
(ලක්මි කුඩලිගම)
අගලවත්ත අධ්‍යාපන කොට්ඨාසයේ පිඹුර විභර්ථා ප්‍රාථමික විද්‍යාලයේ සිසු සිසුවියන් ගේ නිවාසාන්තර ක්‍රිඩා උළෙල ඉකුත්දා විද්‍යාලයේ දී සිදුකෙරිණි.
විදුහල්පති ඩබ්ලිව්.එස්.එස්. සුජිව ප්‍රියදර්ශන මහතාගේ උපදෙස් මත රුහුණු , මයා සහ පිහිටි යන නිවාසවල ක්‍රිඩා කණ්ඩායම් තරග වැදුණු අතර එහිදී පිහිටි නිවාසයට ශුරතාව හිමිවිය.
මයා නිවාසයට අනුශුරතාව හිමිවූ අතර මේ අවස්ථාවට මතුගම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා (පාලන) දර්ශනි සමරක්කොඩි, අගලවත්ත කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂිකා අනුෂ්කා කංකානම්ගේ ඇතුළු කලාප අධ්‍යාපන කාර්යාලය නිලධාරි පිරිසක් සහ දෙමාපියන් එක්විය.
විදුහල්පති ඩබ්ලිව්.එස්.එස්. සුජිව ප්‍රියදර්ශන මහතාගේ මග පෙන්වීමෙන් නියොජ්‍ය විදුහල්පති වජිර කුමාර මහතා සහ ගුරුමණ්ඩලය දෙමාපියන් විසින් මෙම උස්සවය සංවිධානය කෙරිණි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd