(කේෂර ගුණතිලක)

දරුවන් කුඩා අවධියේ සිට පරිගනක භාවිතයට නැඹුරුකිරීමේ අරමුණෙන් බුත්තල ප්‍රදේශයේ පෙරපාසල් දරුවන්ට පරිගනක දැනුම ලබාදීමේ ව්‍යාපෘතියක් බුත්තල ලිට්ල් ස්ටාර් පෙරපාසලේදී ආරම්භකෙරිණි.

බුත්තල නැණසල අනුග්‍රහය යටතේ පැවැත්වෙන මෙම වැඩසටහනට දරුවන් 58 පමණ සහභාගී වූහ.

මෙම ව්‍යාපෘතිය නොමිලේ පැවැත්වෙන අතර ඔබ පෙර පාසලේත් දරුවන්ට පරිගනක පුහුණුව ලබාදීමට අපේක්ෂා කරන්නේ නම් 0706188188 දරන දුරකථන අංකය අමතා වැඩිදුර විස්තර ලබාගත හැක.