අදින් වසර 10,000 ට පෙර ජීවත් වූ මිනිසා කැලැන්ඩරයක් භාවිතා කළ බවත් වසර 8,000 ට පෙර මානවයන් එය තමන්ගේ අතේ ගෙන යා හැකි කැලැන්ඩරයක් දක්වා වැඩිදියුණු කැර තිබූ බවත් පුරාවිද්‍යාත්මක සොයා ගැනීම් දෙකකින් තහවුරු වී ඇත.
ලොව මෙතෙක් හමුවූ පැරණිත දින දර්ශනය හමුවී ඇත්තේ බ්‍රිතාන්‍යයේ ස්කොට්ලන්තයේ ඇබර්ඩීන්ෂයර් නම් ගෙවි බිමකින්. මේ ගොවිබිම ගුවනේ සිට නිරීක්ෂණය කිරීමේදී අසාමාන්‍ය වළලු කිහිපයක් ඇති බව පෙනී යාමෙන් පසු පුරාවිද්‍යාඥයන්ගේ අවධානය ඒ වෙත යොමු වී තිබේ. පුරාවිද්‍යාඥයන්ගේ සොයා ගැනීම වූයේ ගොවිබිමේ අසාමාන්‍ය ආකාරයෙන් හාරන ලද වළවල් 12 ක්. ඒ පිළිබද පර්යේෂණ කළ විද්වතුන්ගේ මතය වන්නේ මේ වළවල් වලින් චන්ද්‍ර කලා දැක්වෙන බවයි. මේවා උපයෝගී කැර ගනිමින් අතීත මිනිසා මාස ක්‍රමයක් ගැන අවබෝධයකින් පසුවූ බව පර්යේෂකයන් පෙන්වාදෙයි.
බර්මින්හැම් විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යාඥයන් විසින් සිදුකළ මේ පර්යේෂණයේ දී පෙනී ගොස් ඇත්තේ එම වළවල් අදින් වසර 10,000ට පෙර ජීවත් වූ ආහාර රැස්කරන මානවයන් විසින් සිදුකැර ඇති බවයි. එම නිර්මාණ මධ්‍ය ශිලා යුගය හෙවත් මෙසලොතික යුගයට අයත් බව ද පුරාවිද්‍යාඥයෝ කියති.
බර්මින්හැම් විශ්වවිද්‍යාලයේ භූමි දර්ශන පුරාවිද්‍යාව පිළිබද මහාචාර්ය වින්ස් ගැෆිනි මෙසේ පවසයි.
" අපි මේ භූ දර්ශන හදුනාගත්තේ වර්ෂ 2004 දී. 2006 දී අපි ඒ ගැන පර්යේෂණ ආරම්භ කළා. නමුත් විශ්ලේෂණය කැර නිශ්චිතව තීරණය කළ හැකි වූයේ මෑතක දී. මෙයින් පෙනී යන්නේ අදින් වසර 10,000 ට පෙර ස්කොට්ලන්තයේ ජීවත් වූ ආහාර රැස්කරන දඩයක්කාර මානවයන්ට කාලය ගෙවී යන ආකාරය ගැන යම් අවබෝධයක් තිබූ බවයි. ඔවුන්ට එය නිශ්චිතව හදුනාගැනීමේ අවශ්‍යතාවක් ද තිබූ බව මේ සොයා ගැනීමෙන් පැහැදිලි වනවා. "
ලෝකයේ කැලැන්ඩරය භාවිතයට ආවේ අදින් වසර 5000ට පෙර යැයි කලින් තිබූ මතයයි. මේ සොයාගැනීමෙන් එය තවත් වසර 5000 ක අතීතයකට දිව යන්නේ ලෝකයේ පුරාවිද්‍යාත්මක මත පවා අභියෝගයට ලක්කරමිනි.
පැරණි කැලැන්ඩරය සහිත මේ අතීත බිම අයත්ව ඇත්තේ ස්කොට්ලන්තයේ ක්රේතීස් මාළිගය ඇතුළු වතුයාය පාලනය කරන ජාතික පදනමටය.
