ලොව වයස්ගතම නිවුන් සහෝදරියෝ දෙන්නා  ඔවුන්ගේ 104 වන උපන් දිනය සැමැරුහ. ඔවුන් ස්කොට්ලන්තයේ එව්ලින් සහ එඩිත් වෙති.

විවාහ වී දරුවන්, මිණිපිරියන්, මුණුබුරන් සිටියත් අදත් ඔවුන් ජීවත් වන්නේ එකම නිවසකය. දෙපළගේ අවශ්‍යතා ඔවු නොවුහු විසින් සපුරා ගනීති. රැක බලා ගනිති.

ඔවුන් දෙදෙනාගෙන් මිනිත්තු නවයකින් වැඩිමහල් එඩිත් රෝහල් ගතව සිටියි. ඇයට අවශ්‍ය සියලූ දේ සපයමින් ඇය අසල රැදී සිටින්නේද ඇගේ සහෝදරිය එව්ලින්ය. වෛද්‍යවරුන් පවා මෙම දෙපළගේ සහෝදරත්වය අගය කරති.

පළමු හා දෙවැනි ලෝක යුද්ධ, චිත‍්‍රශිල්පී පිකාසෝ, චාලි චැප්ලින් දෑසින් දුටු ඔවුන් දෙදෙන දෙවැනි එළිසබෙත් රැජිනගේ ඔටුණු පැළඳ වීමේ මංගල්‍යත් දැක ඇත්තේය.