දොස්තරගේ උපදේශය හිස් මුදුණෙන් පිළිගෙන අමාරුවේ වැටිලා
(ගිරිබාව - ඊ.එම්.ජේ. බණ්ඩාර)
සිල්වා මහතා රජයේ සේවයේ නියුතු පුද්ගලයෙකි. වයස අවුරුදු පනස් පහකි. ධනවත් පවුලක කාන්තාවක සමඟ විවාහ වූ ඔහුට අතමිට මිල මුදල් යහතින් තිබුණි.
ඔහු හොඳින් ආහාරපාන ගන්නා පුද්ගලයෙකි. දිනෙන් දින ශරීරය ද තරබාරු විය. හොඳින් කා බී කාලය ගත කරන ඔහුට ශරීරය වෙහෙසා වැඩක් කරන්නට කාලයක් නොමැත.
“ඔයා ඉඳලා හිටලාවත් ගෙදර වැඩකටත් උදව් වෙන්ඩ නැත්නම් ඔහොම නිකන් ඉඳලා ලෙඩක් හැදෙයි” යැයි බිරිඳ නිතර නිතර පැවැසුවේය. එහෙත් සිල්වා මහතා ඒ කිසිවක් ගණන් ගත