පසුගිය සතියේදී  තුර්කි ගුවන් හමුදාවට අයත්  ත්‍4 වර්ගයේ  ෆැන්ටම්  ජෙට් ගුවන් යානයක් සිරියානු ගුවන් කලාපයට පිවිසීම නිසා සිරියානු හමුදාව විසින් වෙඩි තබා බිම දැමීමත් සමග සිරියාවේ බෂිර් අල් අසාඞ්ගේ පාලනය පෙරළා දැමීමට මාන බලා සිටින තුර්කිය  ඇතුළු බටහිර රටවලට කදිම අවස්ථාවක් උදා වූවා විය හැක. මෙම ගුවන් යානය කෙටි වේලාවකට සිරියානු ගුවන් කලාපයට පිවිසි බව පිළිගත් අතර තුර්කි විදේශ අමාත්‍යාංශය ගුවන් යානයේ සුන්බුන් සොයාගැනීමට දෙරටම එක්ව මෙහෙයුමක් කිරීමටද සූදානම් බව සඳහන්කොට තිබේ. එහෙත් පසුව දැඩි ස්ථාවරයක් ගත් තුර්කිය ඊට නිසි පිළිතුරු දීමට තම හමුදාව සූදානම් යැයි පැවසුවේය. ඉන් පසු තුර්කිය සාමාජිකත්වය ලබා සිටින  නේටෝ ගිවිසුමේ හතරවැනි වගන්තිය යටතේ එම ගිවිසුමට අයත් රටවල් 28ක රැස්වීමක් කැඳවන ලෙස ඉල්ලීමක් කෙරිණි. එම වගන්තිය අනුව නේටෝ ගිවිසුමේ  ඕනෑම සාමාජික රටකට එල්ල කරන ප‍්‍රහාරයක් අනෙක් සාමාජික රටවලටද එල්ල වූ ප‍්‍රහාරයක් සේ සලකා අදාළ රටට එරෙහිව සන්නද්ධ ප‍්‍රහාර එල්ල කිරීම ඇතුළු අවශ්‍ය  ඕනෑම පියවරක් ගත හැක. ඒ අනුව තුර්කිය ඇතුළු නේටෝ රටවලට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ ආවරණයක් නැතිවම සිරියාවට එරෙහිව හමුදා ක‍්‍රියාමාර්ගයක් ගත හැක. 2003 දී ඉරාකයට ප‍්‍රහාර එල්ල කිරීමට මාසයකට පෙර තුර්කිය මෙම වගන්තිය යටතේම නේටෝ රටවල රැස්වීමක් කැඳවූ බව අමතක නොකළ යුතුය. වසරකට අධික කාලයක් තිස්සේ බෂිර් අල් අසාඞ් ගේ පාලනයට එරෙහිව සන්නද්ධ අරගලයක් ගෙන යන සිරියානු විපක්ෂ කණ්ඩායම්වලට රැුකවරණය සහ පුහුණුව තුර්කිය ලබා දුන්නේ එක්සත් ජනපදයේ හා අරාබි ලීගයේ අනුදැනුම යටතේය. සිරියානු නිදහස් හමුදාව තම විපක්ෂ කණ්ඩායමේ සටන්කරුවන්ට වැටුප් ගෙවීම ඇතුළු වියහිදම් ලබා දෙන්නේ අරාබි ලීගය හරහා සෞදි අරාබියෙනි. ඔවුන්ට අවශ්‍ය අවි අයුධ සී. අයි. ඒ සංවිධානයෙන් සැපයෙන බවට  වාර්තා ඇත. එහෙත් වසරකට අධික කාලයක් තිස්සේ සටන් කළද  සැලකිය යුතු ජයග‍්‍රහණයක් අත්කර ගත නොහැකි වූ නිසා ජනතාව  ආරක්ෂා කිරීමට ඇතිි අයිතිය (Right to Protect) යටතේ ලිබියාවේ මෙන් සන්නද්ධ මෙහෙයුමක් දියත් කිරීමට නේටෝ රටවල් ප‍්‍රමුඛ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ ආවරණය ලබාගත නොහැකි විය. ඊට මූලික හේතුව වූයේ ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය නියෝජිතයන් වන රුසියාව සහ චීනය විරුද්ධ වීමය අලූත්ම තතත්වය යටතේ එවැනි අනුමැතියක් නැතිව ක‍්‍රියාත්මක වීමට හැකියාවක්  නේටෝ රටවලට ලබාගත හැකිය. සෝවියට් සංගමය බිඳ වැටීමෙන් පසු ලොව කුමන රටක හෝ සිදුවන අභ්‍යන්තර ගැටුමක් විසඳීම සඳහා මැදිහත්වීමට එක්සත් ජනපදය ප‍්‍රමුඛ නේටෝ රටවල් විවිධ හේතුන් ඉදිරිපත් කළහ. 1991 දී යුගෝස්ලාවියාව කැබලිවලට වෙන් කිරීමේ මෙහෙයුමේදී නේටෝ හමුදා යුගෝස්ලාවියාවට ගුවන් ප‍්‍රහාර එල්ල කළේ මානුෂික ව්‍යසනයක් වළක්වා ගැනීම සඳහාය. මෙම ගුවන් ප‍්‍රහාරයේදී යුද්ධයට කිිසිසේත් සම්බන්ධයක් නැති ස්ථානවලට මෙන්ම පොදු පහසුකම්ද මානුෂිකවාදී ප‍්‍රහාර එල්ල කෙරිණි. ඉන්පසු ඇෆ්ගනිස්ථානයට නේටෝ හමුදා ප‍්‍රහාර එල්ල