IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


කයිරෝ විරෝධතාකරුවන්ට වෙඩි ප‍්‍රහාරයක්: 11 ක් මරුට

ඊජිප්තුවේ හමුදා පාලනය අවසන් කරන්නැයි බල කරමින්, එරට කයිරෝ අගනුවර තරීර් චතුරස‍්‍රයේ පැවැති විරෝධතා රැලියකට ආයුධ සන්නද්ධ පිරිසක් පෙරේදා (2) වෙඩි තැබීම නිසා  විරෝධතාකරුවන් 11 දෙනකු ජීවිතක්ෂයට පත්වූ අතර සියයකට වැඩි පිරිසක් තුවාල ලැබූහ. විරෝධතාවට දහසකට වැඩි පිරිසක් සහභාගී ව සිටියහ. ආයුධ සන්නද්ධ පිරිස් පැමිණ වෙඩි තබන්න පටන් ගත් අවස්ථාවේදී විරෝධතාකරුවන් සහ එම පිරිස අතර දරුණු ගැටුමක් හට ගැනිණ. කයිරෝ අගනුවර මෙම ගැටුම් හටගත්තේ ලබන 23 සහ 24 වැනිදා ජනාධිපතිවරණයක් පැවැත්වීමට නියමිතව තිබියදීය. එම දිනවල පැවැත්වෙන්නේ ජනපතිවරණයේ පළමු වටයයි. ඊජිප්තුවේ පාලනය, හමුදා පාලක මණ්ඩලයකට පැවැරුණේ ජනපති හොස්නි මුබාරක් බලයෙන් ඉවත් වීමෙන් පසුවය. හමුදා පාලක මණ්ඩලය එම අවස්ථාවේදී කියා සිටියේ කඩිනමින් ජනපතිවරණයක් පවත්වන බවය. එහෙත් එය දිනෙන් දින ප‍්‍රමා ද විය. කෙසේ නමුත් ලබන ජූලි මාසයේදී රටේ පාලන බලය ප‍්‍රජාතන්ත‍්‍රවාදී රජයකට භාර දෙන බව හමුදා පාලක මණ්ඩලය පවසා ඇත. පෙරේදා හටගත් ගැටුම් නිසා ඊට බාධාවක් එල්ල වීමේ අවදානමක් ඇතැයි ඊජිප්තු දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති. ගැටුම් නිසා ජනපතිවරණයට ඉදිරිපත් වීමට නියමිත ඇතැම් අපේක්ෂකයන් තම ප‍්‍රචාරක කටයුතු අත්හිටවූ බව ඊයේ (3) වාර්තා විය. තරීර් චතුරස‍්‍රයේ ගැටුම් හට ගත් අවස්ථාවේදී එය නතර කිරීමට හමුදාව මැළි වූ අතර පොලිසිය එම ස්ථානයට පැමිණ ඇත්තේ එදින සවස් වරුවේය. වෙඩිවැදුණු විරෝධතාකරුවකු රෝහලට රැගෙන යමින්...



අදහස් (0)

කයිරෝ විරෝධතාකරුවන්ට වෙඩි ප‍්‍රහාරයක්: 11 ක් මරුට

මහේෂ් Friday, 04 May 2012 08:29 PM

ඕකට තමයි කියන්නේ කැහි ගෑනි දීලා හොටු ගෑනි ගන්නවා කියලා....

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 216 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2081 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1592 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site