වෙඩි ඛෙහෙත් වෙනුවට විදුලිය භාවිතයෙන් ප්‍රහාර එල්ල කිරීමේ සමත් ප්‍රහාරක අවි විශේෂයක් හදුන්වාදීමට ඇමරිකා නාවික හමුදාව සැරැසෙයි.
‘රේල් ගන්‘ ලෙස හැදින්වෙන මෙම අවි බලගැන්වෙන්නේ විදුලි බලයෙනි.සාම්ප්‍රදායික අවියක වෙඩි ඛෙහෙත් පුපුරුවා හැරීමෙන් උණ්ඩය ඉලක්කය කරා යවන කාර්යය කිරීමට මෙම අවියේ ඇත්තේ විද්‍යුත් චුම්භක ක්ෂේත්‍ර ජනකයකි.සැපයෙන විදුලියෙන් කි්‍රයාත්මක වන මෙම ජනකයෙන් ඇති කරන විද්‍යුත් චුම්භක ක්ෂේත්‍රයේ උණ්ඩය තැබේ. චුම්භක ක්ෂේත්‍රයේ තීව්‍රතාව අඩු වැඩි කිරීම මගින් එම උණ්ඩය ඉලක්කයන් කරා යොමුකළ හැකියැයි ඇමරිකා නාවික හමුදාව කියයි.
ශබ්දයේ වේගයට වඩා සත් ගුණයක් පමණ වන වේගයකින් මෙම අවියෙන් නිකුත් වන උණ්ඩයන් ගමන් කරන බව සදහන්ය.එවන් වේගයකදී එම උණ්ඩයන් සතු වන චාලක ශක්තිය කෙතරම්ද යත් එම ශක්තිය ඉදිරියේ ඉලක්ක විනාශ කිරීමට පෙර මෙන් උණ්ඩ වලට පුපුරණ ද්‍රව්‍ය යෙදීමටවත් අවශ්‍ය නොවනු ඇතැයි පැවසේ.
මෙම අවියෙන් නිකුත් වන උණ්ඩයක් අගල් භාගයේ වානේ තහඩු 6 ක් පසාරු කරගෙන යන අන්දම දැක්වෙන වීඩියෝවක්ද අන්තර්ජාලයට එක් කිරීමට ඇමරිකා නාවික හමුදාව කටයුතු කර තිබේ.
ගුවන්යානා,ප්‍රහාරක නෞකා,සන්නද්ධ රථ,මෙන්ම මිසයිල ප්‍රහාරයන්ද මර්දනය කිරීමට මෙම අවිය යොදාගැනීමට හැකිවනු ඇතැයි ඇමරිකා නාවුක හමුදාව පවසයි.
2025 නොවැම්බර් මස 17
65
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
901
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2527
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
වෙඩිබේත් විශ්‍රාම ගන්වයි?