රාජ්‍ය විනිවිදභාවයට හානි සිදුවන ආකාරයේ දේශපාලන ප්‍රචාරක දැන්වීම් පිළිබඳ නීති උල්ලංඝණය කිරීම හේතුවෙන් ඇමරිකානු අන්තර්ජාල ප්‍රබලයන් වන ගූගල් සහ ෆේස්බුක් ආයතන ඇමෙරිකා ඩොලර් 455,000 මුදලක් ගෙවීමට එකඟ වී ඇති බව වොෂිංටන් ප්‍රාන්තයේ නීතිපති බොබී ෆර්ගියුසන් මහතා පැවසීය.
ඒ අනුව ගූගල් සමාගම ඩොලර් 217,000 ක මුදලක් ද, ෆේස් බුක් සමාගම ඩොලර් 238,000 මුදලක් ද ගෙවීමට සිදු වී ඇත.
ජූනි මාසයේදී ගූගල් සහ ෆේස්බුක් සමාගමට එරෙහිව නඩු දෙකක් ද ගොනු කර ඇති බව ෆර්ගියුසන් මහතා පැවසුවේය.
අන්තර්ජාල ප්‍රබලයන් විසින් සිදුකළ මෙම ගෙවීම වොෂින්ටන් ඉතිහාසයේ විශාලම මූල්‍ය අයකිරීම් දහය අතරට ඇතුළත් වේ.
නඩු විභාගයට ප්‍රතිචාර වශයෙන් ගූගල් ආයතනය විසින් වොෂිංටන් ප්‍රාන්ත හා ප්‍රාදේශීය මැතිවරණවල දේශපාලන දැන්වීම් මිලදී ගැනීම නතර කර ඇත.
(63226)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd