මෛත්‍රිපාල සිරිසේන ජනපති පදවි ප්‍රාප්තියේ පළමු සංවත්සරය සමරමින් ඔහුටත්, ශ්‍රී ලංකා රජයටත් රටවැසියන්ටත් සෙත් පතා ලන්ඩන් නුවර ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය විසින් සංවිධානය කැරුණූ පින්කමක් ලන්ඩන් බෞද්ධ විහාරයේදී පැවැත්විණි.
මහා බ්‍රිතාන්‍යයේ ප්‍රධාන සංඝ නායක ලන්ඩන් බෞද්ධ විහාරාධිපති බෝගොඩ සීලවිමල නාහිමි ඇතුළු ලන්ඩන් බෞද්ධ විහාරවාසී මහා සංඝ රත්නය, මහකොමසාරිස් කාර්ය මණ්ඩලය සහ සියලු ආගම් නියෝජනය කරමින් ශ්‍රී ලාංකිකයෝ ඒ සඳහා සහභාගී වුහ.
පින්කමේ අරමුණ පැහැදිලිකර දෙමින් සීලවිමල නාහිමියෝ මහා ජයමංගල ගාථාවන්හි සඳහන් පාඨයක් ගෙනහැර දක්වමින් "රාජාභවතු ධම්මිකෝ" යනුවෙන් රාජ්‍ය නායකයා ධාර්මිකව රට පාලනය කළ යුතු බව බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇති බව සිහිපත් කළහ. ශ්‍රී ලංකා ජනාධිපති තුමන්ගේ යහපාලන සංකල්පය අනුව අප මව්බිමේ නිසි කලට වැසි ලැබී, බව භෝග සම්පත් බහුලවී සමෘද්ධිමත් කාලයක් සියලුම දෙනාටම උදා වේවාය යන්න මහා සංඝ රත්නයේ ඒකාන්ත ප්‍රාර්ථනය බව උන්වහන්සේ පැවසුහ.
රටේ ඒකීය භාවය ආරක්ෂා කිරීමත්, සිංහල, දෙමළ, මුස්ලිම් බර්ගර් වැනි අපරටේ ජීවත්වන සියලුම ජන වර්ග අතර සමඟිය වර්ධනය කර සදාකාලික සුහදතාවය ගොඩනැනැගීමත්, රටේ සම්මත නීතිය බලපෑමකින් තොරව සැමදෙනාටම එකසේ ක්‍රියාත්මක වීමත්, සියලු දෙනාටම සැකයෙන් බයෙන් තොරව ජීවත්වීමේ නිදහස ඇතිකිරීමත් අත්‍යාවශ්‍ය වන බව පැවසු උන්වහන්සේ රටේ සමෘද්ධිය වර්ධනය වනවිට ජනතාවගේ ජීවිත සරුවන බවද පැවසුහ.
කලාපිය මෙන්ම බටහිර රටවල් සමඟද සම්බන්ධතා ශක්තිමත් කර ගනිමින් ශ්‍රී ලංකාව දියුණුව කරා ගෙන යාමටත් ධාර්මික යහපාලනය තවදුරටත් පවත්වා ගනිමින් ධර්මිෂ්ට පාලනයක් ගෙනයාමට ජනාධිපති තුමන් ප්‍රමුඛ රජයට හැකිවේවා යැයිද සියලුම දෙනාහට අපල උපද්‍රව මැඩපවත්වා ආරක්ෂාව, සෞභාග්‍යය සහ දියුණුව උදාවීම සඳහා ත්‍රිවිධ රත්නයේ පිළිසරණ නොඅඩුව ලැබේවා යැයිද සීලවිමල නාහිමියෝ ආශීර්වාද කළහ.
" කළගුණ දන්නා සත්පුරුෂයින් හැටියට රත්නත්‍රය සිහිපත්කරමින් සිදුකල බුද්ධ වන්දනාවෙන් සහ පිරිත් දේශනයට සවන් දීමෙන් රැස්කළ සියලු පින් බලයෙන් ජනාධිපතිට ආයුරාරෝග්‍යාදී සම්පත් වර්ධනයවී රටත් ජාතියත් සම්මා සම්බුද්ධ සාශනයත් චිරාත් කාලයක් ආරක්ෂා කරදීමට බලය ශක්තිය ලැබේවා" යැයි කෝන්වැව ආරියරතන හිමියෝ ප්‍රාර්ථනා කළහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ අපේ රටට සෙත් පතන්න (ම)
අපේ රටට පරාක්‍රමබාහු රජුගේ පිහිටයි. (බ)
පින්තුර දාන්නකෝ පිංකමේ සාර්ථකත්වය බලන්න. තානාපති නිලධාරීන් දේශපාලකයින්ට කඩේ යනකොට ඔහොම තමයි. (කෞ)
තෙරුවන් සරණයි! (නි)
දැන් අව්රුද්දකටත් වැඩි වෙන්න ඇවිල්ල තාම මහ කොමසාරිස් වරයෙකු පත් කරලා නැහැ. කුමාර සංගක්කාරට මේ තනතුර භාර ගන්න කියල ප්‍රසිධියේ ම රාජ්‍ය නායකයා ආරාධනාවක් කළත් ඔහු එය භාර ගැනීම නිහතමානීව ප්‍රතික්ෂේප කළා වගේ මතකයක් තියනවා. (කෞ)