IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


ආර්ථිකය නැංවීමට අලූත් නීති ගේනවා - අගමැති

(සුජිත් හේවාජුලිගේ)

රටේ ආර්ථිකය නැංවීමට අලූත් නීති අණ පනත් හඳුන්වා දෙන බවත් රාජ්‍ය ඉඩම් බැංකුවක් හා ආයෝජන කලාප ඇති කිරීමට තව පනත් දෙකක් ඉදිරිපත් කරන බවත් අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පැවැසීය.

අගමැතිවරයා මේ බව පැවසුවේ අරලියගහ මන්දිරයේදී පැවැති ආයෝජන වාතාවරණය සැලසීම පිළිබඳ මාර්ගෝපදේශන මාලාවක් හඳුන්වා දීමේ උත්සවයේදීය.

අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා එහිදී මෙසේද කීය.

මේ කටයුත්තට  දායක වුණු ලෝක බැංකුවට,  ඕස්ටේ‍්‍රලියානු රජයට ස්තූතිවන්ත වෙනවා. මේ හඳුන්වා දෙන්නේ රටේ ආයෝජන නංවා, අපනයනය නංවා රට සංවර්ධනය කිරීමේ උපාය මාර්ගයයි.

අද වන විට අපට ලොකු ණය බරක් ඉතිරි වී තිබෙනවා. ඒක රටට, ජනතාවට ලොකු බරක්. ඒ බර අඩු කරන්න කටයුතු කළ යුතු වෙනවා. ඒ සඳහා ඇති එකම විසඳුම ආයෝජන හා අපනයන වැඩිකර ගැනීමයි. ඒ සඳහා අපි ගත හැකි සෑම උත්සාහයක්ම දරනවා.

පසුගිය කාලයේ රටේ ප‍්‍රමාණවත් නිෂ්පාදනයක් ඇතිවුණේ නැහැ. ඒ නිසා විදේශ වෙළෙඳපොළට යෙදවිය හැකි භාණ්ඩ ප‍්‍රමාණයක් උත්පාදනය වුණේ නැහැ. ඒ නිසා අපේ කි‍්‍රයාකාරිත්වය අඩුවුණා. ආර්ථිකය නැංවීමට යෙදවීම් අවශ්‍ය වෙනවා. අපි අපනයන්ට වැඩි අවධානයක් යොමු කළ යුතුයි. මැලේසියාව, තායිලන්තය මේ වන විට ලොකු සංවර්ධනයකට ගොස් තියෙනවා. අපි ඒ අය අනුගමනය කරමින් ඉදිරියට යා යුතුයි. අපේ කලාපයේ වියට්නාමය, කාම්බෝජය යන රටවල් හිටියේ අපට වඩා ගොඩක් පස්සෙන්. අද වන විට අපි පසුකර යන තත්ත්වයක් ඇතිවෙලා.

අප නව ආණ්ඩුවක් පිහිටුවා ගන්නේ රටට නව ව්‍යවස්ථාවක් හා ආර්ථික ප‍්‍රතිසංස්කරණ ඇති කරන්නයි. අපි දැන් ඒ කටයුතු සාර්ථකව කරගෙන යනවා. ඒ ප‍්‍රතිසංස්රණ හරහා විරැුකියාව නැති කිරීමට ආදායම් වැඩි කිරීමටත් බලාපොරොත්තු වෙනවා.

මේ උත්සවයට උපාය මාර්ග සංවර්ධන හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය මලික් සමරවික‍්‍රම, මුදල් රාජ්‍ය අමාත්‍ය එරාන් වික‍්‍රමරත්න, ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන, උපාය මාර්ග සංවර්ධන හා ජාත්‍යන්තර වෙළඳ රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ, එම අමාත්‍යාංශයේ ලේකම් ඩබ්ලිව්.ඒ.ඞී.එස්. ගුණසිංහ, ලෝක බැංකුවේ ග‍්‍රාමීය අධ්‍යක්ෂ ඉද්‍ර ස්වරායි,  ඕස්ටේ‍්‍රලියාවේ නියෝජ්‍ය මහ කොමසාරිස් ටිමි හියුගියස් යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් ද සහභාගි වූහ.



අදහස් (4)

ආර්ථිකය නැංවීමට අලූත් නීති ගේනවා - අගමැති

Shan Tuesday, 04 July 2017 06:27 AM

ගේන එකක් ඉක්මනට ගේන්න... ගොඩක් කතා විතරයි, වැඩ නම් හරි හෙමින්....

:       0       0

anura Tuesday, 04 July 2017 07:44 AM

ඔබ තුමතුමන් ලාට වෙන විකල්පයක් නැහැ නීතිය හැරුණු කළ. සමහර වෘත්තිකයන් දේශ පාලකයන් උනහම හැම දේම බලන්නේ තමන්ගේ අතීතයේ වෘත්තීයට කොටු වෙලා. අපට නම් පෙනෙන්නේ ඒක හරි දුර්වල ක්‍රමයක් බවයි.

:       0       15

senith Wednesday, 05 July 2017 06:46 AM

"මැලේසියාව, තායිලන්තය මේ වන විට ලොකු සංවර්ධනයකට ගොස් තියෙනවා. අපි ඒ අය අනුගමනය කරමින් ඉදිරියට යා යුතුයි." මෙහෙම කියා කියා හිටියට පහුගිය අවුරුදු 3 ට පටන් ගත්ත එක වැඩක් කියන්න , මැති ඇමති ලගේ මඩිය තර කරා මිසක්

:       0       0

de silva Wednesday, 05 July 2017 08:10 PM

අනේ නිකන් විහිළු කරන්නේ නැතුව ඉන්න..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 584 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 287 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1088 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site