නිරිතදිග චීනය ඊයේ(3) රික්ටර් පරිමාණයේ ඒකක 5.5ක් සටහන් කළ භූකම්පනයකින් කැළැඹී ගිය අතර ඉන් විසිදෙනෙක් තුවාල ලැබූහ.
මෙම භූකම්පනයෙන් චීනයේ යූනාන් පළාතට දැඩි හානි සිදුවූ බව එරට ආපදා කළමනාකරණ අංශ පවසයි. භූකම්පනයෙන් නිවාස 700කට පමණ දැඩි හානි සිදුවූවද ජීවිතහානි කිසිවක් වාර්තා වූයේ නැත. නිරිතදිග චීනය නිරන්තරයෙන් භූකම්පා සිදුවන ප‍්‍රදේශයක් ලෙස සැලකේ. ඉකුත් සැප්තැම්බර් මාසයේදී මෙම ප‍්‍රදේශයේ හටගත් භූකම්පනයකින් 80 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.