වාමන මිනිසුන් කණ්ඩායමක් එක්ව තනාගත් පාපන්දු කණ්ඩායමක් ගැන වාර්තා වන්නේ බ‍්‍රසීලයෙනි.

ප‍්‍රමාණයන් කුඩා වුවද තමන් මෙන් දෙතුන් ගුණයක් උස ක්‍රිඩකයින් හා කරට කර තරග කිරීමට ඔවුන් සමත්ය.කණ්ඩායමේ මිටිම ක්‍රිඩකයා වන්නේ අඩි 3 යි අගල් 3 ක් උසැති ‘‘වැග්නර් ලව්‘‘ වන අතර ඔහු ඉලක්කයට ගෝලය එල්ල කිරීමට අති දක්ෂයෙකි.

පුහුණුකරු මැක්ස් පවසන ආකාරයට කණ්ඩායමේ සාමාජිකයින්ට සාමාන්‍ය ශරීර ප‍්‍රමාණයන් දරන ක්‍රිඩකයින් හා සමවනම දස්කම් පෙන්විය හැකිය.

තමන් මෙසේ කණ්ඩායමක් තනා ගැනීමට අදහස් කළේ කුරු මිනිසුන් යැයි සමාජය තමන්ට අලවා තිබෙන ලේබලය නිසා යැයි ක්‍රිඩකයින් කියයි.තමන්ට කිසිදු වැඩක් පලක් කළ නොහැකි යැයි සිතා සිටින සමාජයේ බහුතරයට එය කෙතරම් වැරදි අදහසක්දැයි පෙන්වා දීමට තම කණ්ඩායම ක්‍රිඩාකරන විට ප්‍රෙක්ෂකාගාරයෙන් නැගෙන ඔල්වරසන් හඩ හොදම පිළිතුර වන්නේ යැයි ඔවුන් පවසයි.

දැනටමත් මෙම වාමන පාපන්දු කණ්ඩායම ප්‍රෙක්ෂකයින් 30000 ක් පමණ එක්රැස්ව නරඹන පාපන්දු තරග වලට සහභාගී වේ.දෙතුන් ගුණයක් විශාල තරගකරුවන් හා තරග වැද ඔවුන් පරාජය කරන තම කණ්ඩායමේ ක්‍රිඩකයින් ප්‍රෙක්ෂකයින්ව අමන්දානන්දයට පත්කිරීමේ සමත් බව පුහුණුකරු මැක්ස් පවසයි.

අනාගතයේදී ලෝක කුසලාන පාපන්දු තරගාවලීන්ටත් සහභාගී වීම ඔවුන්ගේ බලාපොරොත්තුවයි.