ඉන්දියාවේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයකු වන ඩාබර් ඉන්දියා සමාගමේ අනුබද්ධිත ඩාබර් ලංකා පෞද්ගලික සමාගම පලතුරු ආශ්‍රිත සිසිල් බීම නව නිෂ්පාදනාගාරයක් කොටදෙනියාවේදී ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.
ආන්නාසි යුෂ නිෂ්පාදනයටත් ඔවුන්ගේ අවධානය යොමු වී ඇත.
ශ්‍රී ලංකාවේ හිටපු ඉන්දියා මහ කොමසාරිස් අශෝක් කේ කාන්ත්, ඩාබර් ඉන්ටර්නැෂනල්හි සභාපති ආචාර්ය ආනන්ද් සි බර්මන් සහ ඩාබර් ඉන්දියා ලිමිටඩ්හි ප්‍රධාන විධායක නිලධාරී සුනිල් ඩුග්ගල් යන මහත්වරු මේ අවස්ථාවට එක්වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විදේශ රටවල් අපේ රටේ ආයෝජනා කරන්න එපා නම් ඔය කියන කට්ටියම ඒ කර්මාන්ත ශාලාව අරින්න.(නදී)
රජයට අයත් කිසිම පාඩුවක් නොලැබූ නාරාහේන්පිට අලෙවි කිරීමේ දෙපාර්තමේන්තුව සතූ පලතුරු ජෑම් කොම්පැනිය කාටද දුන්නනේ.දැන් ඉතින් ලංකාවම ජෑම් වෙලා!! (නි)
මමනම් දන්නා නිසා කියන්නේ. අපි ඉන්දියාවට ගෙඩි පිටින් විකිනෙමින් තියෙන්නේ. මෙහෙම ගියොත් ලංකාව ඉන්දියාවේ අලුත්ම ප්‍රාන්තය වෙන එක නවත්වනවා බොරු. ඔන්න මම කීවා.(නදී)
ඇත්තෙන්ම මෙය ඉතාම හොඳ කාලෝචිත ඇගයිය යුතු ක්‍රියාවක්. රටේ රැකියා දුලබ්, ආර්ථික ගැටළු ඇති මොහොතක ,තරුණ ශ්‍රමය අපතේ නොගොස් දාමරික සමාජයක් ගොඩ නගනවාට වඩා මෙවැනි දේ කරන ගැන ස්තුතියි.(නදී)
අයි.පී.එල් යන කොල්ලොන්ට බනින්න එපා.(නදී)
මේ ඉන්නේ අපේ අරයා නේද? (නි)
දැනටමත් කර්මාන්ත ශාලා කිහිපයක් තියෙනවා තමයි. නමුත් පලතුරු බොහෝ ප්‍රමාණයක් අපතේ යනවනේ. ඒ නිසා ඒවා යොදාගෙන යම් නිෂ්පාදනයක් කළ හැකි කර්මාන්ත ශාලාවක් කව්රු ආරම්භ කළත් එය අපේ ගොවියටත් රටටත් ප්‍රයෝජනයක් නෙමෙයිද? (නි)
රටක සංවර්දනය කියන්නේ රටේ තියන සල්ලි ටික පිට මිනිස්සුන්ට අරන්යන්න දෙන එකද? පිට රටවලින් සල්ලි රටට ඒමද? දන්නෙනැති නිසා ඇහුවේ (නි)
රටට විදේශ ආයෝජන ගෙනෙන කොටත් බනිනවා. කර්මාන්ත ශාලා වහනවා කියලත් බනිනවා. අනේ මන්දා මෙහෙමත් මිනිස්සු.(නදී)
අපේ රටේ දේශප්‍රේමියෝ හරියට ඉන්නවා. හැබැයි ඒගොල්ලන්ගේ කතාව දෝලාවෙන් ගමන පයින්. (නි)
බලාගෙනයි, ප්‍රවේශමෙන්... (නි)
හොද වැඩක්.(නදී)
අන්න හොද වැඩක්
ඉන්දියාවට ආදරේ මොකද දන්නවද උපුල් මේගොල්ලන්ගේ කට්ටිය ඉන්දියාවෙන් පරස්ථාවල් කරගෙන තියෙනවා කියන්නේ?(නදී)
අර එක්කෙනාට කොමිසන් එක කීයද දන්නේ නැහැනේ.(නදී)
අනේ මහත්තයෝ හම්බකරා මදිද? ඔය විදියට දුන්නම අපේ ඉදිරි පරම්පරාව කොහෙද යන්නේ?.(නදී)
මේ මහත්තුරු ඉන්දියාවට හරීරීරීරීම ආදරෙයි වගේ නේද? ඇයි ඒ? මම මේ දන්නේ නැති නිසයි අහන්නේ (නි)
ශ්රී ලංකාවේ නැද්ද අඩුගානේ ජෑම්වත් හදන්න කෙනෙක්? (නි)
කොහොමද ටිකිරි මොලේ ..... (නි)
අන්නාසි වගාකරන ගොවියෝ නම් පලදාව විකුණගන්න බැරිව දිවිනසාගත්තා කියලා අපි අහල නැහැ. නමුත් එළවලු, වී සහ දෙහි වගාකරන ගොවියෝ නම් එහෙම වෙලා තියනවා. රජය මැදිහත්වෙලා ඒ අය වෙනුවෙනුත් යම්කිසි දෙයක් කරන්න පුලුවන්නම් ඒක ඉතාමත් ප්‍රතිඵලදායි වෙන බව නිසැකයි. (නි)
මේවා ප්‍රශ්න නෙවේ අයි.පී.එල්. තමයි ප්‍රශ්නය.(ස)