පකිස්ථානයේ කායිපුර් නගරය ආසන්නයේ දී බසයක් හට ලොරියක් ගැටීමෙන් පුද්ගලයන් 50ක් මියගොස් ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි
අනතුරට පත් බසය වයඹ දිග නගරයක් වු ස්වැට් හි සිට වරාය කරච්චි දක්වා ගමන් කරමින් තිබිණි.
කායිපුර් දිස්ත්‍රික් රෝහලේ වෛද්‍ය අධිකාරී ගුලාම් සූම්රෝ මාධ්‍යයට පවසා ඇත්තේ මියගිය පිරිස අතර කාන්තාවන් හා දරුවන් විශාල සංඛ්‍යාවක් සිටින බවයි.
එරට පොලිසිය පවසන්නේ අනතුර වන අවස්ථාවේ බසයේ මගීන් 65 දෙනෙක් සිට ඇති බවයි. උදෑසන මහාමාර්ගය පුරා පැතිර තිබු මිදුම් තත්වයද මෙම අනතුරට එක් හේතුවක් විය හැකි බවද පොලිසිය පෙන්වාදෙයි. වේගයෙන් පැමිණි බසය අනතුරත් සමග පෙරළී ගොස් ඇතැයි ද මාධ්‍ය වාර්තා කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd