සූර් පිට බයිසිකලය කරේ තබාගෙන කළගුණ සලකලා තමන් එදිනෙදා යන එන බයිසිකලයට කෙළෙහිගුණ දැක්වීමට සිතා බයිසිකලය පිට උඩ නැඟී ගමන් කරනවා වෙනුවට බයිසිකලය තම කර මත තබාගෙන ගිය පුද්ගලයකු පිළිබඳ පුවතක් කැකිරාවට නුදුරු ගම්මානයකින් අසන්නට ලැබේ. 01 November 2025
මිනියට දාන්න ගෙනා පොරි “බයිට්’’ එකට අරන් මළගෙදර මත්පැන් පානය කිරීමට ගත් අමුතුම කට ගැස්මක් නිසා මළගෙදර ඇත්තන් අලි අමාරුවක වැටුණු පුවතක් ගාලු දිසාවේ ගමකින් අසන්නට ලැබේ. 31 October 2025
රොටී හදන්න ගිහින් අනාගෙන බිරිඳට මොහොතක නිදහසක දීමට සිතා රාත්‍රී ආහාරයට රොටී පිලිස්සීමේ වගකීම තම උරපිටට ගෙන එක වැඩේ දෙකකෙරූ සැමියකු පිළිබඳ පුවතක් අනුරාධපුර නගරයට නුදුරු ගම්මානයකින් අසන්නට ලැබෙයි. 30 October 2025
නමේ හුටපටෙන් අලි පරිප්පුවක් කාලා උප සභාපතිවරයාගේ නම තිබූ ආයතනයක සේවකයකුට අලි පරිප්පුවක් කන්න සිදුවූ අපූරු කතාවක් ගාලු දිසාවෙන් අසන්නට ලැබේ. ඔහු මේ ආයතනයේ අධ්යක්ෂ මණ්ඩලයේ උපසභාපතිවරයා ලෙස කටයුතු කළද වෙනත් ආයතනයක සේවකයෙකි. 29 October 2025
අරක්කු බොන්න රොටීතැටියත් උකස් තියන්න හදලා නිවසේ ඉවුම් පිහුම් කටයුතු සඳහා තිබූ රොටි තැටියක් ඇතුළු ඇලුමිනියම් වළං කිහිපයක් උකසට තබා මත්පැන් පානය කිරීමට මුදල් සොයා ගන්නට තැත් කළ පුද්ගලයකු පිළිබඳ පුවතකි. සිද්ධිය මෙසේය. 28 October 2025
සුරතලා පැන්නුවාම දීගෙත් එපාවෙලා භාර්යාව විසින් තම සුරතල් සත්වයා නිවසින් පිටමන් කළේ යයි උරණවී නිවසින් පිටමන්වී ගිය අයකු පිළිබඳ අපූරු කතාවක් බලපිටියෙන් අසන්නට ලැබේ. 27 October 2025
පාරේ බදාම අනන්න ගිහින් පාඩමක් ඉගෙනගෙන කොන්ක්‍රීට් අතුරා සකස්කළ මාර්ගයක් අසල නිවසක ඉදිකිරීමක් සඳහා එම මාර්ගයේ බදාම අනමින් සිටි මේසන් බාස්ලා දෙදෙනෙකු මුහුණ දුන් අපූරු අත්දැකීමක් ගැන දකුණු පළාතේ ගම්මානයකින් පසුගියදා අසන්නට ලැබුණි. 25 October 2025
දුරකතනයේ පින්තූරය දැක ලක්ෂ ගාණක පාඩුවක් කරගෙන මේ හාදයා දකුණේ ගමකය. ආයතනයක නිලධාරියෙකි. විවාහ ගිවිස ගත්තේ දෙන දෑවැද්ද අනුවය. ඒ අනුව මොළය පොඩි වුණත් ලොකු දෑවැද්දක් ඇති කතක විවාහ කර ගත්තේය. 24 October 2025
පොරොව නොදුන්නාට දර කොටේ කම්මලට ගෙනිහින් අලුත්වැඩියාවක් සඳහා කම්මලකට භාරදුන් පොරොවක වැඩ මාසයක් ගතවතුරුත් අවසන් නොකිරීම නිසා කෝපයට පත් එහි හිමිකරු පසුගිය දිනක දර කොටයක් ද කර තබාගෙන කම්මලට ගොස් එය තමන්ට පලා දෙන ලෙසට කම්මල්කරුට පවසා ඇතැයි කියන පුවතක් පසුගියදා හතර කෝරළේට යාබද ගමකින් අසන්නට ලැබුණි. 23 October 2025
