කොරෝනා වෛරස් වසංගතය පැතිරීම වැලැක්වීම සඳහා චීනයට ඇතුළු වන සියලුම මාර්ග මාර්තු දෙවැනිදා දක්වා වසා දමන බව මොංගෝලියානු රජය නිවේදනය කර තිබේ.
දැනට චීනයේ සිටින මොංගෝලියානු වැසියන්ට පෙබරවාරි හය වනදා දක්වා ආපසු සියරට බලා පැමිණීමට අවස්ථාව ලබා දී ඇත.
කෙසේවෙතත් චීනය හරහා මොංගෝලියාවට යන චීන නොවන විදේශීය ජාතිකයන්ට එසේ කිරීමට අවසර නොලැබෙනු ඇතැයි සඳහන් වේ.
මොංගෝලියාව, රුසියාව සහ චීනය අතර පිහිටා ඇති අතර තවමත් කිසිදු කොරෝනා වෛරස රෝගියෙකු වාර්තා වී නොමැත.
කොරෝනා වෛරසය ව්‍යාප්ත වීමේ කේන්ද්‍රස්ථානය වන චීනයේ වුහාන් නගරයේ සිටින මොන්ගෝලියානු ජාතිකයින් 30 දෙනකු ගෙන්වා ගැනීමේ කටයුතු සිදුකරන බවද එරට රජය පවසයි.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd