IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


ලෝක බැංකු මුල් පුටුවට තවමත් සුදුස්සකු නැහැ

ලෝක බැංකු අධිපති පදවියට කෙනකු පත් කර ගැනීම සඳහා ඇමෙරිකාව ඉමහත් දුෂ්කරතාවකට මුහුණ දී සිටියි. ලෝක බැංකුවේ වත්මන් අධිපති රොබට් සූලික්ගේ නිල කාලය මේ වසරේ ජූලි 30 වැනිදා අවසන් වේ. තම නිල කාලය තවත් දීර්ඝ කර ගන්නේ නැතැයි සූලික් පවසා ඇත. සාම්ප‍්‍රදායික ලෙස ලෝක බැංකු අධිපති පදවියට පත් කෙරෙන්නේ ඇමෙරිකා රජයේ හිතවාදියෙකි. ඔබාමා පරිපාලනය එම තනතුරට තිදෙනකු නම් කර ඇති නමුත් ඔවුහු තිදෙනාම එම තනතුර ලබා ගැනීමට මැලිවෙති. ඔවුන් තිදෙනාගෙන් එක් අයකු වන්නේ ඇමෙරිකා රාජ්‍ය ලේකම් ධුරය වෙනුවෙන් තරඟ කිරීමට සැරසෙන සූසන් රෝස්ය. අනෙකා ඇමෙරිකා ආර්ථික විශේෂඥයකු වන ලොරන්ස් සමර්ස්ය. කෙසේ නමුත් ඇමෙරිකා රජයට ගැටලූවක් වී ඇත්තේ නතතුරු භාර ගැනීමට ඇමෙරිකාවේ විපක්ෂ හිතවාදී ජෙෆ්රි සැෂේ කැමැත්ත පළ කර තිබීමය. සැෂේට සංවර්ධනය වෙමින් පවතින රටවල සහාය ලැබෙන අතර ඔහුට එම තනතුර හිමි වුවහොත් ඇමෙරිකා රජයට, ඔහුට බලපෑම් කිරීමට නොහැකි වේ. එක්සත් ජාතීන්ගේ සහස‍්‍ර සංවර්ධන අරමුණු වැඩසටහන්වල ද නායකත්වය දැරූ ජෙෆ්රි සැෂේට, මැලේසියාව, ජෝර්දානය, නැගෙනහිර ටිමෝරය සහ කෙන්යාව වැනි රටවල සහාය දැනටමත් හිමි වී ඇත. ලෝක බැංකු අධිපති පදවිය වෙනුවෙන් නාම යෝජනා භාර ගැනීම එළැඹෙන 23 වැනිදා අවසන් වේ.



අදහස් (0)

ලෝක බැංකු මුල් පුටුවට තවමත් සුදුස්සකු නැහැ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 747 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site