IMG-LOGO

2025 නොවැම්බර් මස 09 වන ඉරිදා


ජාතික ශිෂ්‍ය භට සම්මාන ප්‍රදානෝත්සවය

(මනෝප්‍රිය ගුණසේකර)

ජාතික ශිෂ්‍යභට බළකායේ 07 වැනි බලඇණීය  සංවිධානය කරන ලද 2022 ශිෂ්‍යභට දක්‍ෂතා හා සේවා ඇගැයීමේ සම්මාන ප්‍රද්‍රානෝත්සවයේදී දක්‍ෂතම ශිෂ්‍යභටවිය ලෙස ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයේ සැරයන් එම්.පී.ටී. ගුණවර්ධන ශිෂ්‍යාව ද දක්‍ෂතම ශිෂ්‍යභටයා ලෙස කදාන ද මැසිනොද් විද්‍යාලයේ සැරයන් ඩබ්ලිව්.එස්.එම්. ප්‍රනාන්දු ශිෂ්‍යා ද  සම්මාන ලැබුහ.

ශිෂ්‍යභට දක්‍ෂතා හා සේවා ඇගැයීම සඳහා වේයන්ගොඩ මධ්‍ය මහා විද්‍යාලයේ පැවති උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී වු ජාතික ශිෂ්‍යභට බළකායේ බස්නාහිර පළාත් හිටපු නියෝජ්‍ය අධ්‍යක්‍ෂ කර්නල් ජී.ඩී.ආර්. සරත්චන්ද්‍ර වේයන්ගොඩ මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පති සමීර සෝමරත්න සහ යොවුන් සේනාංක බස්නාහිර පළාත් අධ්‍යක්‍ෂක කර්නල් එල්.පි මෙන්ඩිස් යන මහත්වරුන්ගෙන් ඔව්හු එලෙස සම්මාන ලැබුහ.

මෙම උත්සවයේදී ශිෂ්‍යභට ඛණ්ඩබාර ගුරු මහත්ම මහත්මීන්ද ශිෂ්‍යභට නිත්‍ය කාර්‍ය මණ්ඩලයේ උපදේශකයන් වශයෙන් කටයුතු කරන යුධ, නාවික සහ පොලිස් නිලධාරීන් සඳහා සේවා ඇගයීමේ සහතික පත් මෙන්ම ජාතික ශිෂ්‍යභට තරඟාවලියේ පෞද්ගලික දක්‍ෂතා දක්වන ලද ශිෂ්‍යභට බාලක බාලිකාවන්ට සහතික පත්ද බේදා දුන්හ.

 



අදහස් (0)

ජාතික ශිෂ්‍ය භට සම්මාන ප්‍රදානෝත්සවය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 384 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2168 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1648 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site