බොරුව අතේ පත්තු වී හිස් අතින් ගිහින් ගමේ පෙම්වතියගේ මුසා බස් වලට හසු වී කොළඹ සිට ගම්බද නිවසකට පැමිණි කොළඹ පෙම්වතාට පෙම්වතිය කියූ බොරුව අතේ පත්තු වීම නිසා හිස් අතින්ම ආපසු කොළඹ ඒමට සිදුවූ පුවතක් නොබෝදා කැබිතිගොල්ලෑව ප්‍රදේශයෙන් අසන්නට ලැබුණි. 22 October 2025
උගුඩු මස් “බයිට්” එකට ගන්න ගිහින් රෝහලේ ලැගලා තමාට කරදර කරන උගුඩුවා අල්ලාගෙන මිතුරන් සමග සෙට් වෙන්න සිතූ අයකුට සිදුවූ අලි ඇබැද්දියක් පිළිබඳ කතාවක් ගාලු දිසාවේ නගරයකින් අසන්නට ලැබේ. 21 October 2025
‘වෙස්සන්තරගේ’ බිලෙන් සේවකයෝ අලි අමාරුවක සිය ආයතනයෙන් ගිය විනෝද චාරිකාවේදී වියදම් වූ මුදල් පියවීමට සභාපතිවරයාගෙන් ලැබුණු අමුතුම බිල්පතක් නිසා දැන් අලි අමාරුවක වැටුණු ආයතනයක සේවකයින් පිරිසක් පිළිබඳව අපූරු කතාවක් දකුණු පළාතේ නගරයකින් අසන්නට ලැබේ. 20 October 2025
පාට් දාන්න ගිහින් සරම කඩා වැටී කාඩ් කුඩු දිනපතා මත්පැන් භාවිතකර අසභ්‍ය වදන් කියමින් අහළ පහළ අයට මහත් හිසරදයක් ගෙන දුන් පුද්ගලයෙකු පිරිසක් ඉදිරියේ ලැජ්ජාවටත්, කරදරයටත් පත්වූ පුවතක් දකුණු පළාතෙන් වාර්තා වෙයි. 18 October 2025
පරණ පෙම්වතිය දැක දවල් තරු පෙනිලා අසල්වැසි නිවසේ පදිංචියට අලුතින් ආ කාන්තාවගේ ආරාධනයෙන් එහි ගිය අසල්වැසි නිවසේ තරුණ සැමියාට පරණ පෙම්වතිය දැකීමෙන් දවල් තරු පෙනුණු පුවතක් කන්දඋඩරට ප්‍රදේශයේ එක්තරා ගම්මානයකින් වාර්තා වේ. 18 October 2025
සූර් පිට රොටී පිගන් වෙලා ලුණු මිරිස් විතරක් කාලා සබරගමුවේ එක්තරා දුෂ්කර ගම්මානයක සිදුවූ අපූරු කතා පුවතකි. ඔහු ගොවිතැන් කටයුතුවලින් ජීවත් වන්නේය. ගොඩ මඩ ඕනෑම වැඩකට දක්ෂය. 18 October 2025
පැළ සිටුවන්න ගිහින් අලි අමාරුවක රජයෙන් ලැබුණු පැළ සිටුවන්න ගොස් අලි අමාරුවක වැටුණු පෞද්ගලික ආයතනයක ලොක්කකු පිළිබඳ අපූරු කතාවක් ගම්පහ නගරයට නුදුරු ගමකින් අසන්නට ලැබේ. 18 October 2025
කුරුම්බා පිහිටෙන් ඩෝප් සීන් එකෙන් බේරෙයි මත් වතුර පානය කොට වෙරි මතින් නිවසට පැමිණීම ගැන උරණවී අමනාපයෙන් කතා නොකර සිටි සිය මව සහ බිරිඳව ඇන්ඳ වූ අයකු පිළිබඳ පුවතක් මිනිපේ මහගොවි ජනපදයේ ගම්මානයකින් වාර්තා විය. 18 October 2025
