බටහිර අප්‍රිකානු රටක් වන බර්කිනා ෆාසෝහි නැගෙනහිර රන් පතල් කම්කරුවන් පිරිසක් ගමන් කරමින් සිටි රථ පෙළකට එල්ල වූ ප්‍රහාරයකින් 37දෙනකු මියගොස් 60 දෙනකුට වැඩි පිරිසක් තුවාල ලබා ඇතැයි වාර්තා වේ.

බවුන්ගූ ප්‍රදේශයේ පිහිටි පතලක් වෙත ගමන් කරමින් සිටි කම්කරුවන් පිරිසකට මෙසේ ප්‍රහාර එල්ලවී ඇත.

මෙම කම්කරුවන් ප්‍රවාහනය කළේ මිලිටරි ආරක්ෂාව සහිතව බව පතල් හිමිකරු වන සෙමාෆෝ පවසයි.

මෙය නාඳුනන සන්නද්ධ පිරිසක් සැඟවී එල්ල කරන ලද ප්‍රහාරයක් ලෙස නැගෙනහිර ආණ්ඩුකාර කාර්යාලය පවසයි.

මියගිය සංඛ්‍යාව මීට වඩා වැඩිවිය හැකි බවද ඔවුහු සඳහන් කරති.

ඉදිරියෙන් ගමන්ගත් ආරක්ෂක රථයේ පිපිරීමක් සිදුවූ බවද පසුව පැමිණි තුවක්කුකරුවන් විසින් වෙඩිතැබූ බවද හෙළිවී ඇත.

මෙය මෑත කාලයේ සිදුවූ මාරාන්තිකම ප්‍රහාරයක් ලෙස  මාධ්‍ය සඳහන් කර ඇත.

(රොයිටර් පුවත් ඇසුරිණි - 085)