කාබුල්හිදීය (ඒ.එෆ්.පී/රොයිටර්)
ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවර ආසන්නයේ පිහිටි අධ්‍යාපන මධ්‍යස්ථානයකට අද (15) එල්ල වූ ත‍්‍රස්ත ප‍්‍රහාරයකින් 48 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.
ජීවිතක්ෂයට පත්වූ බොහෝ දෙනා ශිෂ්‍යයන් යැයි ද වාර්තා විය. ප‍්‍රහාරය එල්ල වී ඇත්තේ ෂියා මුස්ලිම් වැසියන් බහුතරයක් වෙසෙන ප‍්‍රදේශයකට යැයි ද ඇෆ්ගන් වාර්තා සඳහන් කළේය.
ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවරට බටහිර දෙසට වන්නට පිහිටි අධ්‍යාපන මධ්‍යස්ථානයකට මෙම ප‍්‍රහාරය එල්ල වූ අතර එයින් සියයකට ආසන්න පිරිසක් තුවාල ලැබූහ.
ජීවිතක්ෂයට පත්වූවන්ගෙන් වැඩි පිරිසක් විශ්ව විද්‍යාල ප‍්‍රවේශය සඳහා අධ්‍යාපනය ලබමින් සිටි සිසුන් පිරිසක් බවත් ශිෂ්‍යයන් මෙන්ම සිසුවියන් ද ඒ අතර වන බව වාර්තා විය.
‘‘මියගිය වැඩි දෙනා පිරිමි දරුවන්’’ යැයි ප‍්‍රහාරය ඇසින් දුටු සයිද් අලි පැවැසීය.
පසුගිය දින කිහිපයේදී සිවිල් වැසියන්, සොල්දාදුවන් හා පොලිස් නිලධාරීන් ඉලක්ක කරගනිමින් ත‍්‍රස්ත ප‍්‍රහාර රැසක් එල්ල වූ අතර එම ප‍්‍රහාරවලින් සියයකට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්වූහ.
055 / 085

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd