IMG-LOGO

2024 ජුලි මස 27 වන සෙනසුරාදා


’ඇල්ටෙයාර්’ හෙට විවෘත කෙරේ

 

(ඩිල්ෂානි චතුරිකා දාබරේ)

මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රයට අලුත් අත්දැකීමක් සහිත නව නිර්මාණයක් සේ ඉදිකෙරුණු කොළඹ, කොම්පඤ්ඤවීදියේ පිහිටි ඇල්ටෙයාර් බහුමහල් මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියේ පළමු අදියර හෙට (12) විවෘත කිරීමට නියමිතය. 

නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම සහ ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා, මුදල් හා ප්‍රාග්ධන වෙළඳපළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් සහ ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ යන මහත්වරු මෙම අවස්ථාවට සහභාගී වීමට නියමිතය.

මෙය ලංකාවේ ව්‍යාපෘතියක් සඳහා ආයෝජකයකු විසින් සම්පූර්ණ ආයෝජන මුදල එකවර ගෙවන ලද ව්‍යාපෘතියකි. 

නේවාසික හා වාණිජ වෙළෙඳ සංකීර්ණයක් වන ඇල්ටෙයාර් ගොඩනැගිල්ල ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා  ආරක්ෂක ලේකම්ව සිටි කාලයේ හි වැඩ ආරම්භ කරන ලද ව්‍යාපෘතියක් බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා මහතා ප්‍රකාශ කරයි.

විදේශ ආයෝජන දිරි ගැන්වීමේ අරමුණ උදෙසා ක්‍රියාත්මක කෙරෙන මෙම ව්‍යාපෘතිය වැඩ අවසන් කිරීමට නියමිතව තිබුණේ 2017 වසර තුළදීය. නමුත් පසුගිය ආණ්ඩුව කාලයේ දී මෙහි වැඩ අතරමඟ නැවතුණු අතර ජනාධිපතිවරයාගේ මැදිහත් වීම නිසා යළි මෙහි වැඩ කටයුතු කඩිනමින් ආරම්භ කර එහි පළමු අදියර මෙසේ විවෘත කිරීමට කටයුතු කරන බව ද අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා මහතා විසින් පෙන්වා දෙන ලදී.

අතරමඟ ඉදිකිරීම් නැවතී තිබූ මෙම ව්‍යාපෘතිය 2020 මැයි මාසයේ දී ජනාධිපතිවරයාගේ අවධානයට ලක් විය.

ඒ සඳහා නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා මහතා ප්‍රමුඛ කමිටුවක් පත්කළ අතර වසර 5 ක කාලයක් ප්‍රමාද වූ මෙම ව්‍යාපෘතියේ අඩුපාඩු සහ ආයෝජකයන්ගේ ගැටලු නිරාකරණය කර අවසන් කිරීමෙන් පසු වසරක් ඇතුළත මෙම ව්‍යාපෘතිය නිමවා අවසන් කෙරිණි.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා  උපදෙස් ලබා දුන්නේ මෙහි ඉදිකිරීම් කටයුතු කඩිනමින් සිදුකර මුදල් වියදම් කර තිබෙන නිවාස හිමියන්ට එම නිවාස ලබාදීමට කටයුතු කරන ලෙසයි.

මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රයේ පවතින සම්ප්‍රදායන් වෙනස් මගකට යොමු කරමින් කලාත්මක ආකාරයට ගංගාරාම සීමාමාලකය ඉදිරිපිට ඉදිකරන ලද සියලු පහසුකම්වලින් සමන්විත මෙම ව්‍යාපෘතිය නේවාසික හා වාණිජ වෙළඳ සංකීර්ණය නේවාසික සහ ව්‍යාපාර කටයුතු සඳහා විවෘත කිරීමට නියමිතය.

ඇල්ටෙයාර් ගොඩනැගිල්ල නමින් හැඳින්වෙන මෙම නේවාසික හා වාණිජ වෙළෙඳ සංකීර්ණය විවෘත කිරීමෙන් පසුව දේශීය ආර්ථිකයේ සහ මානව සමාජයේ වර්ධනයක්, නැගිටීමක් සිදුවෙතැයි අපේක්ෂා කෙරේ.

ඒ යටතේ ශ්‍රී ලංකාව නව නිර්මාණශීලී ආයෝජන රටාවකට වඩාත් විශ්වාසයකින් සහ ප්‍රමිති සහගත වටපිටාවක් සහිත ඉඩක් නිර්මාණය වී ඇති බවත් නව ආයෝජකයන්ට යොදවන ලද මුදල්වලින් ලබාගත හැකි උපරිම ප්‍රයෝජන ලබාගත හැකි බවත් ලොව පුරා සිටින ආයෝජකයන්ට සහතිකයක් මෙමඟින් ලබා දෙයි.

එසේම දේශීය වශයෙන් පවතින රැකියා ඉල්ලුම වැඩි ප්‍රතිශතයකින් සපුරා ගත හැකි අතර ඒ යටතේ සෘජු සහ වක්‍ර රැකියා විශාල ප්‍රමාණයක් අලුතින් බිහිවේ.

නාගරික සංවර්ධන අධිකාරියට අයත් කොළඹ ගංගාරාම සීමාමාලකයට නුදුරින් අක්කර 02 ක භූමි ප්‍රමාණයක මෙම ඇල්ටෙයාර් ගොඩනැගිල්ල ඉදිකර තිබේ.

ඇල්ටෙයාර් ගොඩනැගිල්ල සඳහා වන ආයෝජන මුදල ඇමරිකානු ඩොලර් මිලියන 250 කි. මෙහි ආයෝජකයා ලෙස ඉන්ඩෝඩිස් ඩිවලොප්මන්ට් සමාගම කටයුතු කරයි.

බේරේ වැව සංවර්ධන ව්‍යාපෘතිය යටතේ ඌණ සංවර්ධන ඉඩම් සංවර්ධනය කිරීමේ අරමුණින් 2011 වසරේදී 99 අවුරුද්දකට යටත්ව රුපියල් මිලියන 2,560 කට බදු දුන් මෙම ඉඩමේ සංවර්ධන ව්‍යාපෘතිය 2012 වසරේදී ආරම්භ කළ අතර 2021 වසරේදී එහි වැඩ අවසන් කෙරිණි.

මෙම ඇල්ටෙයාර් ගොඩනැගිල්ලෙහි උස මීටර් 230 ක් වන අතර මෙය මහල් 68 කින් සමන්විත වේ.

ඒ අනුව වර්ග 4 කින් සමන්විත අති සුඛෝපභෝගී නිවාස 407 කින් ඇල්ටෙයාර් ගොඩනැගිල්ල  සමන්විත වේ. මෙහි පිහිටි වාණිජ ප්‍රදේශය වර්ග අඩි 30,000 කි. සියලු නිවාස නවීන පහසුකම්වලින් සමන්විත වේ. ඉතා උසස් තත්වයේ අමුද්‍රව්‍ය භාවිතා කර ඉදිකර ඇති මෙම නිවාස වර්ග අඩි 1400 සිට වර්ග අඩි 5000 ක් දක්වා ප්‍රමාණයක පවතී.

ඇල්ටෙයාර් ගොඩනැගිල්ල තුළ වාහන 600 ක් නතර කර තැබිය හැකි වාහන රථගාලක්, කායවර්ධන මධ්‍යස්ථානයක්, පිහිනුම් තටාක 02 ක්, උත්සව ශාලා සහ ප්‍රමිතියෙන් යුතු සනීපාරක්ෂක පහසුකම්වලින් සමන්විතය. අක්කරයක භූමි භාගයක ඉදිකර ඇති උද්‍යානයක් මෙහි ඇති විශේෂත්වයක් ලෙස දැක්වෙයි.

සින්නක්කර විකුණුම් පදනම් මත ලබා දෙන නිවාසවල මිල පිළිබඳව තවමත් අවසන් නිගමනයකට පැමිණ නැත.

නාගරික සංවර්ධන අධිකාරියට අයිති 99 අවුරුද්දකට බඳු ගනු ලැබූ මෙම ඉඩමේ හිමිකම හැර සියලු ඉදිකිරීම්, මිල තීරණය කිරීම, මුදල් ලබාගැනීම, පවත්වාගෙන යන විකුණුම් මිල තීරණය කිරීම ඇතුළත් සියලු අයිතීන් ඉඩමේ ආයෝජකයා වන ඉන්ඩෝඩිස් ඩිවලොප්මන්ට් සතු වන බව නාගරික සංවර්ධන අධිකාරිය පවසයි.

මෙම ව්‍යාපෘතිය සඳහා ආයෝජකයාට දේශීය සහ විදේශීය ආයතන මඟින් උපදේශන ලබා දී තිබේ.



අදහස් (11)

’ඇල්ටෙයාර්’ හෙට විවෘත කෙරේ

Indika Thursday, 11 March 2021 11:56 AM

දන්නෝ දනිති...

:       21       31

slka Thursday, 11 March 2021 12:59 PM

බදු මුදල අවුරුදු ගණනින් බෙදා බලන්න. ඒ වගේම මාසික මුදල බලන්න. පුදුම හිතෙයි.

:       3       24

lalithThursday, 11 March 2021 02:51 PM

ඔච්චර දෙයක් තේරුම් ගන්න පුළුවන් ජනතාවක් අපේ රටේ හිටියා නම් අපි කොච්චර වාසනාවන්තද?

:       3       20

CharmDThursday, 11 March 2021 06:23 PM

ඇත්ත, මාසෙකට රුපියල් මිලියන 2 ක් වගේ. කොළඹ නගරයේ වාණිජම කොටසේ අක්කර දෙකකටම. මේවාට වටිනාකම් නියම කලේ කවර පදනමකට අනුවද කියා හිතා ගන්න බැහැ...

:       2       4

ලුම්බිණි Friday, 12 March 2021 12:42 AM

මෙම වාණිජ වෙළෙඳ සංකීර්ණය විවෘත කිරීමෙන් පසුව දේශීය ආර්ථිකයේ සහ මානව සමාජයේ වර්ධනයක්.., නැගිටීමක් වෙන්නේ කොහොමද කිව්වා නම්... අනික 99 අවුරුද්දකට බදු ගනු ලැබූ මෙම ඉඩමේ හදපු ගෙවල් සින්නක්කර විදියට මිනිසුන්ට විකුණන්නේ කොහොමද?

:       0       9

kamalMonday, 15 March 2021 02:55 AM

මාසෙට කුලිය මිලියන දෙකයි. තව අවුරුදු පනහකින් මිලියන දෙක කියන්නේ අද රුපියල් දෙකටත් වඩා අඩුවෙයි. පිනට දුන්නා කියලා තමයි හිතාගනන වෙන්නේ

:       0       0

Chathura Friday, 12 March 2021 03:27 AM

කමෙන්ට්ස් කරලා තියෙන පණ්ඩිතයෝ ගැන නම් කියලා වැඩක් නැහැ. අඩුවට දුන්නත් ලංකාවේ ආයෝජනය කරන්න විදේශිකයෝ එන්න කැමැති නැහැ. ස්ට්‍රයික් කරන ලංකාවට වඩා ස්ට්‍රයික් නොකරන සිංගප්පූරු වලට යනවා. ඒ වගේම ලොකු මුදලක් ඉඩමට අයකළොත්.., හදන ගෙයක් මිල කරන්න වෙන්නේ කීයටද?

:       6       9

sharm warnTuesday, 16 March 2021 07:50 AM

අනිත් අය කොහොම වෙතත් ඔයා නම් බයියෙක් කියලා පෙන්නුම් කරනවා කියන කතාවෙන්ම. ඔයා පව්... ඔයා වගේ 68 ලක්ෂයක් කරපු දේ නිසා ඔයාගෙත්, අපෙත් ළමයි ඔක්කොම පව්..

:       0       1

ආනන්ද Friday, 12 March 2021 04:56 AM

කොළඹ 2 අක්කර 2 මසකට කුලිය මිලියන 2.

