ප‍්‍රංශ විප්ලවය සිදුවූ 1789 ජුලි 14 වැනිදා එවකට පාලකයා වූ 16වැනි  ලූවී රජු හා පාන් නැත්නම් කේක් කාපන් යැයි 17 වන සියවසේ  ආන්දෝලනාත්මක කථාවක් කළ ඔහුගේ බිරිද වූ මාරි ඇන්තුවානෙට් රජ බිසව අත්අඩංගුවට ගෙන රජ පාලනයෙන් මිදී ප‍්‍රංශ ජනතාව නිදහස් ප‍්‍රංශයක් දිනා ගැනිමේ 224 වැනි සංවත්ස්වරය ජාතික දිනය  ලෙස ජුලි 14 වැනි දින පැරීසියේ පිහිටි ඇවනිව් ෂොම්ස් එලිශේ හි දී ඉතාමත් උත්කර්ශවත් අන්දමින් පැවැත් විණි.

අති විශාල විදේශිකයෝ ප‍්‍රමාණයක් නරඹන මෙවර ජාතික දිනයේදි ප‍්‍රංශ ගුවන් හමුදාවේ ප‍්‍රහාරක යානා 58 ක් ද, හෙලිකොප්ටර් යානා 35 ක් සමග විවිධ රෙජිමේන්තු වලට අයත් 4800ක් ප‍්‍රංශ සොල්දාදුවෝද අතරට ජර්මන් ජාතික සොල්දාදුවෝද එහි ලස්සන දෙගු ණ තෙගුණ කළහ.

 ප‍්‍රංශ ජනාධිපති විසින් ජාතිය අමතා කරන කථාවෙන් පසු පැරිස් නගරයේ විවිධ ස්ථාන සැණකෙළි ස්වරූපයෙන් විවිධ සංස්කෘතික සංදර්ශන පැවැත්විණි. ලෝක ප‍්‍රසිද්ධ අයිෆල් කුළුන අසල මධ්‍යම රාත‍්‍රියේ මල් වෙඩි වරුසා වලින් පසු ලෝකයේ සුන්දරම නගරය නිදි යහනට යන්නේය.