පාකිස්ථානයේ බලුකිස්ථාන පළාතේ ප්‍රධාන නගරය වන ක්වෙටාහි සිදුවු බෝම්බ පිපිරීමකින් හත්දෙනකු මියගොස් 23දෙනකු තුවාල ලබා ඇතැයි වාර්තා වේ.
පිපිරීම සිදුව ඇත්තේ පළාත් තානාපති කාර්යාල හා රජයේ ගොඩනැගිලි පවතින අධි ආරක්ෂිත කළාපයක බව පොලිසිය පවසයි. පොලිස් ට්‍රක් රථයක් ඉලක්ක කරගෙන ප්‍රහාරය එල්ල කර ඇති අතර මෙය මරාගෙන මැරෙන ප්‍රහාරයක් විය හැකි බව පොලිසිය විශ්වාස කරයි.
මියගිය අය අතර පොලිසි නිළධාරීන් පස් දෙනකු ද සාමාන්‍ය වැසියන් දෙදෙනකු ද සිටින අතර තුවාල ලැබූ කිහිප දෙනකුගේ තත්ත්වය බරපතල බැවින් මියගිය සංඛ්‍යාව තවත් ඉහලයා හැකිබව පැවසේ.
දේශපාලන හේතුවක් මත බලුකිස්ථාන පළාත් ප්‍රධාන අමාත්‍ය සනවුල්ලා සෙහ්රි සිය තනතුරින් ඉල්ලා අස්වි සුළු වේලාවකට පසු මෙම පිපිරීම සිදුව ඇති නමුත් පිපිරීම සමග එහි සම්බන්දයක් නොමැති බව පොලිසිය පවසයි.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)
2025 දෙසැම්බර් මස 16
81
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
877
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
616
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
පකිස්ථානයේ බෝම්බ පිපිරීමකින් හතක් මියයති