පුරාවිද්‍යා ආචාර්ය ෂනොන් ෆ්රේසර් මෙසේ කියයි.
'' මෙය ඉතාමත් ම සුවිශේෂී සොයාගැනීමක්. බ්‍රිතාන්‍යයේ මෙවැනි පෞරාණික ස්මාරක ඇත්තේ නැහැ. අපේ කැණීම් වලින් වසර 10,000 ට පෙර ජීවත් වූ මානවයාගේ සංස්කෘතිය, ඔවුන්ගේ දැනීම හා සද වැනි ආකාශ වස්තූන් සම්බන්ධයෙන් ඔවුන් සතුවූ දැනුම හෙළිවෙනවා. "
මේ අතර සර්බියාවේ කරන ලද කැණීමකදී නව ශිලා යුගයට අයත් කුඩා දින දර්ශනයක් හමුවූ බව ද පුරාවිද්‍යාඥයන් පවසයි. ඔවුන්ට අමුතු සළකුණු සහිත වල් ඌරු දළයක් හමුවූ බවත් එය පරීක්ෂා කිරීමේදී චන්ද්‍ර කලා සටහන් වූ දින දර්ශනයක් ලෙස හදුනාගත හැකි වූ බවත් පර්යේෂකයන් කණ්ඩායම පවසා ඇත.
එය අධ්‍යයනය කළ පුරාවිද්‍යාඥයන් පවසන්නේ අදින් වසර 8000 ට පෙර නව ශිලා යුගයේ මානවයා තමන්ගේ වගාබිම්වල බීජ සිටුවිය යුතු කාලය හා අස්වනු නෙලිය යුතු කාලය දැන ගැනීමට මේ වල් ඌරු දළයේ තැබූ සටහන භාවිතා කරන්නට ඇති බවයි. එහි ත්‍රිකෝණාකාර සළකුණු 28ක් දක්නට ඇත. චන්ද්‍ර මාසයකට ඇති දින ගණන 28කි. පුරාවිද්‍යාඥයන් පවසන්නේ මේ සොයා ගැනීම් ද්විත්වය හේතුවෙන් යුරෝපීයයෝ නව ශිලා යුගයේ දී සෘතු වෙනස්විම, දින වකවානු හා මාස ක්‍රම ගැන මනා අවබෝධයකින් පසුවූවා යැයි තහවරු වන බවයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වලවල් 12 තිබුන පලියට කොහොමද කියන්නේ දින දර්ශනයක් කියලා? (ස)
සියලු විනාශ වලට මුල පරණ දින ක්‍රමය ඉවත් කරලා. මේ අලුතෙන් හදා ගනිපු දින දර්ශනය භාවිතා කිරීම.චන්ද්‍ර මාස ක්‍රමය ස්වභාව ධර්මයත් එක්ක සැසදෙන එකම දින දර්ශනය. (ස)
අපිත් තාම කැනීම් කරලා ඉවර නැහැ.නිධන් හොරු වෙනස් කරල නැති නම් ඉදිරියට බලමු. (ස)
මලින්ද, අවුරුදු 6000 කට කලින් දෙවියන් වැඩ උන්නෙ කොහිදැයි කියන්න්. (ස)
බුදු දහමට අනුව සාරාසංඛ්‍ය කල්ප ගණනක් මිනිසුන් මේ ලෝකයේ වාසය කරලා තියනවා. වසර 10000 ක් මොකද්ද ? (ස)
ලොව දින දර්ශන වර්ග කිහිපයක් ඇත. චීන දින දර්ශනය නක්ෂත්‍රය මතත් අරාබි දින දර්ශනය ආගම මතත් පදනම්ව ඇත. (නි)
පිස්සු කතා කරනවා. දෙවියන් වහන්සේ ලෝකේ මැව්වෙත් අවුරුදු 6000 කට කලින්නේ. (ස)
රෂික විතාන හරි.(නදී)