වූයේ ඉස්ලාමීය ත‍්‍රස්තවාදීන්ගෙන් ලෝකය මුදවා ගැනීම සඳහාය. සදාම් හුසේන්ගේ පාලනය යටතේ තිබූ ඉරාකය එක්සත් ජනද ගුවන් හමුදාවේ නිත්‍යනුකූල ඉලක්කය වූයේ කලාපයේ සහ ලෝකයේ සාමයට තර්ජනයක් වන සමූහ ඝාතන අවි රැුස්කිරීම නිසාය. ඊනියා අරාබි වසන්තයත් සමග ගඩාෆිගේ පාලනය යටතේ පැවති ලිබියාවට නේටෝ ගුවන් ප‍්‍රහාර එල්ල කළේ මානව අයිතිවාසිකම් සුරැුකීම සඳහාය. සෝමාලියාවට භට හමුදා යවන්නේද මානුෂිකවාදී අරමුණෙනි. ඊට අමතරව පසුගිය වසරේ ආසියා පැසිපික් කලාපයේ රටවල සංචාරයක යෙදුන ඇමරිකානු ජනාධිපති බරක් ඔබාමා කුඩා රටවල් ආරක්ෂා කිරීමට එක්සත් ජනපදයට ඇති අයිතිය හා බැඳීම අවධාරණය කළේ චීනය ඉලක්ක කර ගනිමිනි. ඉරානයේ න්‍යෂ්ටික වැඩපිළවෙළ කලාපයටත් ලෝක සාමයටත් තර්ජනයක් සේ දකින එක්සත් ජනපදය ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථාන විනාශ කිරීමට ගත හැකි  ඕනෑම පියවරකට සූදානම් බව නිතර අවධාරණය කරයි. ඒ සඳහා න්‍යෂ්ටික  අවි යොදා ගැනීමට ඇති ඉඩකඩ බැහැර කරන්නේ නැත. හදිසි ප‍්‍රහාරයක් සඳහා අවශ්‍ය සියලූ හමුදා පර්සියානු බොක්කේ සහ ඊශ‍්‍රායලයේ රඳවා  සිටින අතර ඉරානය දුර්වල කිරීමට සම්බාධක මෙන්ම ස්ටක්ස්නෙට් හා ෆ්ලේම වැනි සයිබර් අවිද යොදා ගන්නා බව රහසක් නොවේ. මෙවැනි වාතාවරණයක් යටතේ එක්සත් ජනපදය ප‍්‍රමුඛ නේටෝ රටවල් හා ඊශ‍්‍රායලය සිරියාවේ අසාඞ් විරෝධීන් ආරක්ෂා කිරීමට හා ඉරානයේ  මෙතෙක් තහවුරු කර නොමැති න්‍යෂ්ටික අවි විනාශ කිරීමට මෙහෙයුමක්  සඳහා සූදානම් වී සිටින්නේ කලක සිටය. ඒ සඳහා දිනයක් හා පෙරමුණක් ප‍්‍රකාශයට පත්වී නොමැති වුවද  ඕනෑම මොහොතක සිදුවිය හැකි සංසිද්ධියකි. එහෙත් එවැනි ප‍්‍රහාරයක ප‍්‍රතිඵලය එක්සත් ජනපදය හා නේටෝ රටවල් අපේක්ෂා කරන ආකාරයට සරල එකක් විය නොහැකිය. එවැනි ප‍්‍රකාරයක් නිසැකවම දීර්ඝ කාලයක් තිස්සේ කෙරෙන යුද්ධයක් බවට පත්විය හැකි බව ඇෆ්ගනිස්ථානයේ හා ඉරාකයේ සිද්ධීන්ගෙන් මනාව පැහැදිලි වේ. මෙවැනි ප‍්‍රහාරයක් තමන් කොටු කිරීමේ පියවරක කුළුගැන්වීමක් ලෙස දකින රුසියාව හා චීනය සිරියාවේ විදෙස් හමුදා මැදිහත්්වීමක් නොසලකා සිටිනු ඇතැයි කිව නොහැක. ඊට එක හේතුවක් වන්නේ මධ්‍යධරණී මුහුදු ආශ‍්‍රිත ප‍්‍රදේශයේ රුසියාව සතු එකම නාවික මධ්‍යස්ථානය සිරියාවේ පිහිටා තිබීමයි. එම මධ්‍යස්ථානය රැුකෙන්නේ අසාඞ් රුකුණහොත්ය. ඉරානය චීනයට මායිම් වන රටක් නිසා එහි ගැටුම්කාරී  තත්ත්වයක් උදාවීම චීනය තමාට ඇති තර්ජනයක් සේ දැකීමද තේරුම් ගත හැකිය.   ඇත්තෙන්ම ලිබියාවේ සිට ඇෆ්ගනිස්ථානය දක්වා රටවල පවතින ගැටුම්කාරී තත්ත්වය බල ශක්ති මූලාශ‍්‍ර සතුකර ගැනීමේ ප‍්‍රයත්නයකි. එය මීට පෙර පැවති ලෝක යුද්ධ දෙකටම පොදු වූ බල ප‍්‍රදේශ අත්කර ගැනීමේ ප‍්‍රයත්නයට වෙනස් නොවේ. එවැනි අර්ථයකින් මහා පරිමාණයේ ජීවිත හා දේපොල විනාශයකට තුඩුදිය හැකි සන්නද්ධ ගැටුම් මාවතක් දැන් විවෘත වී ඇතැයි කිව හැකිය.
සටහන - මහින්ද හත්තක
නේටෝ සංවිධානයේ ලේකම් රස්මුසීන් සිරියාවේ ජනපති බෂිර් අල් අසාඞ් සිරියානු ජනාධිපතිට විරුද්ධ උද්ඝෝෂණයක් තුර්කි අගමැති එර්දොහාන් එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත කොෆී අනන්