සිරියා ජනාධිපති බෂාර් අල් අසාද් සිය ධූරයෙන් ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් මේ වන විට සාකච්ඡුා ආරම්භ කර ඇති බව එරට රජය පෙරේදා(21) ප‍්‍රකාශ කළේය.
අභ්‍යන්තර යුද්ධයක් දක්වා දිග්ගැස්සුණු සිරියා අර්බුදය විසඳීමේ අරමුණින් මෙම සාකච්ඡා ආරම්භ කිරීමට තම රජය තීරණය කළ බව රුසියාවේ සංචාරයක නිරත සිරියානු නියෝජිත කණ්ඩායම පෙරේදා කියා සිටියේය.
මේ වන විට සිරියාව පුරා ගැටුම්කාරී තත්ත්වය උත්සන්නව ඇති බවත් පෙරේදා රජයේ හමුදා සහ කැරැලිකරුවන් අතර ඇති වූ ගැටුම්වලින් සිවිල් වැසියන් 128 දෙනකු ජීවිතක්ෂයට පත්ව 81 දෙනකු තුවාල ලැබූ බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
දිනපතා රට තුළ ගැටුම් උත්සන්නවීමත් සමඟ ජාත්‍යන්තරයෙන් ජනපති අසාද්ට සිය ධූරයෙන් ඉවත්වන ලෙසට වන බලපෑම් හමුවේ එරට රජය මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට තීරණය කර ඇතැයි විදෙස් විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
අසාද්ගේ ඉල්ලා අස්වීම පිළිබඳව රුසියාව සමඟ සාකච්ඡා මේ වන විට ආරම්භ කර ඇති බව කී සිරියා උප අගමැති කදීර් ජමිල් සඳහන් කළේ ජනපති අසාද්ගේ ඉල්ලා අස්වීම සුහදව සිදුවන එකක් බවයි.
සිරියා උප අගමැති කදීර් ඇතුළු නියෝජිත කණ්ඩායම රුසියාවට පැමිණ ඇත්තේ සිරියාවේ ජනාධිපතිවරණයක් පැවැත්වීමට ඇති හැකියාව පිළිබඳව සාකච්ඡා කිරීමට බව ප‍්‍රංශ පුවත් සේවය සඳහන් කරයි. වත්මන් ජනපති අසාද්ට ද එම ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට හැකි වන පරිදි කටයුතු කිරීම සම්බන්ධයෙන්ද රුසියානු රජය සමඟ සාකච්ඡා කිරීමට නියමිත බව එම පුවත්සේවය වැඩිදුරටත් සඳහන් කළේය.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ සිරියා විපක්ෂ කි‍්‍රයාකාරීන් පැවසුවේ අන්තර්වාර රජයක් පිහිටුවීමට ඇති හැකියාව පිළිබඳව තමන් අවධානය යොමු කර ඇති බවයි. එහිදී අන්තර්වාර රජයට වත්මන් පාලකයන් සම්බන්ධ කර ගන්නේද යන්න පිළිබඳව ඔවුහු අදහස් දක්වා නොමැති බව වාර්තා වේ.
2025 දෙසැම්බර් මස 16
84
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
881
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
617
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
සිරියා ජනපති අසාද් ධූරයෙන් ඉවත්වීමේ සූදානමක්
හසිත් Thursday, 23 August 2012 11:23 AM
සිරියාවට කොහොම හරි ෂරියා නීතිය ගේන්න ඕන.(ස)
ෂහේහාර් ඩේවුඩ් Thursday, 23 August 2012 04:34 PM
මේ සේරම වෙන්නේ සරියා නීතිය නිසයි. (නි)