මිතුරන් සමග විනෝද වීමට ඇති ඉඩ අහුරාගෙන සිටින බිරිඳගෙන් බේරීමට තමන්ම ‘‘පැහැරගත්‘‘ පුද්ගලයෙක් ඇමරිකාවේ සීටී.
බිරිඳ සමග නිවසේ සිටිනා තුර තමන්ව පැහැරගෙන යනසේ හැසිරෙන්නැයි හෙතෙම තම මිතුරන්ට උපදෙස් දී තිබේ.ඔහුගේ උපදෙස් ප්‍රකාරව දිනක රාති‍්‍රයේ මුහුණු ආවරණය වනසේ වෙස් මුහුණුද බැදගෙන නිවසට පැන ඇති මිතුරන් පිරිස මොහුව ‘‘පැහැරගෙන‘‘ ගොස් ඇත්තේ ඔහුගේ බිරිඳ භීතියෙන් බලා සිටියදීය.
බිරිඳ වහා පොලිසිය අමතා මේ බැව් දැනුම්දුන්නත් පැහැරගත්තවුන් පිළිඹද කිසිදු හෝඩුවාවක් සොයාගැනීමට පොලිසියට නොහැකි වී තිබේ.
දින දෙක කට පසුව යළිත් නිවසට පැමිණි මේ ‘‘පැහැරගනු ලැබූ‘‘ තැනැත්තා බිරිඳට පවසා ඇත්තේ තමන් කෙරෙහි අනුකම්පා කළ සොර මුල තමන් නිදහස් කළ බවයි.
මෙය විශ්වාස කළේ පොලිසිය නම් නොවේ.මෙම පුද්ගලයා ගෙන්වා සිදුකළ ප්‍රශ්න කිරීම් වලදී අවසන ඔහු බිරිඳගෙන් බේරී මිතුරන් සමග විනෝද වීම සදහා තම මිතුරන් ගේද ආධාර ඇතිව ‘‘පැහැරගැනීමක්‘‘ සැළැසුම් කළ බව පිළිගෙන තිබේ.
පොලිසිය නොමග යැවීයැයි චෝදනා ලැබ සිටින ඔහු දැන් සිර බත් කයි.නමුත් ඔහුට නියම දඩුවම ලැබෙන්නේ යළිත් නිවසට ගිය පසු බව පොලිසිය කියති.
COMMENTS
පව් අප්පා මේ මනුස්සයා (ත)
යාළුනේ අපේ ලංකාවේත් අවුරුදු 13 ළමයින්ව පහුගිය දවස්වල පැහැර ගැනීම් සිදු වුණා නේද මේ වගේ වෙන්න බැරිද?(දිල්)
අනේ පව් අසරණය , මටනම් හරිම දුකහිතෙනවා මෙයාට.(දිල්)
චන්දි අලුත්වල ඔයාගේ සිත හරිම ලාමකයි මේ අය දිහා ඔය තරමි ලාමකව බලන්න ඒපා. ඔයාවත් පැහැරගන යන්න පුලුවන්.(නදී)
ලංකාවේ ඔහොම වෙන්නේ නම් ඇමතිවරුන්ගෙන් ගැළවෙන්නලු. (නි)
පව් අප්පා අහිංසකයා (ත)
අපේ අාචාර්යතුමෙකුගෙන් උපදෙස් ගන්න අැති (නි)
මගෙත් ඉන්නවා ඔය වගේ බියගුළු යාලුවෙක්,බිරිදට තියෙන්නේ පුදුම බයක්,දෙදෙනාම වැදගත් පවුල් වල අය.පිරිමියා ඉතා හොද රැකියාවක් කරනවා. ඔහු දුම්වැටි බොන අතර බිරිද මෙයට විරුද්ධයි. පසුව ඔහු දුම්වැටි බී ගෙට එන විට බුලත් විටක් කමින් පැමිණෙනවා. එම නිසා ගද එන්නේ නැහැ. දිනක් ඔහු සහ මිතුරෙක් කඩයට ගොස් සිගරැට් 2ක් ඉල්ලා බුලත් විටක්ද ඉල්ලා ඇත. මේ සිදුවීම වන විට මොහුගේ දුරකථනය වැරදීමකින් බිරිදගේ දුරකථනය හා සම්බන්ධ වී කතා කළ සහ සිදු වූ සියල්ල බිරිද දැනගෙන තිබේ. ඉතුරිය කියන්න ඕනෑ නැහැනේ (නි)
ඉල්ලාගෙන කෑවා නම් දුක විඳපන් පූසෝ (නි)
කසාද බන්දමත් තියන කරදර නේද???(දිල්)
හා හා ... ඉතින් යන්නකෝ ගෙදර (නි)
අනුමානයක් නැහැ, මේකට උපදෙස් දෙන්න ඇත්තේ ලංකාවේ කෙනෙක්. (නි)
මෙයා අපේ ආචාර්යතුමාගේ විදේශ සම්න්ධීකරණ ලේකම් කෙනෙක්ද දන්නේ නැහැ(දිල්)