ජාතික පාරිභෝගික මිල දර්ශකයට (NCPI) අනුව 2025 පෙබරවාරි මාසයේ මෙරට ලක්ෂ්‍යමය මතුපිට උද්ධමනය -3.9ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවක සඳහන් වේ.
ඒ අනුව 2025 ජනවාරි මාසයේ දී මෙම අගය වාර්තා වූ යේ සෘණ සියයට 4.0 ක් ලෙසිනි.
2025 පෙබරවාරි මාසයේ දී ආහාර උද්ධමනය සෘණ සියයට 2.5 සිට සෘණ සියයට 1.1 දක්වා පහළ ගොස් තිබෙන අතර ආහාර නොවන උද්ධමනය 2025 ජනවාරි මාසයේ දී වාර්තා වූ සෘණ සියයට 5.2 සිට සෘණ සියයට 6.0 ක් දක්වා පහළ ගොස් ඇත.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.