(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාව සහ නෝර්වේ අතර ව්‍යාපාර කටයුතුවල නියැලී සිටින ව්‍යාපාරිකයින් සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර සුහද හමුවක් ඔස්ලෝ නුවර මෙෂ් ශාලාවේ දී පැවැත්විණි.
මෙම සුහද හමුව ශ්‍රී ලංකාව සහ නෝර්වේ ව්‍යාපාරිකයින් විසින් සංවිධානය කර තිබූ අතර දෙරටේ ව්‍යාපාර කටයුතු තවදුරටත් පුළුල්ව හා විධිමත්ව පවත්වා ගෙන යා යුතු ආකාරය පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරිණි.
දෙරට අතර ව්‍යාපාර කටයුතු සිදුකිරීමේ දී පැනනැගී ඇති ගැටලූ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයාගේ අවධානය යොමු කරවු ව්‍යාපාරිකයින් ඒ සම්බන්ධයෙන් ගත හැකි කඩිනම් විසඳුම් පිලිබඳව සාකච්ඡා කළේය.
මෙම අවස්ථාවට ධීවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කාවින්ද ජයවර්ධන සහ හේෂා විතානගේ, නෝර්වේ ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය අරුෂා කුරේ යන මහත්ම මහත්මීහු ඇතුළු දෙරටේ ව්‍යාපාරිකයින් විශාල පිරිසක් සහභාගි වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙනම් අයෝජන ගලාගෙන එයි !
ව්‍යාපාරිකයොත් බොහොම කැමැත්තෙන් ඉන්නවලු මෙයා දැකගන්න. රටක අගමැති වෙලා ඒ රටේම මහබැංකුව මංකොල්ල කෑවේ කව්ද කියා දැක ගැනීමට... නැතුව මෙයා කීවට මේ රටේ ආයෝජනය කරාවිද මොලේ ඇති කෙනෙක්...
ඔය ටික කතාකරගන්න නම් පිරිසක් එක්කලා ඔය රටට යන්න ඕනද? ස්කයිප් එකෙනුත් කරන්න තිබුනා.
හැම තැනම ව්‍යාපාරිකයෝ හමුවෙනවා. නමුත් එකෙක්වත් ලංකාව පැත්තේ නම් එන්නේ නැහැ.
අගමැති තුමා ව්‍යාපාරිකයන් මුණගැසී රටට ආයෝජන ගෙන්න ගොඩාක් මහන්සි වෙනවා.
ආයෝජන නැතුවට කමක් නැහැ .අර අවරුදු 50 පැනපු තාමත් දුවන කැනඩා එන්ජින් වගේ අලුත් එන්ජින් ටිකක් ගෙන්න උදව් ගත්තනම් මොකද වෙන්නේ