:       5       9

chinthana Friday, 12 March 2021 05:08 AM

99 අවුරුද්දකට බදු ගනු ලැබූ මෙම ඉඩමේ ඉදිකළ ගොඩනැගිල්ලේ ඇති නිවාස අපාර්ට්මන්ට්ස් කොහොමද සින්නක්කර විකුණුම් පදනම මත ලබා දෙන්නේ? ඒක කාට හරි තේරෙනවද?

:       0       14

amila Saturday, 13 March 2021 10:09 AM

නවත්ත ගනිල්ලා.., නවත්ත ගනිල්ලා .. ඒ අය ඕනෑ දෙයක් කරගනීවි.

:       0       4

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පොහොට්ටුවේ සහාය ගන්න සාගල සුසිල් මහින්ද හමුවෙති
2024 ජුලි මස 27 607 0

ජනාධිපති කාර්‍යමණ්ඩල ප්‍රධානී සාගල රත්නායක සහ අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් අද හිටපු ජනාධිපති සහ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ උත්තරීතර නායක මහින්ද රාජ


පොලිස්පතිගේ ඉල්ලීමක් පොලිස් කොමිසම ඉවත දමයි
2024 ජුලි මස 27 2594 0

පොලිස් නිලධාරීන් 210 දෙනෙකු එකවර ස්ථාන මාරු කිරීම සඳහා පොලිස්පතිවරයා කළ ඉල්ලීමක් , ජාතික පොලිස් කොමිෂන් සභාව ප්‍රතික්ෂේප කර ඇත


දුම්රිය බිංගෙවල් 32ක තත්ව පරික්ෂාවක්
2024 ජුලි මස 27 450 0

දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් දිවයින පුරා පිහිටි දුම්රිය බිංගෙවල් 48 අතුරින් උඩරට දුම්රිය මාර්ගයේ නාවලපිටිය සිට බදුල්ල දක්වා ඇති දුම්රිය බිංගෙවල් 32ක ය


බැසිල්ගෙන් රනිල්ට කොන්දේසි මාලාවක්
2024 ජුලි මස 27 5667 0

ජනාධිපතිවරණ අපේක්ෂකත්වය සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ යන මහත්වරු අතර පැවති සාකච්ඡා


වනනිලධාරීන්ට ප්‍රහාරයක්
2024 ජුලි මස 27 588 0

පුනරීන් අඩවි වන කාර්‍යාලයේ නිලධාරීන් දෙදෙනකුට ඒම ප්‍රදේශයේ පුද්ගලයකු අඩවි වන කාර්‍යාල භුමියට පැමිණ පොලු මුගුරුවලින් පහරදීම හේතුවෙන් තුවාල ලබා ඒක්


මාසෙ පඩි පත තුට්ටු දෙකට වැටිලා
2024 ජුලි මස 27 1211 0

රාජ්‍ය අංශයේ සේවකයකුගේ වැටුපේ සත්‍ය අගය (මූර්ත) සියයට තිස් හයකින්ද අවිධිමත් පෞද්ගලික අංශයේ සේවකයකුගේ වැටුපේ සත්‍ය අගය සියයට විස්සකින් පමණද 2020 - 2024 අතර ක


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ගංවතුරින් විපතට පත් ප‍්‍රදේශවල පවුල් 1100කට ආධාර ලබාදෙයි 2024 ජුලි මස 23 176 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ගංවතුරින් විපතට පත් ප‍්‍රදේශවල පවුල් 1100කට ආධාර ලබාදෙයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සහ ජෙනරල්, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සමඟ එක්ව පසුගියදා ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් ගම්පහ, රත්නපුර සහ මාතර දිස්ත‍්‍ර

වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි 2024 ජුලි මස 13 222 0
වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි

වැලිබල් ෆිනෑන්ස් ගෙවුණු වසර 17ක කාලය පුරාවට ශ‍්‍රී ලංකාවේ මූල්‍ය ආයතනයන් අතර ප‍්‍රමුඛස්ථානයක් හිමි කර ගනිමින් 2023/24 මූල්‍ය වර්ෂයේදී සිය මූල්‍ය විශිෂ්ටත

ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම” 2024 ජුනි මස 20 1167 1
ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම”

බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ

Our Group Site