IMG-LOGO

2024 ජුනි මස 18 වන අඟහරුවාදා


ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙනී සිටින්නැයි පාකිස්තාන නව අගමැතිට නියෝග

පාකිස්තාන ජනාධිපති අසීෆ් අලී සර්දාරිට එරෙහිව නඩු පැවැරීමට අපොහොසත්වූ එරට නව අගමැති රාජා පර්වේස් අෂ්රෆ් හට මේ මස අගදී අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි ඊයේ(8) ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය. ජනාධිපති සර්දාරිට එරෙහිව ඇති දූෂණ නඩු විභාගය යළි ආරම්භ කරන්නැයි ස්විට්සර්ලන්ත රජයට දැනුම් දෙන ලෙස එරට ශ්‍රේෂ්ඨාධිකරණය අගමැති පර්වේස්ට අගෝස්තු 8 වැනිදා දක්වා කල් ලබා දී තිබිණ. අනතුරුව අද වනතෙක් එම නියෝගය අනුව කටයුතු කිරීමට අගමැතිවරයා අපොහොසත් වීම  හේතුවෙන් මේ මස 27 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අගමැති පර්වේස්ට නියෝග කර ඇත. පර්වේස්ට පෙර අගමැති ධුරයේ සිටි යූසොෆ් රාසා ගිලානිට ධුරය අහිමි වූයේ ද ශ්‍රේෂ්ඨාධිකරණය දුන් එම නියෝගයට අනුව කටයුතු කිරීමට ඔහු අපොහොසත් වූ නිසාය. එම නිසා ඔහු ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාස කළේ යැයි වරදකරුවකු වූ අතර ඉන්පසු අගමැති ධුරය ද ඔහුට අහිමි විය. නව අගමැති ලෙස පර්වේස් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවට අනුව කටයුතු නොකළහොත් ඔහුට ද අගමැති ධුරය අහිමි වීමේ අවදානමක් ඇතැයි පාකිස්තාන දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති. ඉකුත් මාසයේදී අගමැතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වා සිටියේ පාකිස්තාන ජනාධිපති සර්දාරිට එරෙහිව නඩු පැවැරිය හැක්කේ ඔහු ජනාධිපති ධූරයෙන් ඉවත්ව ගියහොත් පමණක් බවත් ජනපති ධූරයේ රැඳී සිටිද්දී ඔහුට එරෙහිව නීති මඟින් කටයුතු කිරීමට නොහැකි බවත්ය.



අදහස් (0)

ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙනී සිටින්නැයි පාකිස්තාන නව අගමැතිට නියෝග

අමිල කටුනායක Thursday, 09 August 2012 06:56 PM

පරිස්සමින්. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

පාකිස්තානයට වඩා න්‍යෂ්ටික අවි ඉන්දියාව සතුයි
2024 ජුනි මස 18 84 0

පාකිස්තානයට වඩා න්‍යෂ්ටික අවි ඉන්දියාව සතු බවත්, ඉන්දියාවට සහ පාකිස්තානයට වඩා න්‍යෂ්ටික අවි චීනය සතු බවත්, ලෝකයේ න්‍යෂ්ටික අවි සම්බන්ධයෙන් ස්වීඩන පර


පුටින් උතුරු කොරියාවේ
2024 ජුනි මස 18 1006 0

රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් උතුරු කොරියාව බලා පැමිණියේය. ඒ, උතුරු කොරියා නායක කිම් ජොන් උන්ගේ විශේෂ ආරාධනයක් පිළිගනිමිනි.


මස් කන බැක්ටීරියා ආසාදිතයෝ 1,000 පනී
2024 ජුනි මස 18 4893 4

මාංශපේෂීන් දිය කරමින්, ස්ට්‍රෙප්ටෝකොකල් ටොක්සික් ෂොක් සින්ඩ්‍රොම් නමැති රෝගී තත්ත්වය ඇති කරන, බැක්ටීරියාව ආසාදනය වූ රෝගීන් ගණන 1,000 ඉක්මවා ඇතැයි ජපන් ස


කොරියන් විද්‍යාඥයෝ මස් රයිස් හදලා
2024 ජුනි මස 17 2774 2

දකුණු කොරියාවේ සෝල් අගනුවර විද්‍යාඥයන් පිරිසක්, හරක් මස් සෛල මුසු කළ අලුත් සහල් වර්ගයක් නිර්මාණය කර තිබේ.


ගුවන් යානය කැඩිලා නවසීලන්ත අගමැති මගී යානයකින් යයි
2024 ජුනි මස 17 2426 3

ජපානය බලා යමින් සිටියදී නවසීලන්ත අග්‍රාමාත්‍ය ක්‍රිස්ටෝපර් ලුක්සන්ගේ නිල ගුවන් යානයේ දෝෂයක් හටගත්තේය. දෝෂය හේතුවෙන් අග්‍රාමාත්‍යවරයාට සාමාන්‍ය ගු


ඉන්දියාවේ දුම්රිය අනතුරක්
2024 ජුනි මස 17 1092 0

නැගෙනහිර ඉන්දියාවේ දුම්රිය දෙකක් ගැටී සිදුවුණු අනතුරින් පස් දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. අනතුරින් තවත් 30 කට වැඩි පිරිසක් තුවාල ලැබූහ. අනතුර සිදුවූයේ භාණ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 1329 1
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 3051 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 2497 6
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site