මහා මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය ලැබූ ජයග්‍රහණය සැමරීම සඳහා සුහද හමුවක් සහ ප්‍රිය සම්භාෂණයක් ලන්ඩන් නුවරදීසංවිධානය කර තිබිණි.
මහා බ්‍රිතාන්‍යයේ එක්සත් ජාතික පක්ෂ ශාඛාව පැවැත්වූ එම සාදය සඳහා ශාඛා සමිති සාමාජිකයින් සහ හිතමිතුරන් රැසක්ම සහභාගිවු බව ශාඛා සමිතියේ ලේකම් අසාහිම් මොහමඩ් පැවසිය.
මෙහිදී රනිල් වික්‍රමසිංහ නව රජයේ අගමැති ධූරය සඳහා තේරී පත්වීම පිළිබඳවද ඔවුනගේ සුභ පැතුම් එක් කැරිණි.
ශාඛා සමිති සභාපති වරයා දැනට ශ්‍රී ලංකාවේ සිටින නිසා පැමිණ සිටි සියලුදෙනා පිළිගනු ලැබුවේ ලේකම් අසාහිම් මොහමඩ් විසිනි. එක්සත් ජාතික පක්ෂය බලයෙන් බැහැරව සිටි පසුගිය විසි වසරක කාලයේ පක්ෂය හැර නොගොස් ඉමහත් බලාපොරොත්තුවකින් සහ ඉවසීමකින් පක්ෂයේ දියුණුව සඳහා අප කැපවී කටයුතු කිරීම පිළිබඳව සියලුම දෙනාගේ ස්තුතිය මෙම ජයග්‍රාහී අවස්ථාවේ පිරිනමන බව එහිදී ඔහු පැවසුවේය.
"අද මෙතනට පැමිණසිටින සමහර මිත්‍රයින් මේ ශාඛාවේ වසර 39 ක් වැනි දීර්ඝ කාලයක් තිස්සේ සාමාජිකත්වය දරන අය බව මම සතුටින් පවසමි. අප ශාඛාව ආරම්භ කෙරුනේ 1976 ඔක්තෝබර් 3 වනදා හිටපු ජනාධිපති ජේ. ආර්.ජයවර්ධන විසිනුයි. එදා මෙදා තුර මෙම ශාඛාව අප පක්ෂයේ වැඩකටයුතු සඳහා නොකඩවා මුල්‍යමය වශයෙන් සහ වෙනත් අකාරයෙන් නිරන්තරයෙන් සහයෝගය ලබාදුන් බව පවසන්නේ සතුටිනි. අද වනවිට අපගේ පැරණි සාමාජිකයින් සහ අලුත් පරපුරේ තරුණයින්ද එකතුව මෙම ශාඛාව තවදුරටත් ශක්තිමත්ව ක්‍රියාත්මක වනු දැකීමද සතුටට කරුණකි" යනුවෙන්ද ඔහු පැවසුවේය.
මහාබ්‍රිතාන්‍යයේ එක්සත් ජාතික පක්ෂ ශාඛාවේ 39 වන වාර්ෂික සැසිවාරය මෙම ඔක්තෝබර් මාසයේදී පැවැත්වීම සඳහා කටයුතු සුදානම් කර ඇති බවද මෙහිදී ප්‍රකාශවිය.
බ්‍රිතාන්‍ය ශාඛාවේ උප සභාපති දිලාල් තිලකරත්න ස්තුති කතාව කල අතර දීර්ඝ කාලයක් පක්ෂ ශාඛාවේ උන්නතිය සඳහා කටයුතු කල නෙවිල් විජේසිංහ සහ බ්‍රිතාන්‍ය ශාඛාවේ තරුණ පෙරමුණේ සභාපති හේෂාන් පෙරේරාද මෙහිදී කතා කළහ.
මෙම සුහද හමුව සංවිධානය කළේ මහා බ්‍රිතාන්‍ය ශාඛාවේ මාධ්‍ය ලේකම් කපිල මල්ලිකාරච්චි විසිනි.
විශේෂ කේක් ගෙඩිය කපා එක්සත් ජාතික පක්ෂය මැතිවරණයේදී ලැබූ ජයග්‍රහණයට, නව අගමැතිට සහ නව රජයට මෙන්ම දේශපාලන පක්ෂ, ජාති හෝ ආගම් බේදයකින් තොරව ශ්‍රී ලංකා වාසී සියලුම දෙනාට සුභ පතනු ලැබිය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාමත් වටිනා දෙයක් .මිලාන් අපිත් ඔයාලට සුබ පතනවා (බ)
ඔව් ඉතින් වෙන කොහේ කරන්නද අපේ රට විනාස වෙනකොට සමරන ඉහලම රට තමයි ඕක. (නදී)
කුවෛට් වල සමරපු ෆොටෝස් මගේ ළඟ තියනවා (ම)
ජය වේවා.(හේ)