසයි.
පසුගිය ජූනි 05 වැනිදා සෙන්තිල්වර්ල් හෝල්ඩිංග්ස් සමාගම මගින් අමානා ටකාෆුල් පීඑල්සීහි තවත් කොටස් 7,278,184ක් මිලදී ගැනීමත් සමගින්ම මෙම ඉහළ යාම සිදුව තිබේ.
මීට පෙර සෙන්තිල්වර්ල් හෝල්ඩිංග්ස් සතුව අමානා ටකාෆුල් ඉන්ෂුවරන්ස් පීඑල්සීහි කොටස් 28,799,423ක් පැවතුණි. එය සියයට 9.615 ක් විය. මේ වන විට එය කොටස් 36,077,607ක් දක්වා ඉහළ ගොස් ඇති අතර ප්‍රතිශතය සියයට 12.046 කි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd