බි‍්‍රතාන්‍යයේ ඩෙවොන්හි ඬේරි මේඞ් අවන්හලට ආහාර ගැනීමට යන්නෙකුට ආහාර වලට අමතරව ලැබෙන තවත් දෙයකි වතුර විදිය හැකි පිස්තෝල.
මේ පිස්තෝල ලබාදෙනුයේ වෙනත් අවන්හල් වල ලබාදෙන පරදි ස්මාරක ලෙස නම් නොවේ.ඒවා ලබාදෙනුයේ ඬේරි මේඞ් අවන්හලට හිසරදයක් වී ඇති මුහුදු ලිහිනියන්ට පහර එල්ල කිරීමටය.
අවන්හල් හිමිකරු මාර්ක් රිඩික් පවසන ආකාරයට මුහුද අයිනේ පිහිටීම නිසාවෙන් ඬේරි මේඞ් අවන්හලට නිරන්තරයෙන් මුහුදු ලිහිණියන්ගෙන් කරදර සිදුවේ.
පාරිභොගිකයන්ට පිරිනමන ආහාර මේ මුහුදු ලිහිණියෝ විසින් ‘‘පැහැර ගනිති.‘‘.ඇතැම් අවස්ථා වලදී මේස පුටු පවා පෙරළාගෙන ආහාර පැහැරගැනීමේ යෙදෙන මේ ලිහිණියන් නිසා තමන්ට සිදුවන අලාභය සුළුපටු නොවන බව මාක් පවසයි.
ඉවසිය නොහැකිම දෙය නම් මුහුදු ලිහිණියන් තැන නොතැන නොබලා මළපහ කිරීම බව ඔහු කියයි.කරන්නටම දෙයක් නොමැති තැන සිය සේවකයෙකුගේ අදහසකට අනුව ආහාර පිළිගන්වනු ලබන සෑම පාරිභෝගිකයෙකුටම
වතුර විදිය හැකි පිස්තෝලය බැගින් ලබා දීමටත් මාර්ක් තීරණය කර ඇත.බාධා කිරීමට පැමිණෙන මුහුදු ලිහිනියෙකු වේ නම් ඔවුන්ට ජල ප‍්‍රහාර එල්ල කර පළවා හැරීමට පාරිභෝගිකයන්ට අවස්ථාව ලබා දීම මෙහි අරමුණයි.වතුර පිස්තෝල වලින් එල්ල කෙරෙන ප‍්‍රහාර නිසා මුහුදු ලිහිණියන්ට කිසිදු ආකාරයක හානියක් සිදු නොවන බව
මාර්ක් කියයි.
ඬේරි මේඞ් අවන්හල වෙත පැමිණෙන පාරිභෝගිකයෝද මේ අලූත් වැඩපිළිවෙලට එක පයින් සහයෝගය දක්වති.ඔවුන් වැඩිදෙනා ආහාර ගැනීම පසෙක තබා දැන් කරන්නේ ආක‍්‍රමණකාරී මුහුදු ලිහිණියන්ට ජල ප‍්‍රහාර එල්ල කිරීමයි.
අවට මුහුදෙන් ආහාර ලබාගන්නවාට වඩා ලෙහෙසි මාර්ග වලින් ආහාර අවශ්‍යතාව සපුරා ගැනීමට මේ මුහුදු ලිහිනියන් පුරුදුව සිටී.මිට හේතු වී ඇති කාරණය වනුයේ මුහුදු ලිහිණියන්ට ආහාර සැපැයීමට පුරුදුව සිටිනා ඇතැමුන්ගේ කි‍්‍රයාකලාපයයි.
මෙනිසාම මුහුදු ලිහිණියන්ට ආහාර ලබානොදෙන්න යැයි සදහන් කෙරෙන පුවරුද බළධාරීන් විසින් ඩෙවොන් ප‍්‍රාන්තය පුරාම සවිකිරීමට කටයුතු කර තිබේ.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
කාන්දමක් සමග වතුර පිස්තෝලයක්
සෑම් Friday, 12 July 2013 08:16 PM
අහිංසක, ඔච්චර ආර්ථ්මාර්තකාමී විදියට සිතන්න එපා.... නැතිබැරි කෙනෙකුගේ බඩගින්න ඔයාටත් තේරේවි යම්කිසි දවසක කන්න නැතිව ඔයාටත් බඩගින්නෙ ඉන්න සිද්දවුනොත්... මේ රටේ කාක්කන් වැඩිවීමට හේතුව නිසි අපද්‍රව්‍ය කළමණාකාරනයක් නැතිවීමයි.(අ)
ගාමිණී-සිරි Friday, 12 July 2013 09:42 PM
මුහුදු ලිහිණියාගෙන් මොන තරම් පාඩු වින්දත් එම ව්‍යාපාරිකයා සත්ව ඝාතනයක් නොකිරීම ගැන අගය කලයුතුයි. කුඹුරු වලට ඉසින කෘමි නාශක නිසා ,කොක්කු ,කක්කුට්ටෝ දකින්නවත් නැහැ. කපුටු කුඩුවල බිත්තර රිලව් කන නිසා,කපුටෝ වඳ වෙලා. රබර් වතුවලට වල් නාශක ඉසීමෙන් කූඩැල්ලෙක් ඇත්තෙම නැහැ. කණ වෙයියා මැස්සෝ වද බඳින්නේ විදුලි මීටර් වල. සතුරන්ගෙන් බේරීමට ලේනු දැන් කුඩු බඳින්නේ ගෙවල් වල. ඌරන්ට, අලින්ට හක්ක පටස්. රිලවුන්ට කුරෙටෙර් මිශ්‍ර කෑම දීලා ගස උඩින් බිමටම තමා. ගොවීන්ගෙන් නම් කිසිම අනුකම්පාවක් නැහැ.(නදී)
ඉන්දික Friday, 12 July 2013 09:59 PM
සෑම්, ඔයා දන්න කෙන්ගෙඩිය. මේ රටේ කාක්කන් වැඩිවීමට හේතුව තමයි ඔවුන්ගේ අනාරක්ෂිත ලංගික හැසිරීම.(නදී)
අහිංසක Friday, 12 July 2013 03:59 PM
ලංකාවේ මෝඩ මිනිස්සු කාල ඉතුරුවෙන ඒවා කපුටන්ට හා බල්ලන් බළලුන් ට දැමීමනිසා මේ රට අපායක්වී තිබෙන හැටි කෙතරම් අපුරුද. ඉඳුල් ටික සතුන්ට වීසිකරලා ලැබෙන පින් කන්දරාවෙන් දිව්‍යලෝකේ ගිහින් දිවය භෝජන වළඳලා අමුර්තේ බිව්වහම කාටද ආඩම්බර ? ලංකාවට හෙන ගැහුනහම අපට මොකෝ!(නදී)