(යොහාන් භාසුර)
කොළඹ, ආනන්ද විද්‍යාලයේ හරිත පාසල් ව්‍යාපෘතිය ශ්‍රී ලංකා දේශගුණික අරමුදල ස්වාධින නිර්දේශයට යටතේ පිරිනැමූ අයිඑස්ඕ ජාත්‍යන්තර සම්මාන දෙකක් හිමිකරගත්තේය.
ශ්‍රී ලංකාවේ පාසලක් අයිඑස්ඕ - 14064 සහ අයිඑස්ඕ - 14046 යන සම්මාන ද්විත්ව හිමිකරගත් පළමු අවස්ථාව මෙය වේ.
‘හරිතානන්ද’ ව්‍යාපෘතිය ආනන්ද ඉතිහාසයේ ප්‍රධාන සංදිස්ථානයක් බවට පත්වෙමින් හරිතාගාර වායු විමෝචනය ගණනය කිරීමට, වාරිතා කිරීමට සහ අවම කිරීම වෙනුවෙන් කළ කැපවීම ඇගයිමට ලක් කරන අයිඑස්ඕ - 14064 සම්මාන ලැබීය.
එම විද්‍යාලය ඍජු හා වක්‍ර ජල පරිභෝජනයට අදාළ බහුවිධ ක්ෂේත්‍ර පදනම් සහ ජාත්‍යන්තර ප්‍රමිති සංවිධානය, යුරෝපිය සංගමයෙන් සංවර්ධනය කරන අයිඑස්ඕ ප්‍රමිතිය ජල සංරක්ෂණය, පරිභෝජනය ගුණාත්මකතාව උදෙසා ගන්නා උපාය මාර්ග සහ ජිවන චක්‍ර තක්සේරු කිරීම සඳහා වන අයිඑස්ඕ - 14046 සම්මාන ද හිමිකර ගත්තේය.
ආනන්ද විද්‍යාලයේ විදුහල්පති ඩී.එම්.එල්.පී. දිසානායක මහතාගේ පූර්ණ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක ආනන්ද විදුහල් හරිත පාසල් ව්‍යාපෘතියට අයිඑස්ඕ ප්‍රමිතිය තත්ව ප්‍රදානයන් හිමිකර ගැනීමේ වගකීම ජේ.ඒ.කේ ජනකාන්ත ගුරුතුමා යටතේ ක්‍රියාත්මක විය.
මෙම ව්‍යාපෘතියට ආදි ආනන්දීය වෛද්‍ය සංගමය අනුග්‍රහය දැක්වීය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
කොළඹ ආනන්ද විදුහලට පරිසර සම්මාන දෙකක්