පිලිපීනයට අයත් ජොලෝ දූපතේදී පිලිපීන හමුදාව සහ අබු සයාෆ් නම් සන්නද්ධ කණ්ඩායම අතර ඇතිවූ ගැටුමකදී එක් හමුදා නිලධාරියෙක් සහ අබු සයාෆ් සාමාජිකයන් අට දෙනකු මිය ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්ථා කරයි.
පිලිපීන පොලීසිය පවසන්නේ අබු සයාෆ් සංවිධානය විසින් රඳවාගෙන සිටි සංචාරකයන් පිරිසක් මුදවා ගැනීමට යෑමේදී ගැටුම් හටගත් බවයි. කප්පම් ගැනීම සඳහා මෙම සංචාරකයින් පසුගිය සැප්තැම්බර් මාසයේ සිට රඳවාගෙන සිටියි.
පිලිපීනයේ සන්නද්ධ කණ්ඩායම් අතරින් කුඩාම කණ්ඩායම අබු සයාෆ් සංවිධානයයි. එහෙත් විචාරකයින් පවසන්නේ මොවුන් පිලිපීනයේ සිටින වඩාත් අන්තවාදී බෙදුම්වාදී සංවිධානය බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd