පසුගිය දින කිහිපය තුළ ඇදවැටුණු අධික වැසි හේතුවෙන් බංගලාදේශයේ ගිණිකොණදිග ප්‍රදේශයේ ස්ථාන කිහිපයක් නාය ගොස් 107ක් පමණ මියගොස් ඇතැයි වාර්තා වේ. මියගිය අය අතර යුද භටයන් පස්දෙනකු සිටින බව බලධාරීහු පවසති.
රඟමති දිස්ත්‍රික්කයේ පමණක් 60දෙනකු නායයෑම් වලින් මියගොස් ඇති අතර නිවාස විශාල සංඛ්‍යාවක් විනාශ වී ඇත. විදුලිය බිඳවැටී සන්නිවේදන සම්බන්ධතා ක්‍රියාත්මක නොවීම හේතුවෙන් නිවැරදි තොරතුරු වාර්තා නොවන බවත් අධික වර්ෂාව මැද වුවද බේරාගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කරමින් පවතින බවත් බංගලාදේශ රාජ්‍ය මාධ්‍ය පවසයි.
(බී බී සී පුවත් ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ වගේම අවාසනාවන්ත සිද්ධියක්.... අපේ වගේ රටවල් මීට වඩා අාපදා කළමනාකරණ ගැන කටයුතු කරන්න ඕනේ... මොනවා වුණත් ඉතින් සෙමි-ෆයිනල් ගියානේ. හෙට ඔය ප්‍රශ්න අමතක කරලා දාන්න පුළුවන්...