IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


ඉස්කෝලෙ හාමිනේට වෙදාගේ නංගි දුන් බේත ගේපුරා දෝරේ ගලලා

 

කඩයට ගොස් සිටි වෙද මහතා එන තෙක් විලුඹේ වේදනාව ඉවසාගත නොහැකි වූ දකුණු පළාතේ එක්තරා පාසලක ගුරුවරියක් වෙද මහතාගේ නැගණියගෙන් බෙහෙත් අසාගෙන කසාය බී එලොව ගිහින් මෙලොව ආ පුවතක් පසුගිය දා අසන්නට ලැබිණ.


දරුවන්ට ඉගැන්වීම් කරන විට වැඩිපුර හිටගෙන සිටීම නිසා ගුරුතුමියගේ වම් කකුලේ විලුඹෙන් නැගෙන වේදනාව එන්න එන්නම වැඩිවූ නිසා බෙහෙත් ගැනීමට වෙද ගෙදරට යන විට වෙද මහතා සිකුරාදා පොළට ගොස් තිබිණි. ඇය බංකුවක ඉඳගෙන සිටින විට ඒ අසලට පැමිණි වෙද මහතාගේ නැගණිය “ මේ අසවල් ඉස්කෝලෙ මිස් නේද? මොකක්ද ලෙඬේ ” යැයි ඇසුවාය.


“අනේ නංගි මගේ වම් කකුලෙ විලුඹ හරියට කකියනවා. දැන් මාස ගණනක් වෙනවා. ඉන්න බැරිම තැන මේ වෙද මහත්තයා සොයාගෙන ආවේ.” ගුරුතුමිය පැවසූ රෝගී තත්ත්වය අනුව ඇයට ඇත්තේ රක්ත වාතය බැව් දැනගත් වෙද මහතාගේ නැගණිය ලෙඬේට බෙහෙත පැවසීය.


 “මිස් මටත් ඔය ලෙඬේ තිබුණා. ඔය රක්ත වාතෙ. මම ඔය ලෙඬේ දවස් දෙකෙන් ඉවර වෙන්න බෙහෙතක් කියන්නම්. රසකිඳ, දූම්මැල්ල, ආඩතෝඩා මුල්, කටුවැල් බටු හා කොහොඹ පොතු මේ වර්ග ටික අරගෙන පත අට එකට හින්දල උදේ හවස බීල බලන්න. දවස් දෙකෙන් ඔය ඔක්කොම අමාරු ඇරිල යයි. ඇඟටත් සැහැල්ලුවක් දැනෙයි.


 ගුරුතුමිය ගෙදර ගිහින් බෙහෙත් බඩු ටික සොයාගෙන මාත්‍රාවකට නැතිව තරමක හට්ටියකට බෙහෙත් වර්ග යහමින් දමා වතුර පත අටක් ද එක් කොට පැය හයක් පමණ තම්බා රස නොබලාම එක හුස්මට පානය කර නින්දට ගියාය.


අලුයම දෙකට පමණ ගුරුතුමිය නින්දෙන් ඇහැරී බලන විට මුලු ඇඟම දහඩියෙන් පෙඟී තිබිණ. නිවෙසේ බිත්ති තමන්ගේ ඇඟ මත වැටෙන්නාක් මෙන් දැනුණි. ඔක්කාර ගතියක් දැනුණු  බැවින් බිත්ති අල්ලාගෙන බාත් රූම් එකට යන්න ගියද ඇයට සාලය පසු කර යාමට නොලැබිණ. සාලයේම දෙතුන් වතාවක් වමනය කළ ඇය සාලයේම වැතිර සිටියාය.


දරුවන් දෙදෙනාගෙන් හා සැමියාගෙන් එළිවෙන තුරු  සාත්තු සප්පායම් ලැබූ ඇය පාන්දරම වෛද්‍යවරියක හමුවී වෛද්‍යවරියට ද සිදු වූ දෙය නොකියා වමනයට බෙහෙත් ගත්ත ද සුවයක් නොවීය.


 ඉන්පසු රෝහලේ ප්‍රධාන වෛද්‍යවරයා හමුවී සත්‍ය විස්තරය පවසා ප්‍රතිකාර ගත්පසු වමනය නැවතුන ද තවමත් ඇඟට ශක්තියක් නැතිලු.
(ඌරගස්මංහන්දිය බී.ජී. අමරසිංහ) 



අදහස් (0)

ඉස්කෝලෙ හාමිනේට වෙදාගේ නංගි දුන් බේත ගේපුරා දෝරේ ගලලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 701 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 555 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site