සමලිංගික විවාහ පිළිබද ගැටළුව ඕස්ට්‍රේලියා මැතිවරණ වේදිකාවද උණුසුම් තත්ත්වයට පත් කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
සමලිංගික විවාහ ආධාරකරුවන් සිඩ්නි නගරයේ වීදි ඔස්සේ විරෝධතා පැවැත්වීමට පටන් ගෙන තිබේ. අගමැති මැල්කම් ටර්න්බුල් මෙම ගැටළුව පිළිබඳ වඩාත් ප්රගතිශීලී ප්‍රතිචාරයක් දක්වනු ඇතැයි සමහර ඡන්ද දායකයෝ විශ්වාස කරති.
ඕස්ට්‍රේලියා ෆෙඩරල් මැතිවරණ ක්‍රියාවලියේ අවසාන දින කිහිපයේ මෙම ප්‍රශ්නය ප්‍රධාන තැනක් ගෙන ඇත. මෙම මැතිවරණයෙන් තමන් බලයට පත් වුවහොත් සමලිංගික විවාහ සම්බන්ධයෙන් ජනමත විචාරණයක් පවත්වන බවට පාලක කොන්සර්වේටිව් ලිබරල් පක්ෂය පොරොන්දු වී තිබේ.
එමෙන්ම ඒ සදහා ජනමත විචාරණයක් මෙම වසර අවසානයේදී පවත්වන බවට එරට අගමැතිවරයාද ප්‍රකාශ කර තිබේ. ජනමත විචාරණයක් පැවැත්වුවද එහි ප්‍රතිපලය පමණක් නොසැහෙන බවත් ඒ සදහා පාර්ලිමේන්තු සම්මත කිරීමක් අවශ්‍ය බවත් සදහන් වේ.
එරට අගමැතිවරයා සමලිංගික විවාහ යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරන බවට ප්‍රකාශ කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සම ලිංගිකත්වය එන්නේ ජාන එක්ක. එක වෛද්‍ය විද්‍යාවේ සදහන් වන දෙයක්. මෙය මත්ද්‍රවය වගේ පුනරුප්තාපනය කරලා කරන්න බෙතෙතුත් නැහැ. ඔවුන්ට ඔවුන්ගේ නිදහසට ඉඩ දී ජීවිතය ගෙන යන්න ඉඩ දෙන්න ඕන. මෙය මානසික ලෙඩක්වත් මොකක්වත් නෙමෙයි. ජානත් එක්ක එන දෙයක්. (ර)
සමලිංගිකයන්ට වෙනම පුනරුත්තාපන කඳවුරක් තිබිය යුතු බව මගේ අදහස. ඔවුන් මෙම ජාන විකෘතියෙන් පිටතට ගත යුතුය. (බ)
රුවන්, ඒක ඔබේ දැනුම පිළිබඳ ප්‍රශ්නයක්. සමලිංගිකත්වය කියන්නෙ විකෘතියක් නොවෙයි. පුනරුත්තාපනය කරන්න ඕනෑ ඔයාලා වගේ කුහක මානසිකත්වයෙන් ඉන්න පිරිසයි. අප්‍රිකානු රටවල් සහ මුස්ලිම් රටවල් ඇරෙන්න මුළු ලෝකයම අද මේ ගැන ධනවාදීව විවෘතව බලන්නෙ. සමලිංගික පිරිසක් ඕනෑම සමාජයක ඕනෑම කාලයක ජීවත්වෙනවා. ඒක ආශාව පිළිබඳ විවිධත්වයක්. (නි)
දැන් ලංකාවේ නම් මේවා ගණන් ගන්නේත් නැතිතරම්. බලන්නකෝ අපේ සමහර ප්‍රසිද්ධ මාධ්‍ය වල පළවන දේවල්. (නි)
මිනිස් පරිනාමය්‍ෙ ඉදිරි පියවර. (ර)
ජනමත විචාරණයක් තිබ්බොත් 10% ඡන්ද ප්‍රතිශතයක්වත් මේකට කැමැත්ත දක්වන්නේ නැහැ . කැමති කෙනෙක් ඉන්නවානම් මේක මම අද කිව්වා කියලා මතක තියාගෙන ඉන්න (බ)
මම නම් කියන්නේ සමලිංගිකයින්ට විවාහවීමට අවසර දියයුතුයි. ඒක ඒගොල්ලන්ගේ අයිතිය (නි)
මම නම් කියන්නේ සමලිංගිකතාව කියන්නේ මානසික ලෙඩක් කියායි. ඔවුන්ව ප්‍රතිකාර වලට යොමුකරවිය යුතුයි. (නි)
ශ්රී ලංකාව තවම සමලිංගික ප්‍රවණතාවය ගැන කතා නොකරනවා විතරයි. අනෙක් වැඩ සියල්ලම අඩු නැතුව සිදුවෙනවා. (නි)