IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


ආනයන සීමා විදෙස් ආයෝජනවලට බලපෑමක්

 


 

 

(හර්ෂණ තුෂාර සිල්වා)
 
දැනට පනවා තිබෙන ආනයන සීමා හේතුවෙන් ශ්‍රී ලංකාවේ සහ යුරෝපයේ ව්‍යාපාරවලට මෙන්ම සෘජු විදෙස් ආයෝජනවලට ද ඍණාත්මක බලපෑමක් සිදුව ඇතැයි ශ්‍රී ලංකාවේ යුරෝපා සංගම් දූත මණ්ඩලය, කොළඹ පිහිටි ප්‍රංශ, ජර්මානු, ඉතාලි, නෙදර්ලන්ත හා රුමේනියානු තානාපති කාර්යාල ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

වෙළෙඳාම යනු එක් දිශාවකට පමණක් ගමන් කරන්නක් නොවන බව සඳහන් කරන යුරෝපා සංගමය ඇතුළු කොළඹ පිහිටි යුරෝපීය තානාපති කාර්යාල කලාපීය ආර්ථික කේන්ද්‍රස්ථානයක් බවට පත්වීමේ ශ්‍රී ලංකාවේ අරමුණ සාක්ෂාත් කරගැනීමට එය බාධාවක් බව ද කියයි.
 
අමුද්‍රව්‍ය හා යන්ත්‍ර සූත්‍ර ආනයනයට බාධා මතුවීම තුළ ශ්‍රී ලංකාවේ අපනයන ක්ෂේත්‍රයට අහිතකර බලපෑමක් එල්ල වන බවත් තව ද දිගින් දිගටම ආනයන සීමා පැනවීම ලෝක වෙළෙඳ සංවිධානයේ නියමවලට අනුකූල නොවන බව සිහිපත් කරන බව ද යුරෝපා සංගම් දූත මණ්ඩලය සහ එම තානාපති කාර්යාල සිය නිවේදනය මඟින් සඳහන් කර ඇත.
 
‘කොවිඩ්-19’ වසංගතය හමුවේ මතුව ඇති අභියෝග ගණනාවක් පිළිබඳ සාකච්ඡා කිරීමේ අරමුණින් යුරෝපා සංගමය සහ එහි සාමාජික රටවල් නියෝජනය කරන තානාපතිවරුන් අවස්ථා ගණනාවකදී ශ්‍රී ලංකාවේ බලධාරීන් හමු වූ බවත් අදාළ නිවේදනයේ දැක්වේ.

 

 



අදහස් (2)

ආනයන සීමා විදෙස් ආයෝජනවලට බලපෑමක්

Anura Saturday, 21 November 2020 06:37 AM

හොඳ වැඩේ... ඒ අයට ඕනෑකරන්නේ අලුත්ම වාහන ගෙන්නගත්තා පර්මිට්වලට. සාමාන්‍ය මිනිස්සුන්ට වාහනයක් ගෙන්නගන්න, අමතර කොටස ගන්න නොදී ඒවා නැවැත්තුවා. හොඳ වැඩේ... දෙන්න තවත් සම්බාධක ...

:       1       7

ahamed Monday, 23 November 2020 09:32 AM

ව්‍යාපාර ආකාර 2කින් සිදුවිය යුතුය.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 145 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 764 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 373 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site