මී කඩන්න ගිහින් බක පන්ඩිතයාට වැඩේ වැරදිලා ඔහු දන්න දේකුත් නොමැත නොදන්න දේකුත් නොමැත. ඒ තරම්ම දක්ෂයෙකි. ගමේ බාසාවෙන් කියතොත් බක පණ්ඩිතයෙකි. දිනක් අසල්වැසියකු කියා සිටියේ තම වත්තේ ගල් වැටක මී මැසි ජනපදයක් ඇති බවයි. 18 October 2025
අනියම් පෙම අහුවී බිරිඳට යකා වැහිලා නැගණිය සමග අනියම් ඇසුරේ සිටි සැමියාට ප්ලාස්ටික් ජෝගුවකින් බිරිඳ ප්‍රහාර එල්ල කිරීමෙන් පසුව ඇති වූ තැලීම් තුවාල කිහිපයකට නෑනා ලවාම ආලේපයක් ගාවා ගත් අපූරු තරුණ එක්දරු පියකු පිළිබඳ පුවතක් කෑගල්ල ප්‍රදේශයේ ග්‍රාමයකින් වාර්තා වෙයි. 17 October 2025
කතකට හේත්තුව දමා අලි අමාරුවක වැටිලා බස් රථයේදී කතක් සමග කයියකට ගොස් කවදාවත් නොවුණු අලි අැබැද්දියකට මුහුණදුන් අයකු පිළිබඳව කතාවක් ගාලු දිසාවේ ප්‍රධාන නගරයකින් අසන්නට ලැබේ. ගාල්ල - කොළඹ බස් රථයකි. එහි ඔහුද විය. බසයේ අසුන්වල වාඩිවී සිටි අයට වඩා වැඩි පිරිසක් සිටියේ සිටගෙනය. ඔවුන් ද සිටියේ කිටි කිටියේය. මේ අස්සේ රූමත් කතක් ඔහුට මදහස පෑවාය. ඔහුද පෙරළා මනමාල සිනාවක් දැම්මේය. මේ කත යළි සිනාසුණාය. ඒ සිනාවේ අරුත ඔහුට තේරුම් ගැනීමට වැඩි වේලාවක් ගත නොවූවේය. ඒ නිසාම ඔහු බසයේ සිරවී තෙරපී සෙනඟ 16 October 2025
ලෙඩ පාට් පෙන්නා පොලිසිය අන්දවලා මුදල් ඔට්ටුවට සූදු කෙළිමින් සිටි බූරු පිටියක් පොලිසිය විසින් වැටලීමේදී එහි සිටි තරුණ පිරිස පැන දිවූ අතර එහිදී කොටුවූ වියපත් පුද්ගලයාද උප්පරවැට්ටියක් යොදා ගැලවීගිය පුවතක් දකුණු පළාතේ ගිංගඟ අසබඩ ගම්මානයකින් පසුගියදා අසන්නට ලැබුණි. 15 October 2025
“කැහැටු’’ බල්ලාගෙන් යස පාඩමක් බස් රථයක් පැමිණෙන තුරු බස් නැවතුම් පොළේ රැඳී සිටි තරුණියක අසල ගැවසුණු බල්ලකුට ”හා මේ කැහැටු බල්ලාද ඔයා ආරක්ෂා කරන්න ගෙදරින් එවලා තියෙන්නේ.” යැයි කියු ගැමියකුට එම බල්ලා බිම දමාගෙන සපා කෑමෙන් රෝහල් ගතව ප්‍රතිකාර ගැනීමට වු සිද්ධියක් හසලක ප්‍රදේශයේ ගම්මානයකින් වාර්තාවිය. 14 October 2025
ෆෝනයට ලොල් වී දරුවාත් “මිසින්” වෙලා තම පුත්‍රයාව රැගෙනයාමට උපකාරක පන්තියක් අසලට පැමිණි තරුණ කාන්තාවක එහිදී තමන් ආ කාරිය පසෙකලා ජංගම දුරකතනය ‘චැච්’ කරකර සිටීම නිසා සිදුවූ අලකලංචියක් පිළිබඳව පුවතක් සියනෑවේ උප නගරයකින් පසුගිය දිනෙක අසන්නට ලැබුණි. 13 October 2025
මැණික කන්ඩෙම් කර අන්දවලා මැණික් වලට ප්‍රසිද්ධ දිස්ත්‍රික්කයේ වලවේ ගඟ අසබඩ සිදුවු මැණික් කතාවකි. ඔහු ගොවිතැන් කටයුතුවලට අමතරව පතල් රැකියාව ද කරන්නේය. පතල් රැකියාවට වඩාත් පහසු වුයේ ඔහුගේ නිවස ඉදිරි පිටින් වලවේ ගඟ ගලා යෑමයි. 11 October 2025
