IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ජරා වැඩෙන් සල්ලි ගොඩක් හොයලා

ළමා අපයෝජනයන් ඇතුළත් චිත‍්‍රපට හා ඡායාරූප අන්තර්ජාලය පුරා බෙදා හැරියේයැයි කියන අයර්ලන්ත ජාතිකයකු වැඩිදුර ප‍්‍රශ්න කිරීම් සදහා ඇමරිකාවට ගෙන එන බව එෆ්.බී.අයි ආයතනය කියයි.

එදා මෙදා තුර වාර්තා වූ විශාලතම ළමා අපයෝජනයන් ඇතුළත් ඡායාරූප හා වීඩියෝ ගබඩාව මොහු සන්තකයේ තිබී සොයාගෙන ඇතැයි කියැවේ.මෙම අයර්ලන්ත ජාතිකයා කර ඇත්තේ තමන් සන්තකයේ ඇති ඡායාරූප හා වීඩියෝ දර්ශන අන්තර්ජාලය ඔස්සේ විවිධ පුද්ගලයින්ට අලෙවි කිරීම බව එෆ්.බී.අයි ආයතනය කියයි.

එමගින් ඔහු විශාල මුදලක්ද උපයාගෙන ඇති බව සදහන්ය.

මෙම පුද්ගලයා අන්තර්ජාලයේ ගනුදෙනු සිදුකර ඇත්තේ විශේෂ මෘදුකාංගයක් භාවිතයෙන්ය.සාමාන්‍ය අවස්ථාවකදී නම් අන්තර්ජාලය සරන්නෙකු සිටිනා ස්ථානය සොයාගැනීමේ හැකියාව අදාළ අන්තර්ජාල සේවා සපයන ආයතනයට ඇත.

නමුත් මෙම මෘදුකාංගය භාවිතා කරන්නෙකු හට අන්තර්ජාලයේ සියල්ලන්ගෙන් සැගැවී ‘‘අදිසි‘‘ ව සිටිය හැකියි.

මෙසේ අදිසිව සිටියද අන්තර්ජාලයේ එක් වෙබ් අඩවියක සිදුවෙමින් පැවැති සැකකටයුතු ගනුදෙනු නිසාවෙන් ඒ ගැන පරීක්ෂණ කරමින් සිටියදී මෙම පුද්ගලයා සොයා ගැනීමට හැකිව තිබේ.

ළමා අපයෝජන කි‍්‍රයාවලට ආධාර අනුබල දුන්නේයැයි අයර්ලන්ත මහාධිකරණයේ මොහුට එරෙහිව නඩු පවරාද ඇත.

ලොව පිළිලයක් සේ පැතිර යන ළමා අපයෝජනයන් මැඩපැවැත්වීමේ මෙහෙයුමට මෙම පුද්ගලයාගෙන් ලබාගන්නා තොරතුරුද යොදාගැනීමට එෆ්.බී.අයි ආයතනය අපේක්ෂා කරයි.

 



අදහස් (0)

ජරා වැඩෙන් සල්ලි ගොඩක් හොයලා

හේරත් Wednesday, 07 August 2013 05:30 AM

මානසික රෝහල් වහලද? නැත්නම් ඉඩ නැද්ද? (නි)

:       0       0

චන්දු Tuesday, 06 August 2013 08:10 PM

අපිට මිට වඩා ප්‍රශ්න තියෙනවා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 30 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 121 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 925 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site