බොලීවියාවේ සෙරෝ රිකෝ කන්ද රිදී පතල් ආකරයකි. වසර 500ට පෙර මේ කන්දෙන් ලබාගත් රිදීවලින් ස්පාඤ්ඤ රජවරු පොහොසත් වූහ. වර්තමානයේ විශාල උමංවලින් යුත් මේ කන්ද එහි වැඩකරන මිනිසුන්ට මර උගුලක් වී තිබේ.
ස්පාඤ්ඤ යටත්විජිත සමයේ මේ කන්දෙන් රිදී අවුන්ස කෝටි 200ක් පමණ ලබාගෙන ඇත. මෙතරම් රිදී ප්‍රමාණයක් ලබාගනිද්දී විශාල කම්කරුවන් පිරිසක් සේවය කැර ඇත. දැනට ගණනය කැර ඇති දත්ත අනුව එකළ ලක්ෂ 80ට වැඩි පිරිසක් මේ පතල්වල දිවි පිදූහ.
වර්තමානයේ ද 15,000ක පමණ පිරිසක් මේ කන්දේ ජීවන වෘත්තියේ යෙදෙති. කන්ද අවට පිහිටුවාගෙන ඇති කණවැන්දුම් බිරියන්ගේ සංගමය පවසන්නේ සාමාන්‍යයෙන් මාසයකට 14 දෙනකු කණවැන්දුම් වන බවයි.
පත්ලේ දී සිදුවන අනතුරු මෙන් ම දූවිලි සහිත වාතය ද පත්ලෙන් පිටවන වායූන් ද මේ මරණවලට හේතුවක් වන බව සෞඛ්‍ය අංශ පෙන්වාදෙයි.
පත්ල ආසන්නයේ ජීවත්වන වයස අවුරුදු 14, 15 වයසේ දරුවන් පවා සිය පාසල් ආරම්භවීමට පෙර පැය අටක වැඩමුරයකට පතලේ වැඩකරයි. ළමුන් 145ක් පමණ මෙහි සේවයකරන බව වාර්තා වී ඇත. බොලීවියාවේ අවුරුදු 10ට වැඩි දරුවන්ට පතල් සේවකයන් ලෙස රැකියාව කිරීමේ අවසරය ඇත.





COMMENTS
රුපයෙන් පෙනෙන්නේ හරියට අඟහරු ලෝකෙන් කොටසක් වගෙයි ..? (ස)
මෙතරම් වටිනාකම් සහිත රිදී ලැබෙන්නේ නම් කම්කරුවන් නොමරා,භාර්යාවන් කනවැන්දුම් නොකර,කුඩා ළමුන්ගේ ශ්‍රමය සුරා කන්නේ නැතිව ,නවීන තාක්ෂණය හා රොබෝවරු උපයෝගී කරගන්නා ක්‍රමවේදයක් ගැන සොයන්නේ නැත්තේ ඇයි ? (අ)
ඇයි අනේ එහෙම කරන්න දරන්න වෙන පිරිවැය වැඩි නිසානේ මෙහෙම අහිංසක මිනිස්සුන්ගේ ශ්‍රමය කුණු කොල්ලෙට සුරගෙන කන්නේ....(අ)
මොන තරම් රිදී රත්තරන් තිබුනත් ගහක් කොලක් නොහැදෙන මේ රටේ මිනිස්සු මොනතරම් අවදානම් ජිවිතයක් ගත කරනවා ඇද්ද. අපේ රට වගේ ලස්සන ස්භාවික හරිත තැනක ජිවත් වෙන්න පින ලැබිලත්, මේ ඉන්න බලය අයුතු ලෙස පාවිච්චි කරන "සම හරක්" අපේ හරිත උරුම විනාශ කරනවා බලාගෙන ඉන්න ලැබීම මොන තරම් පවක්ද.(අ)