IMG-LOGO

2025 සැප්තැම්බර් මස 16 වන අඟහරුවාදා


කමිසයයි සායයි රස්නෙ අඩුකරයි

‘කමිසය හා කලිසම‘ නොව ‘කමිසය හා සාය‘ ඇද සේවයට වාර්තා කරනා දුම්රිය සේවකයන් පිරිසක් ගැන වාර්තා වන්නේ ස්වීඩනයේ ස්ටොක්හොල්ම් නුවරිනි.

මේ දිනවල ස්ටොක්හොල්ම් නුවර පවතිනුයේ උෂ්ණාධික කාලගුණයකි.මේ ගිනි රස්නයේ දිග කලිසම් හා කමිස ඇද සේවයට වාර්තා කළ නොහැකි යැයි මේ සේවක පිරිස සිය බළධාරිීන්ට පවසා ඇත. ඔවුන්ගේ අරමුණ වී තිබුණේ මේ දිනවලට පමණක් දිග කලිසම් වෙනුවට කොට කලිසම් හා කමිස ඇද සේවයට වාර්තා කිරීමට අවසර ලබා ගැනීමයි. එහෙත් කොට කලිසම් කිසිසේත් රාජකාරියට නොගැලපෙන බව පවසා ඇති බළධාරීන් සේවක ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට කටයුතු කර තිබේ.

බළධාරීන්ගේ තීරණයට හිස නමා දිග කලිසම් ඇද සේවයට පැමිණීම වෙනුවට සේවක පිරිස කර ඇත්තේ කාන්තා සාය හා කමිස වලින් සැරසී සේවයට වාර්තා කිරීමයි.පුදුමයකට මෙන් සේවකයන්ගේ මේ නව ‘නිල ඇදුමට‘ බළධාරිීන්ගෙන් විරෝධයක් එල්ල වී නොමැත.

සාය ඇදීමෙන් කලිසම් අදිනවාට වඩා වැඩි පහසුවක් දැනෙන බව සේවක පිරිස පවසයි.කෙසේ වුවත් දුම්රිය මගීන් නම් තමන් දෙස බලන්නේ සැකයෙන් බව ඔවුන් කියයි.

 



අදහස් (0)

කමිසයයි සායයි රස්නෙ අඩුකරයි

ගාමිණී-සිරි Wednesday, 12 June 2013 10:05 PM

ආදරණීය රූපා අක්කේ, යුරෝපීය රටවලට, ආසියාවේ චීනය,කොරියාව,ජපානය,ඔස්ට්‍රේලියාව ,ආදී රටවලට සෘතු 4 ක් තියෙනවා. ඒ කාලෙට උචිත ඇඳුම් ඒ ඇත්තෝ අඳිනවා. නමුත් කාර්යාල සේවකයෝ කවදත් වැදගත් ඇඳුම් අඳින්නේ ග්‍රීෂ්ම කාලයේ අපට නැති උනත්,දුම්රිය,බස්,කාර්යාල වල වායු සමීකරණ ඇති නිසා ජපානයේ නම් අධික උෂ්ණය නිසා "ගෝල්ඩන් වීක් " සතියක්ම නිවාඩු. මේ වකවානුවේ ස්ත්‍රී/පුරුෂ ඇඳුම් ගැන නම් කියලා වැඩක් නැහැ. ලාංකිකිකයෝ හැටියට අපිට තියෙනවා සදා චාරයක්. කොට කලිසමෙන්, කොට සායෙන්,ශ්‍ රිපාදේ, සීගිරි, දඹුලු නගිනවාද? මගුල් ගෙදර ඇඳුමින් , මරණ ගෙදරකට යනවාද ? නයිටියෙන් පාසලට ,පන්සලට ,උසාවියට යනවාද ? මේවා වුර්තීය සමිති ඉල්ලීම් වලට වඩා වස්ත්‍රය තමා තමාගේ ආභරණය ,හා මණින , සදාචාරය! පරණ කතාවක් තියෙනවා ! අඹු ඩය ගහනකොට, කියන්නම් නාන ගණන කියලා.(නදී)

:       0       0

ගාමිණී-සිරි Wednesday, 12 June 2013 03:55 PM

අධික උෂ්ණය, පිරිමි කියලා නිදහසට කාරණා බැහැ. සායක් ඇන්දානම් ,නිල ඇඳුමක් නිසා යට සායක් ද අනිවාර්යයෙන් ඇඳිය යුතුයි .එසේ නැත්නම් බලධාරීනි ,අනුමත කරන්න එපා. සිගරට් එකකින් හෝ සාය පුච්චගත්තා නම් පවුල ගෙන් ගුටිම තමා.(නදී)

:       0       0

චන්දි Wednesday, 12 June 2013 05:05 PM

කොන්ඩෙත් වවල,ගොතල දැම්මා නම් නියමෙට තියෙයි දැන් කොල්ලෝ කරාබුත් දානවනේ නේද ?(නදි)

:       0       0

රූපවතී Wednesday, 12 June 2013 05:16 PM

අපි ගැහැණු කලිසම ඇන්දම , අපිට පන්සලකට ,උසාවියකට ,පාසලකට යන්න බැහැ ඒ ඇදුමින්.අවසර නැහැ.ඒ වගේම සායයි , සාරියයි ඇදන් එන පිරිමින්ටත් , උසාවියටයි ,පන්සලටයි,පාසලටයි යෑම සපුරා තහනම් කළ යුතුයි. අසව් ...!අසව් ....!බලධාරිනි .....!විශේෂයෙන් ,කමල් ,ගාමිණී ,මංජුල ,තුන්දෙනාට (නි)

:       0       0

රුවන් Wednesday, 12 June 2013 05:34 PM

චන්දි, රජ කාලේ පිරිමි තමා කරාබු දැම්මේ. පසුව කාන්තාවන් දාන්න ගත්තහම පිරිමි කරාබු දාන එක අඩුකලා (නි)

:       0       0

සඳරුවන් Wednesday, 12 June 2013 05:54 PM

සමහරු සැහැල්ලුවෙන් ජීවත්වෙන්න කැමතියිනේ. (නි)

:       0       0

කමල් Wednesday, 12 June 2013 03:23 PM

දියව් දියව් සාය දියව්!. දියව් දියව් සාරි දියව්!, ඇයි ගෑණුන්ට විතරද සාය හෝ සාරිය අදින්න පුළුවන්, පුරුෂ අපටත් සම අයිතිවාසිකම් ඕනෑ.(නදී)

:       0       0

මංඡුල Wednesday, 12 June 2013 03:24 PM

සරම පුරුදු කලානම් හරි.(ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්


මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 29168 30


’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18218 35

රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 11445 7

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 710 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 213 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 863 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site