හොරෙන් කැපූ කෙහෙල් කැන අයිතිකරුටම විකුණලා සොරෙකු විසින් ගෙවත්තකින් රාත්‍රි කාලයේ කපා ගෙන ගොස් කඩේකට විකුණා තිබු කෙසෙල් කැනෙන් කොටසක් කෙසෙල් කැන අයිති ගෙවත්තේ ගොවියාටම මිලදී ගැනීමට සිදුවු සිද්ධියක් හසලක ප්‍රදේශයේ ගම්මානයකින් වාර්තා විය. 10 October 2025
මඟුල් ගෙදරින් ඩබල් බෝනස් ලැබිලා සබරගමුව පළාතේ සිදුවූ අපුරු කතා පුවතකි.... ඔහු විවාහ මඟුල් ගෙවල්වල අෂ්ටක කියන පුද්ගලයෙකි. ඔහුගේ අෂ්ටක කීම හරිම ලස්සනය. කටහඬ ද මිහිරිය හැම දෙනාගේම සිත් දිනාගැනීමට දක්ෂය. ඒ නිසා දුර පළාත්වලින් පවා ආරාධනා එන්නේය. 09 October 2025
“ෂේප් ලීව්“ දාන්න ගිහින් අමාරුවේ වැටිලා හිටපු ලොක්කාට කේලම් කියා ළං වූවා සේම අලුත් ලොක්කාටත් කේලම් කියන්න ගොස් ලොකු අමාරුවක වැටුණු සේවකයකු පිළිබඳව අපූරු කතාවක් දකුණේ කාර්යාලයකින් අසන්නට ලැබේ. මිනිහා ෂෝට් ලීව්වලට වඩා ආශා කළේ ෂේප් ලීව්වලටය. එයට ප්‍රධානම හේතුව ෂෝට් ලීව් ගත හැක්කේ මාසයටම දෙකකි. දෙකට වඩා ගන්නා සෑම දිනකම වරු නිවාඩුවක් වැටේ. ෂේප් ලීව්වලට එහෙම තහංචියක් නැත. එය නිකම්ම නිකම් ගත හැකි එකක් නොවීය. අනිවාර්යයෙන්ම ලොක්කාට කිට්ටු විය යුතුමය. 08 October 2025
ජොලියට බඩු උස්සා රෙදි ගලෝගෙන විනෝදාංශයට ගමේ වෙළඳසල්වලින් බඩු මුට්ටු සොරකම් කර ගන්නා කාන්තාවකට එම නරක පුරුද්ද අතහැර දැමීමට ගමේ කඩේක මුදලාලි හාමිනේ කෙනකුට හැකිවීම ඇයට කළ යහපතක් බව ගම්වාසීහු පවසති. 07 October 2025
මිස් කොල් මිස් වෙලා මායියාගෙන් ගුටි නොකා බේරිලා ඉංග්‍රීසි භාෂාව නිවරැදි ලෙස හසුරුවා ගත නොහැකි වූ බිරිඳක සිය සැමියාගේ ජංගම දුරකතනයේ සටහන්ව තිබූ මිස් කෝල් යන්න ‘‘මිස්ගේ’’ කෝල් එකක් ලෙස වැරදියට වටහා ගැනීම නිසා නිවස තුළ ජංජාලයක් ඇති වීමේ පුවතක් කන්ද උඩරට ප්‍රදේශයේ එක්තරා ගම්මානයකින් වාර්තා වෙයි. 04 October 2025
හොරු අල්ලා දෙන්න ගිහින් හොරෙන් වතුර අරන් දඩ කාලා ප්‍රජා ජල ව්‍යාපෘතියක නිලධාරීන් කීපදෙනකු විසින් එහි එකතුවෙන මුදල් අයථා ලෙස පරිහරණය කරනවා යැයි ඉහළට පැමිණිලි කළ පුද්ගලයකු එම ජල ව්‍යාපෘතියෙන්ම හොරොන් ජලය ලබාගෙන 35,000ක දඩයක් කෑ පුවතක් ගැන දකුණු පළාතේ ගම්මානයකින් පසුගියදා අසන්නට ලැබුණි. 04 October 2025
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026