ජෝර්දානයට මායිම්ව පිහිටි සිරියානු කඳවුරේ සිටින සිවිල් වැසියන් මුදා ගැනීමට උපකාර කරන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය අද (30) සඳහන් කළේය.
කාන්තාර ප්‍රදේශයක පිහිටි මෙම සරණාගර කඳවුරේ තත්ත්වය ඉතාම නරක අතට හැරී ඇතැයි පැවසෙන අතර එය පිහිටා ඇත්තේ ද කාන්තාර ප්‍රදේශයකය. “සිවිල් වැසියන් මුදා ගැනීමේ කටයුතුවලට පහසුකම් සපයන්න අපි සූදානම්” යැයි සිරියාවේ එක්සත් ජාතීන්ගේ මානුෂීය සේවා කණ්ඩායමේ ප්‍රධානී පානෝස් මවුම්ට්සිස් පැවැසීය.
මෙම සරණාගත කඳවුර රුක්බන් යනුවෙන් හැඳින්වේ.

“ස්වේච්ඡා ආකාරයෙන් මෙය සිදුවෙනවා” යැයි සිරියාවේ බීරූට් නුවරදී මාධ්‍යවේදීන් අමතමින් හෙතෙම කීය. එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව මෙම සරණාගත කඳවුරේ තත්ත්වය ඉතාම දරුණු අතට හැරී තිබේ.
සරණාගත කඳවුර ආසන්නයේ හමුදා කඳවුරක් ද පිහිටා ඇත. ඇමෙරිකා එක්සත් ජනපදය ප්‍රමුඛ ඒකාබද්ධ හමුදා ඉස්ලාමික් ස්ටේට් සංවිධානයට එරෙහිව සටන් වැදීම සඳහා එම කඳවුර භාවිත කළේය.එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව සරණාගත කඳවුර සහ හමුදා කඳවුර ආශ්‍රිත ප්‍රදේශයේ 12,700කට ආසන්න පිරිසක් හුදෙකලා වී සිටිති.
ප්‍රදේශවාසීන්ට ආරක්ෂිතව පිටත්ව යෑම සඳහා ආරක්ෂිත තීරුවක් විවෘත කළ බව සිරියානු සහ රුසියාව පසුගිය පෙබරවාරි මාසයේදී නිවේදනය කළේය. සිරියානු සිවිල් යුද්ධයේදී රුසියාවේ සහාය හිමිවන්නේ සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද් ප්‍රමුඛ රජයටය.
මෙම ප්‍රදේශවල ජීවත් වූ සම්පූර්ණ ජනගහනයෙන් අඩකට වඩා වැඩි පිරිසක් නිවෙස් හා ගම්බිම් අත්හැර දමා ගොස් ඇතැයි ද එක්සත් ජාතීන්ගේ සංවිධානය සඳහන් කළේය.
ඒ.එෆ්.පී. ඇසුරිනි
055

2025 නොවැම්බර් මස 21
314
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
340
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1273
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
සිරියානු කඳවුරේ සිටින පිරිස මුදා ගැනීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් උපකාර
Channa Sunday, 01 September 2019 10:28 AM
සිරියාවේ බීරූට් නුවරදී මාධ්‍යවේදීන් අමතමින් හෙතෙම කීය. ????